Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
05
"ආරාධනා පිළිගත්ත නම් මම මේ වෙද්දී රංගන ශිල්පිනියක් වෙලා ගොඩක් කල් - එයා එයාගෙ බිස්නස් වැඩ කරගෙන පාඩුවේ ඉන්න කැමති කෙනෙක්.." - නදිනි ප්‍රේමදාස - Photos

- "ආරාධනා පිළිගත්ත නම් මම මේ වෙද්දී රංගන ශිල්පිනියක් වෙලා ගොඩක් කල් - එයා එයාගෙ බිස්නස් වැඩ කරගෙන පාඩුවේ ඉන්න කැමති කෙනෙක්.." - නදිනි ප්‍රේමදාස - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

90 Views
"මම හිතුවේ නැති වගේම හිතාගන්න බැරි විදියට ප්‍රතිචාර ලැබෙනවා.."
 
"පුතා ආර්යන් එක වසරේ ඉගෙනුම ලබනවා. දුව ආර්යානා තවම මොන්ටිසෝරි.."
 
"ඔය හැම දේම කරන අතරේ රැකියාවල නිරතවෙන කාන්තාවෝ ඕන තරම් ඉන්නෙ.."

"සිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා..
සිත එක තැනක තියා.. ගන්නට බෑ වගෙ ඔයා..."

"සපු කුසුමේ සුවඳ කවා.. රකිමි ඔබේ සුසුම පවා..
දෙතොල කරා කොපුල දිගේ.. කඳුළු ඉබේ ගලන තුරා..
ආදරෙයි... ඔබට මං ආදරෙයි..."

ඒ පුරුදු ගී පද ඇහෙනකොටත් ඔබට ඈව මතකයට නැඟෙනවා ඇති.. "නදිනි ප්‍රේමදාස"... ඇය අපූරු විලාසිතා මවන්නියක් විදිහටත් බොහෝ දෙනා දැන අඳුනගන්නවා. කොහොම වුනත් මේ දවස්-වල ඇගේ අලුත්ම ගීතය "සිත උමතු වෙලා.." ගීතයට බොහෝ ප්‍රතිචාර ලැබෙන බව ඇය කියනවා. මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්....

කාලෙකට පස්සෙ නදිනි ගැන ලොකු කතා බහක් ඇතිවෙලා.
අවුරුදු තුනකට පස්සෙ මම අලූත් සිංදුවක් කළා. ඇත්තටම මම හිතුවේ නැති වගේම හිතාගන්න බැරි විදියට ප්‍රතිචාර ඒ ඕඩියෝ-වීඩියෝ දෙකට ලැබෙමින් පවතිනවා. ‘සිත උමතුවෙලා’ නමින් කරපු මේ ගීතය වේග රිද්මයේ රොක් ඇන්ඩ් රෝල් ස්ටයිල් එකට කිරීම තමයි මේ කතාබහට හේතුව.
 
අද ගීතයක් ජනප්‍රිය කරගන්න එක අමාරු දෙයක් නේද?
එහෙම දෙයක් තියෙනවා. කොහොමටත් අපිට ගීත බලෙන් ජනප්‍රිය කරගන්න බෑ. අපි කල්පනා කරල මිහිරි ගීතයක් ගැයුවොත් ඒක ශ්‍රාවකයෝ වැළඳ ගන්න එක නවත්තන්නත් බැහැ.
 
ඉස්සර තරම් දැන් ප්‍රසංග වේදිකාවට ආරාධනා නැහැ කිව්වොත්.
ප්‍රසංග පැවැත්වෙනවනම් ආරාධනා ලැබෙනවා. ඒත් කාලෙක ඉඳල රටේ ඇතිවුණ තත්ත්වය නිසා ප්‍රසංග පැවැත්වෙන්නෙ බොහොම සීමිතවනේ. ඒක ඉතින් ගායක ගායිකාවෝ හැමෝම මුහුණ දෙන තත්ත්වයක්.
 
රූප රචනා නැතුව ගීත ජනප්‍රිය කරගන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා. කොහොමද ඒ තත්ත්වය ඔබ දකින්නේ?
එදා ගුවන් විදුලියෙන් ගායකයෙකුගේ හෝ ගායිකාවකගේ හඬ හරහා තමයි ගීත වැළඳ ගත්තේ. තාක්‍ෂණයේ දියුණුවත් එක්ක අද රූපවාහිනිය වගේම යූටියුබ් කලාව තරුණ පරපුර තදින් වැළඳගෙන සිටීම තමයි මේකට ප්‍රධානම හේතුව. ඔවුන් හැම ගීතයටම විෂුවල් එකක් බලාපොරොත්තු වෙන තත්ත්වයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නේ.
 
ඔබේ අලූත්ම ගීතයේ රූප රචනාව ගැන කතා කළොත්?
ඇත්තටම මේක ඩාන්සින් වීඩියෝ එකක්. මටත් උවමනාව තිබුණා මේ සඳහා පෙනී සිටින්න. නර්ථන ශිල්පී ගයාන් ශ්‍රීමාල්ට මම ඒ කටයුත්ත භාර දුන්නා. ඔහුගේ කණ්ඩායමේ නර්තන ශිල්පීන් හතර දෙනෙක් එක්ක තමයි මම ඒ රංගනයේ යෙදෙන්නෙ.
 
මේ හරහා දන්නෙම නැතුව නදිනිත් රංගන ශිල්පිනියක් වෙලා. ඉදිරියේදී රංගනයට ආරාධනා ලැබුණොත්?
මම ෆීල්ඞ් එකට ඇවිත් අවුරුදු 12 ක් වෙනවා. මේ කාලය ඇතුළත ලැබුණ එවැනි ආරාධනා පිළිගත්තනම් මම මේ වෙද්දී රංගන ශිල්පිනියක් වෙලා ගොඩක් කල්. මගේ හැකියාව තියෙන්නේ ගායනයට නිසා ඒ දේ කරගෙන හිටියම හොඳටම ඇති.
 
ඔබ ගායිකාවක වීම ගැන සැමියා මධුර මොකද කියන්නෙ.
මම ගායිකාවක් වුණාට පස්සෙ තමයි ඔහු මට මුණගැහුණේ. අපි විවාහවෙලා දැන් අවුරුදු 9 ක්. එදා ඉඳල මේ ක්‍ෂේත්‍රයේ හැම දේකටම මට ඔහුගෙන් ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. ඔහු මගේ දක්‍ෂතාව අගේ කරනවා.
 
ඔහුව යුග ගායනයට වගේම රූප රචනාවට එකතු කරගෙන ගීතයක් කරන්න අදහසක් නැද්ද?
කෙරෙන්නෙ නැති දේවල් ගැන අදහසක් තියා ගන්න ඕන නැහැනේ. මධුර එවැනි දේකට තියා පේපර් ආටිකල් එකකට ටීවී ෆෝග්‍රෑම් එකකටවත් එන්නෙ නැති එයාගෙ බිස්නස් වැඩ කරගෙන පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්.
 
බිරිඳක් ගෘහණියක් වගේම දෙදරු මවක්වූ ඔබට කලාවේ නියැලෙන්න වෙලාවක් තියෙනවද?
ඔය හැම දේම කරන අතරේ රැකියාවල නිරතවෙන කාන්තාවෝ ඕන තරම් ඉන්නෙ. මමත් ඒ වගේ. මගේ රැකියාවට කලාව හැම දේම බැලන්ස් එකේ කරගෙන යනව. මගේ අම්ම තාත්ත වගේම මධුරගෙ අම්ම තාත්තා හැම දේකටම අපට උදව් කරනවා.
 
අම්මා සිංදු කියනව දැක්කම දුව පුතා මොකද කියන්නෙ?
පුතා ආර්යන් එක වසරේ ඉගෙනුම ලබනවා. දුව ආර්යානා තවම මොන්ටි සෝරි අධ්‍යාපනය ලබන්නෙ. ඒ දෙන්නටම පුංචි කාලේ ඉඳල මාව ටිවී එකෙන් වගේම ප්‍රසංගවල සිංදු කියනව දැකල ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. විශේෂ දෙයක් කියන්නෙ නෑ. හැබැයි අම්ම සිංදු කියනව කියල දන්නවා.
 
මතු දවසක ඔවුන් කලාවට යොමු වුණොත්?
තවම නම් එහෙම දෙයක් පේන්න නෑ. මගෙත් මහත්තයගෙත් එකම බලාපොරොත්තුව ඔවුන් සමාජයට වැඩදායී දෙදෙනෙක් කිරීම විතරයි. දුවත් පුතත් දක්‍ෂ අංශයකින් ඉදිරියට යවනව. අම්මට කලාවෙ නියැලෙන්න හොඳනම් දරුවන්ට ඒක නරක් වෙන්න බැහැනේ. දක්‍ෂකම් තිබුණොත් ඒ අංශයෙන් ඉදිරියට යවනවා.
 
ඉදිරි සංගීත කටයුතු ගැන කතා කළොත්?
හොඳ පද රචනා තෝරාගෙන ඒවාට මගේ හඬින් උපරිම සාධාරණයක් කරන අතරතුර එකකට එකක් වෙනස් ආකාරයේ ගීත හරහා ආදරණීය ප්‍රේක්‍ෂකයන් පිනවීම තමයි ඒ.
 
ධම්මික හේවාවසම්
උපුටා ගැනීම "දිවයින" පුවත්පතේ "මීවිත" අතිරේකයෙන්...........





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top