කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදාවේ තවත් සාමාජිකයින් හතරදෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 883 දක්වා ඉහළ ගොස් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදාවේ 904 දෙනා අතරින් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙකු පමණයි.
මේ අතර කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ 112,876ක් මේ වනවිට සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
එලෙස, ඊයේ දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 852ක්.
මේ අතර රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු ඊයේ පිටව යාමත් සමඟ පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,885 දක්වා ඉහළ ගියා.
ඒ අනුව, මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178ක්.