Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
05
"මගේ රත්තරන් පුතේ එළිවෙනකම් කොහොම හරි ඉවසගෙන ඉම්මු කියලා, පුංචි දූව පුංචිකමට බඩ බදාගෙන දෙකට නැවිලා එළිවෙනකම් අඬ අඬා හිටියා.." - වල් අලි භීතියෙන් ලෙඩ දරුවා මැරෙනකන්ම, ගහක් උඩ ඉන්න වුණු, දුප්පත් අම්මෙක් ගැන ඇහැට කඳුළක් උනන, හද කම්පා කරවන කතාවක්

- "මගේ රත්තරන් පුතේ එළිවෙනකම් කොහොම හරි ඉවසගෙන ඉම්මු කියලා, පුංචි දූව පුංචිකමට බඩ බදාගෙන දෙකට නැවිලා එළිවෙනකම් අඬ අඬා හිටියා.." - වල් අලි භීතියෙන් ලෙඩ දරුවා මැරෙනකන්ම, ගහක් උඩ ඉන්න වුණු, දුප්පත් අම්මෙක් ගැන ඇහැට කඳුළක් උනන, හද කම්පා කරවන කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,837 Views
"අලි කොච්චර හිටියත් දරුවව කරේ තියාගෙන ඉස්පිරිතාලෙට යන්න මට හිතුණා..."
 
"එයා වෙන ගෑනු කෙනෙක් එක්ක ජීවත්වෙනවා කියලා පස්සෙයි දැනගත්තේ..."
 
"මම විලාප තියලා ඇඬුවා. මගේ අතේ ඉන්දැද්දිමයි දරුවා නැති වෙලා තියෙන්නේ..."
 
තියෙන දෙයක් උයා පිහාගෙන පුංචි පස් හතර දෙනාට හනි හනික කැවූ කුමුදුනී බිං කරුවල වැටෙන්නට පෙර ඔවුන් ගස උඩ ඇති පැලකොටයට නග්ගවා තමාද නැඟ වටපිට බැලුවේ ඒ වන විටත් වල් අලින් ළඟ පාතට පැමිණ ඇද්දැයි සැකහැර දැන ගන්නා රිසියෙනි.
 
වසර කිහිපයක පටන් මෙය. කුමුදුනීලාගේ දින චර්යාවේ කොටසකි. වල් අලින් මෙතරම් දරුණු වූ යුගයක් ඔවුන්ගේ මතකයේ නැත.

සැබැවින්ම, මෙය කුමුදුනීලාට පමණක් උරුම වූ ඉරණමක් නොවේ. සූරියවැව වල්සපුගල, කොස්වගාව පෙදෙසෙහි පවුල් පනහක පමණ ජනතාවක් වල් අලි භීතිය හේතුවෙන් රැය පහන් කරන්නේ ගස් උඩය.
 
පස් දරු මවක වන අෑ ඇතුළු සෙසු ගම්වාසීන් කවුරුත් රැකෙන්නේ ගොවිතැනෙනි. එහෙත් අලි උවදුර එන්න එන්නම දරුණු වී ඇති බැවින් ඔවුනට වගාවක් කර ආදායමක් උපයා ගන්නට බැරිවී ඇත්තේ උන් ගොවිතැන් සුන්නද්දූලි කරන බැවිනි. එබැවින් අද මේ ගම්මුන්ගේ ජීවනෝපාය මාර්ගය ගොවිතැනින් කුලී වැඩට මාරු වී තිබේ.
 
කුමුදුනීලා ඇතුළු බොහෝ ගම්මුන්ගේ අබලන් ගෙවල් මේ වන විට වල් අලින්ගේ හොඬ පහරින් බිම ඇද වැටී ගොසිනි. දහවල් කාලයේ කොතැනක හෝ රැඳී සිටින කිරි සප්පයන් ඇතුළු මේ ගම්මුන් සැන්දෑ වනවිට ගස් උඩ පැල්වලට නැඟ ගන්නේ පණ කෙන්ද රැක ගැනීමේ ආසාවෙනි.
 
කෙතරම් කරදර බාධක පැමිණියද පියකු සිටින ගෙදරකට නම් රැකවරණයක් කියා දෙයක් තිබේ. කුමුදුනීලාට එය ද නැත. ඇගේ සැමියා ඇයත් දරුවනුත් හැර ගොසිනි.
 
"මහත්තයෝ අපි හේන් ගොවිතැන් කරලයි ජීවත් වුණේ. වල් අලි කරදරේ ඉවරයක් නැති හින්දා අපිට ගොවිතැන් කිරිල්ල අතඇරලා දාන්න සිද්ධ වුණා. ජීවත්වෙන්න විදිහක් නැති හින්දා අපේ එක්කෙනා කොළඹ අත් උදව්කාර වැඩකට කොළඹ වැඩපළකට ගියා.." කුමුදුනී කියාගෙන ගියාය.
 
"එයා කොළඹ ගිය මුල් කාලේ වගේ මාසෙකට සැරයක් විතර ගෙදර ආවා. පස්සේ මාස තුන හතරකට සැරයක් තමයි ගෙදර ආවේ. දැන් අවුරුද්දකින් විතර එයා ගෙදර ආවේ නෑ. එයා වෙන ගෑනු කෙනෙක් එක්ක ජීවත්වෙනවා කියලා පස්සෙයි දැනගත්තේ. ඉතින් මොනවා කරන්නද? මම දරුවොත් බලාගෙන පුළුවන් විදිහට ජීවත් වෙනවා. අවුරුදු අටක් තිස්සේ අපි ජීවත් වෙන්නේ මේ ගහ උඩ..."
 
"ඉස්සර නම් අපේ එක්කෙනා හිටිය හින්දා මටයි දරුවන්ටයි බයක් තිබුණේ නෑ. ඒත් අද දරු හතරදෙනා එක්ක මං තනිවෙලා! අම්මේ බඩගිනියි කියනකොට මට උන්ට කන්න දෙන්න විදිහක් නෑ. අපේ මහගෙදර තියෙන්නේ කිලෝමීටර් කිහිපයක් දුරින්. මම එහෙ ගිහින් අම්මගෙන් හාල් මිටක්, එළවළු ටිකක් ඉල්ලගෙන ඇවිත් දරුවන්ට කන්න දෙයක් හදලා දෙනවා. අපි දවසට කන්නේ එක වේලයි. මට දරුවො හින්දා කුලියක් කරගන්නවත් විදිහක් නෑ. දැන් දුවලා තුන්දෙනයි, පුතයි ඉන්නේ. වැඩිමල් පුතාට වයස 12යි. බාල දුවට අවුරුදු තුනයි. මේ දරුවන් ගෙදර තියලා මට කුලියක් හොයාගෙන යන්නත් බයයි. අලි කරදරේ නැති වුණා නම් මට ඉඩමේ මොනවාහරි ටිකක් වගා කර ගන්න හරි තිබුණා..."
 
"හැන්දෑ කොරේ පැලට නැග්ගට පස්සේ මොනම දේකටවත් අපි පහළට නම් බහින්නේ නෑ. මොන දුකක් කරදරයක් වුණත් ගහ උඩට වෙලා ඉවසගෙන ඉන්නවා. අලි කොහොම ඉන්නවද කියලා ඝන කළුවරට පේන්නෙ නෑ.."
 
"මේ පැත්තේ හවස හයෙන් පස්සෙ කවුරුවත් පාරට බහින්නේ නෑ. හොඳට බ්ලොක්ගල්වලින් හදාගත්ත අය ඇරෙන්න අනික් කට්ටිය අපි වගේ ගස් උඩ තමයි රෑ එළිකර ගන්නේ. ලෙඩක් හැදුනත් ඉස්පිරිතාලෙට යා ගන්න විදිහක් නෑ. එළිවෙනකං ඉවසගෙන ඉන්නයි වෙන්නේ..."
 
මීට අවුරුදු හතරකට පෙර කුමුදුනීගේ දුවක් මිය ගොස් ඇත්තේද මේ ගස උඩ පැලේ රැයක් ගත කරද්දීය.
 
"මගේ එක දුවක් 2013.01.13 වැනිදා නැති වුණා. ඒ වෙනකොට එයාගේ වයස අවුරුදු හයයි. එදත් මම වෙනදා වගේම දරුවෝ පස් දෙනාටම කන්න දීලා නිදාගන්න ගහ උඩට නැග්ගෙව්වා. එදත් අපේ එක්කෙනා හිටියෙ නෑ. පාන්දර එකට විතර දරුවා අඬන්න තියා ගත්තා. ඇයි කියලා ඇහුවම “මගේ බඩ රිදෙනවා අම්මේ” කියලා කිව්වා. මන් දරුවගේ බඩ අතගගා හිටියා. අමාරු වෙලා හිටිය දරුවා ආයෙමත් “බඩ රිදෙනවා අම්මේ අඩු නෑ” කියලා අඬන්න තියා ගත්තා..."
 
"මම කිව්වා “මගේ රත්තරන් පුතේ එළිවෙනකම් කොහොම හරි ඉවසගෙන ඉම්මු” කියලා දරුවා පුංචිකමට බඩ බදාගෙන දෙකට නැවිලා එළිවෙනකම් අඬ අඬා හිටියා. අලි කොච්චර හිටියත් දරුවව කරේ තියාගෙන ඉස්පිරිතාලෙට යන්න මට හිතුණා. ඒත් ඒ වෙලාවේ අනිත් දරුවෝ ගහ උඩ තියලා යන්න විදිහක් තිබුණේ නෑ. එදා මම පුදුම විදිහට අසරණ වුණා. දරුවා “මට ඉවසන්න බෑ අම්මේ” කිය කියා ඇඬුවා. මම “තව ටිකයි පුතේ එළිවෙන්ඩ තියෙන්නේ. තව චුට්ටක් ඉවසගෙන ඉන්නකෝ” කිය කියා දරුවා රවට්ටගෙන බඩ අතගගා හිටියා. අනේ දරුවට එහෙමම නින්ද ගියා..."
 
"බිමට එළිය වැටුණම මම දරුවට කතා කෙරුවා. දරුවා නැඟිට්ටෙ නෑ. මම හිතුවේ බඩේ අමාරුවට නින්ද ගිහින් ඇති කියලා. ඉන් පස්සේ මම ත්‍රීවීල් එකකට කතා කරගෙන දරුවව සූරියවැව ඉස්පිරිතාලෙට අරන් ගියා. ‍ෙදාස්තර මහත්තුරු දරුවව සෝදිසි කරලා බලලා කිව්වා “අම්මේ දරුවා නැතිවෙලා!” කියලා. මම විලාප තියලා ඇඬුවා. මගේ අතේ ඉන්දැද්දිමයි දරුවා නැති වෙලා තියෙන්නේ..."
 
කෙසේ වුවද අලුතින් බ්ලොක්ගල් ගෙයක් හදා ගැනීමට ඇගේ මවුපියන් ඇයට උදවු කර ඇත. මේ වන විට ගෙයි බිත්ති බැඳ තිබේ.
 
"වහලේ ගහ ගන්න විදිහක් නැතුව දැන් ඒ ගෙයි වැඩ නැවතිලයි තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට වහලේ ගහ ගන්න උදවු කරන්න. එතකොට මට දරුවො හතර දෙනත් එක්ක අලින්ගෙන් බේරිලා ඒ ගෙට වෙලා ඉන්ඩ පුළුවනි. ඒක ලොකු පින්කමක්.." ඇය කඳුළු පිස දමමින් කීවාය.
 
ඉකුත් දා අප මේ ගම් ප්‍රදේශයේ චාරිකාවක නිරත වූ අවස්ථාවේ ගම්මුන් බොහෝ දෙනකු කියා සිටියේ මෙවැනි කතාවකි.
 
"අපිට සහනාධාර එපා, රස්සාත් එපා. පුළුවන් නම් ගමට අලි කඩාවදින එක නවත්තලා දෙන්න. ඒ හොඳටම ඇති."
 
එතෙක් කුමුදුනීලාට සමෘද්ධි සහනාධාරයක්වත් ලබා දීම කඩිනමින් සිදුවිය යුත්තකි.
 
සටහන සහ සේයාරූ
මත්තල - ඩී.එන්. ජයසේකර
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top