Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
05
"තහනම ගැන දැනගත්තම මම මටම කොහෙත්ම පාලනය කරගන්න බැරි තත්වයකට පත්වුනා. ඒක තමයි මගේ ජීවිතය වෙලා තිබුණේ..." - ඉන්දියාව TikTok තහනම් කරපු ඇත්තම හේතුව චීනයත් එක්ක තියෙන තරහක්ද ? TikTok ජීවිතයම කරගත්තු කෝටි ගණනක ජනතාවට සිද්ධ වුනු දේ - Photos

- "තහනම ගැන දැනගත්තම මම මටම කොහෙත්ම පාලනය කරගන්න බැරි තත්වයකට පත්වුනා. ඒක තමයි මගේ ජීවිතය වෙලා තිබුණේ..." - ඉන්දියාව TikTok තහනම් කරපු ඇත්තම හේතුව චීනයත් එක්ක තියෙන තරහක්ද ? TikTok ජීවිතයම කරගත්තු කෝටි ගණනක ජනතාවට සිද්ධ වුනු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

83 Views
"එය කියන්න බැරි තරම් සිත්ගන්නා සුළුයි. හඬක් නැති මිනිස්සුන්ට 'TikTok' මගින් වේදිකාවක් ලැබුණා.."
 
"විකල්ප ලිංගිකත්වයක් සහිත ජනයාට ඔවුන්ගේ අදහස් නිදහසේ කියන්න වේදිකාවක් ලැබුණා..."
 
"මේ වේදිකාවේ ගොඩාක් හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා."
 
TikTok ඇතුළු චීනයේ නිෂ්පාදන මෘදුකාංග යෙදවුම් (apps) ගණනාවක් ඉන්දියානු ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබීම එම මෘදුකාංග භාවිත කළ කෝටි ගණනක් ජනතාවට බලපා ඇත.
 
ඉන්දියානු ආණ්ඩුව විසින් සිය භූමියෙහි 'TikTok' භාවිතයට දොරටු වසාදමන ලද්දේ එය "ඉන්දියාවේ ඒකාග්‍රතාවට සහ පරමාධිපත්‍යය කෙරෙහි අගතිදායක වන අතරම, එය ඉන්දීය ආරක්‍ෂාව, දේශයේ ආරක්ෂාව සහ නීතිය හා සාමයට හානිකර," යයි කියා සිටිමිනි.

එකතුව ගත්විට ඉන්දීය බලධාරීන් විසින් 'ඇප්ස්' (apps) පනස් නවයක් (59) තහනම් කරනු ලැබ ඇත. එම තහනම් කෙරුණු 'ඇප්ස්' අතරට 'WeChat' ජනප්‍රිය පණිවුඩ හුවමාරු මෙවලමද ඇතුළත් වේ.
 
ඉන්දියාව එවැනි පියවරක් ගන්නා ලද්දේ පසුගියදා චීනයත් සමඟ යළි මතුවූ දේශසීමා ආරවුලත් සමඟය.
 
චීනයේ නිර්මාණ වූ 'ඇප්ස්' 59 ක් තහනම් කරමින් ප්‍රකාශයක් කළ තොරතුරු තාක්ෂණය භාර ඉන්දීය ඇමතිවරයා මෙසේ සඳහන් කර තිබිණි.
 
"එම 'ඇප්ස්' මගින් තොරතුරු සොරකම් කරන බවට සහ කූඨ ආකාරයට ඒවා භාවිත කරන්නන්ගේ තොරතුරු අනවසරයෙන් වෙනත් තැන්වලට යොමුකරන බවට විවිධ පාර්ශ්වවලින් බොහෝ පැමිණිලි ඉදිරිපත්වෙමින් තිබුණා."
 
'TikTok' අඩවියේ මව් සමාගම 'ByteDance' ව්‍යාපාරයයි. එහි මූලස්ථානය චීනයේ 'බේජිං' නගරයේ පිහිටා ඇත. 'TikTok' මෘදුකාංගය භාවිත කරනු ලැබීම ලොව පුරා පැතිරයාමට පෙර එය චීනයේ ජනප්‍රියව පැවතිණි.
 
එම ජනප්‍රියභාවයත් සමඟ එය චීන ආණ්ඩුවට සම්බන්ධ අතර එමගින් සිය ගනුදෙනුකරුවන්ගේ තොරතුරු චීනයට සපයන බවට චෝදනා එල්ලවන්නට විය. එවැනි විවේචන එල්ලකරන ලද්දන් අතරින් ඇමෙරිකා එක්සත් ජනපදය මුල්තැන ගත්තේය. ඇතැම් ඇමෙරිකානු සෙනෙට් සභිකයන් පවා ඔවුන් අතර වූහ. 'TikTok' සමාගම සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කරන ලෙස පවා එම සෙනෙට් සභිකයන් විසින් ඉල්ලීමක් කරනු ලැබ තිබිණි.
 
එහෙත් 'TikTok' ව්‍යාපාරය එම සියලු විවේචන තරයේ ප්‍රතික්ෂේප කරයි.
 
ඉන්දියාව විසින් ටික්ටොක් තහනම් කරනු ලැබීම එය භාවිත කරමින් සිටි කෝටි සංඛ්‍යාත ඉන්දියානු ජනකායකට බලපෑමක් එල්ල කරනු ලැබ ඇත.
 
Young Indian men making a TikTok video in Hyderabad.ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඒ සම්බන්ධයෙන් ලිපියක් සපයන BBC ඉන්දීය වාර්තාකරු සෝතික් බිස්වාස් ඉහත කී තහනම් බලපා ඇති චරිත සමඟ සංවාදයක නිරත විය. 'ගීට්' (Geet) ඔහු මුණගැසුණු ඉන්දියාවේ ජනප්‍රිය කාන්තාවකි. 'TikTok' තහනම නිසා ඇයගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට වැටී ඇත.
 
පසුගිය සඳුදා (ජූනි 29) පටන් ගීට්ගේ 'විද්‍යුත් තැපැල් පෙට්ටිය' (inbox) පණිවුඩවලින් පිරී ඉතිරී යමින් තිබිණි. එම පණිවුඩ යොමුකරන ලද්දේ 'TikTok' තහනම නිසා කුතූහලයට පත්ව සිටි ඉන්දියාව පුරා සිටින ඇගේ පරිශීලකයින්ගෙනි.
 
'ගීට්' BBC ප්‍රචාරය සඳහා දෙන ලද්දේ ඇයගේ පළමු නම පමණි. 'Tik Tok' ඇතුළු චීන මෘදුකාංග ගණනාවක් තහනම් කරනු ලැබීමත් සමඟ තමා තුළ පසුබෑමක් ඇතිවූ බව ගීට් පවසයි. ඊට හේතුව එම මෘදුකාංග රටට හානිකර බව බලධාරීන් පැවසීමය.
 
කලින් නීතිවේදිනියකව සිටි ගීට් දැන් ඉන්දියාවේ 'Tik Tok' තරු අතර එක චරිතයක් පමණි. ඇය තමා විසින් භාවිත කරනු ලබන අන්තර්ජාල මෘදුකාංග තුනක් ඔස්සේ ''ඇමෙරිකානු ඉංග්‍රීසි'' ඉගැන්වීම, තමන් සමඟ සම්බන්ධවී සිටින කෝටියකට අධික ජනකායකට ''ධෛර්යමත් සහ උද්‍යෝගීව ඉදිරිපත්වීම'' (pep talks) සහ සම්බන්ධතා උපදේශනය පිළිබඳව අවබෝධය ලබාදීමෙහි නිරතව සිටින්නීය.
 
ගත වූ වසර ගත්විට 'ගීට්' සෑම දිනකම සිය ගිණුම්වලට වීඩියෝ පහළොවක් ඇතුළත් කළාය. එයින් එක් නිර්මාණයක් සාමාන්‍යයෙන් තත්පර විස්සකි. තම ජංගම දුරකථනය සහ වෘත්තීය කැමරාව යොදා ගනිමින් ඇය එක් දිනකට වීඩියෝ පට 120 ක් දක්වා වූ ප්‍රමාණයක් පටිගත කරන්නීය. සතියේ ඉතිරිකාලය වැය කෙරෙන්නේ පිටපත් ලිවීමට සහ වීඩියෝපට සංස්කරණයටය.
 
'TikTok' ඇතුළු App මෙවලම්වලට බල පැවැත්වෙන තහනම ගැන දැනගත්තම මම මටම කොහෙත්ම පාලනය කරගන්න බැරි තත්වයකට පත්වුනා. ඒක තමයි, මගේ ජීවිතය වෙලා තිබුණේ. ඒක මගේ පූර්ණකාලීන රැකියාව වෙලා තිබුණා." ගීට්' BBC සමග ප්‍රකාශ කළාය.
 
'ගීට්' පමණක් නොව ඇයගේ අනුගාමිකයන් ද ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇත.
 
"මම දැන් කොහොමද ඉංග්‍රීසි ඉගෙනගන්නෙ?" එක් තැනැත්තෙක් ප්‍රශ්න කරයි.
 
"කවුද දැන් මාව දිරිගන්වන්නේ ?" තවත් තැනැත්තෙක් විමසීමක් කළේය.
 
අඩු මිලකට පහසුකම් ලබා ගැනීමට හැකිවීම නිසා අවුරුදු තුනක කාලයක් තුළ කෝටි විස්සක් පමණ තරුණ ජනකායක් 'TikTok' පරිහරණය කරමින් සිටියහ.
 
"එය කියන්න බැරි තරම් සිත්ගන්නා සුළුයි. හඬක් නැති ගොඩාක් මිනිස්සුන්ට 'TikTok' මගින් වේදිකාවක් ලැබුණා. විකල්ප ලිංගිකත්වයක් සහිත ජනයාට ඔවුන්ගේ අදහස් නිදහසේ කියන්න වේදිකාවක් ලැබුණා. කාන්තාවන්ට වටිනාකමක් ලබාගන්න පුළුවන් වුණා. මේ වේදිකාවේ ගොඩාක් හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා." 'TikTok' ඔස්සේ ඉගැන්වීමෙහි නිරතවෙමින් සිටින ගුරුවරයකු මෙන්ම ලේඛකයකු සහ අන්තර්ජාල ක්‍රියාකරුවකු වන අමිත් ෂර්මා පවසයි.
 
උදාහරණයක් වශයෙන් 'ගීට්' ගත්විට ඇය 'TikTok' අඩවියේ ජීවිතයක් ගැන සිහින මවා නොතිබිණි. ඉන්දියාවේ උපත ලද ඇය හැදී වැඩුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටල් (Seattle) හිය. ඉංජිනේරු විද්‍යාව හදාරා ඇති ගීට් එහි නීති සමාගමක රැකියාවක් කර ඇති අතර, අනතුරුව සිය දෙමව්පියන් ද සමඟ දිල්ලි නගරයෙහි පදිංචියට පැමිණ ඇත්තේ සමාජ සේවය සඳහාය.
 
'ගීට්' පසුගිය පෙබරවාරි මාසයේ 'TikTok' ගිණුමක් ආරම්භ කරනතෙක් පැල්පත් නිවාසවල දරුවන් සහ දැඩි අනතුරුදායක අඩියක සිටි යොවුන් දරුවන් වෙනුවෙන් සේවය කළාය.
 
"'TikTok' නිසා මට එක වීඩියෝ පටයකින් විශාල පිරිසක් කරා ලංවෙන්න පුළුවන්.ඔවුන්ට උදව්වෙන්න උත්සාහ දරන්න පුළුවන්'' ගීට් පවසන්නීය.
 
සිය සේවය ලබාගන්නා පුද්ගලයන්ගෙන් අතිබහුතරය බාල, යොවුන් වියේ පසුවෙන්නන් බවත් ඔවුන් බලාපොරොත්තු සහගත පුද්ගලයන් වන බවත් 'ගීට්' සඳහන් කළාය.
 
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය කරන්නේ 'ඇමෙරිකානු ඉංග්‍රීසි' ඉගෙනීම බවත් ගීට් පවසයි. ඇයගේ ජනප්‍රිය නාලිකාවකට එක්වෙන හැට ලක්ෂයකට අධික පිරිසක් හින්දි භාෂාවෙන් උපදෙස් ලබා ගනිමින් 'ඇමෙරිකානු ඉංග්‍රීසි' ඉගෙනීමේ නිරත වෙති.
 
තමා දන්නා බොහෝ දෙනෙකුගේ ජීවිත 'TikTok' උපයෝගී කර ගනිමින් තමා වෙනස් කර ඇතැයි 'ගීට්' වැඩිදුරටත් සඳහන් කළාය.
 
'TikTok' ඇප් මෙවලම තම දිවියේ වෙනසක් ඇති කරන ලද බවක් ගීට් පැවසුවාය. වයස අවුරුදු දහයේ දී අනතුරකින් කොඳු ඇට පෙළට හානිවීම නිසා එතැන් පටන් ඇය ගත කරන්නේ රෝද පුටුවෙහිය.
 
''මෙය කාටත් පොදු වේදිකාවක්. 'TikTok' මෙවලමට විවිධ හැකියාවන් සහිත පුද්ගලයන් ඇතුල්වෙනවා'' ගීට් පවසයි.
 
කොරෝනාවෛරසය නිසා 'ලොක්ඩවුන්' කරනු ලැබීම ගීට් සහ ඇයගේ සේවය ලබාගන්නන්ට උදාකරන ලද්දේ පීඩාකාරී තත්ත්වයකි. 'ලොක්ඩවුන්' කරනු ලැබීමට පෙර ඇය සිය දෙමව්පියන් ද සමඟ පසුගිය මාර්තු මාසයේ 'සියැටල්' හි වෙසෙන සහෝදරයා වෙත ගියාය. එතැන් පටන් ඇය එහි සිට 'TikTok' ඔස්සේ සිය වීඩියෝ පණිවුඩ මගින් සිය අනුගාමිකයන් සමඟ සම්බන්ධ වූවාය.
 
සිය අනුගාමිකයන් සමඟ සබඳතා නොකඩවා පවත්වා ගැනීම සඳහා ගීට් ක්‍රීඩා සහ ප්‍රහේලිකා ආදිය ඇතුළත් වීඩියෝපට සිය ඇප් ගිණුමට එකතු කරමින් සිටියාය.''මෙය දුෂ්කර අවධියක්'' ඇය පවසන්නීය.
 
එහෙත් සඳුදා (ජූනි 29) සවස් කාලය තරමක් දුෂ්කර බවට පත්විය. ගීට් දුක්මුසුව සිටින සිය පරිශීලකයින් අස්වැසීම සඳහා ඇය භාවිත කරනු ලබන නාලිකා ඔස්සේ ඔවුන් සමඟ සම්බන්ධ වූවාය.
 
"කනගාටු වෙන්න එපා. අධෛර්යමත් වෙන්න එපා. බලා ඉඳිමු. අපි හිතනවා මේ ප්‍රශ්නය නිරාකරණය වේවි කියල. අපි නැවත හමුවේවි. බලාපොරොත්තු නැතිකර ගන්න එපා. කිසිම ආකාරයක විනාශකාරී ක්‍රියාවක් කරන්න එපා!," ගීට් දුන් පණිවුඩය එයයි.

(මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම BBC සිංහල)


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top