Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
05
දින 113කට පසු සිසුන් සඳහා පාසල් හෙට විවෘත වෙන්නේ මෙහෙමයි

- දින 113කට පසු සිසුන් සඳහා පාසල් හෙට විවෘත වෙන්නේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60 Views
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලූ පාසල්, දින 113 කට පසු සිසුන්ට හෙට විවෘත වනවා.
 
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව හෙට දිනයේ පාසල්වලට පැමිණිය යුත්තේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණයි.
 
සෙසු ශ්‍රේණිවල සිසුන් තවත් අදියර කිහිපයක් යටතේ ඉදිරියේදී කැඳවීමට නියමිතයි.
 
පසුගිය සඳුදා පාසල්වලට ගුරුවරුන්, අනධ්‍යයන සේවකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය කැඳවූ අතර කාල සටහන් නිර්මාණය කිරීම, සෞඛ්‍ය උපදෙස්වලට අනුව සිසුන් ක්‍රියාකළ යුතු ආකාරය එහිදී සාකච්ඡාවට ලක්වුණා.
 
එම සතිය වෙන් කර තිබුණේ අදාළ කටයුතු මෙන්ම, විෂබීජහරණය කටයුතු සඳහායි.
 
ඒ අනුව හෙට දිනයේ පැමිණෙන 13 වන ශ්‍රේණියේ සිසුන් උසස් පෙළ විභාගයටත් පෙනී සිටින හෙයින් ඔවුන්ට පාසල් කාලය උදෑසන 7.30 සිට 3.30 දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සඳහන් කළේ.
 
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පාසල් කාලය සුපුරුදු පරිදි උදෑසන 7.30 සිට 1.30 දක්වා ක්‍රියාත්මකයි.
 
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ එම කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි.
 
අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව සෑම ගුරුවරයෙකුම පාසල් ආරම්භ කෙරෙන පෙරවරු 7.30 ටම පැමිණීම අනිවාර්ය නොවන අතර, එම ගුරුවරයාට ඉගැන්වීමට නියමිත විෂය පැවැත්වෙන කාලපරිච්ඡේදයට විනාඩි 30 කට පෙර පාසලට පැමිණීම ප්‍රමාණවත් වනවා.
 
10 සහ 12 ශ්‍රේණි සඳහා තෙවන අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙන්නේ ජුලි මස 20 වනදා සිට වන අතර, හතරවන අදියර යටතේ ජුලි 27 වනදා 3,4,6,7,8 සහ 9 යන ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට නියමිතයි.
 
පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ට පාසල් යළි ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු 10 වනදා සිට බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ.
 
කෙසේ වෙතත්, පාසල් ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් කළද ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ සහ උපදෙස් සම්බන්ධයෙන් බරපතල ගැටලූ ගණනාවක් පැන නැගී ඇති බව ගුරු සංගම් පවසනවා.
 
විශේෂයෙන්ම පාසල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම මෙන්ම, ගුරුවරුන් සේවාව ලබාදිය යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය විවිධ පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් විවිධාකාරයෙන් අනුගමනය කිරීම ගැටලූ සහගත බවයි ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top