වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී අද (05) උදෑසන අත්අඩංගුවට ගත් උතුර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අවවාද කර මුදා හැර තිබෙනවා.
ඒ, පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඔහුට යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
වරෙන්තුවක් මත වැල්වැටිතුරෙයි, අම්මාන් කෝවිල්අඩි ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අද උදෑසනයි.
2018 වසරේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනුයි ඔහුට මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ.
UPDATE:
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාංජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අධිකරණය මගහැර සිටීමේ චෝදනාවක් හේතුවෙන්.