Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
04
"ඔව්.. ඔහු එක්ක ගැටුමක් ඇතිවුණා, මම ඔහුගේ නිවසින් නික්මුණා. පස්සෙ මම එයාට මැසේජ් කළා.." - අභිරහසක් ඉතිරි කරමින් නික්ම ගිය සුෂාන්ත් ගැන, ඔහුගේ පෙම්වතිය වූ රීහා චක්‍රබෝර්තිගේ ජංගම දුරකථනයෙන් හෙළි වූ රහස් - Photos

- "ඔව්.. ඔහු එක්ක ගැටුමක් ඇතිවුණා, මම ඔහුගේ නිවසින් නික්මුණා. පස්සෙ මම එයාට මැසේජ් කළා.." - අභිරහසක් ඉතිරි කරමින් නික්ම ගිය සුෂාන්ත් ගැන, ඔහුගේ පෙම්වතිය වූ රීහා චක්‍රබෝර්තිගේ ජංගම දුරකථනයෙන් හෙළි වූ රහස් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,666 Views
"පුද්ගලයින් 27 දෙනෙකුගේ කළ ප්‍රශ්න කිරීම්-වලින් හෙළි වූ දේ.."
 
පැරණි පෙම්වතියගේ සොහොයුරාගෙනුත් ප්‍රශ්න කිරීමේ සුදානමක්..?
 
"ඇත්තටම ඔහු දිවි නසා ගත්තේ බොලිවුඩයේ ප්‍රබලයින් නිසාමද?"
 
ජනප්‍රිය බොලිවුඩ් නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ සිය දිවි නසාගැනීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පුද්ගලයන් 27 දෙනකුගෙන් පමණ ප්‍රශ්න කොට ඇත.
 
සුශාන්ත් දිවි ගෙවූ හා ඔහු සිය දිවි නසාගත් මහල් නිවෙස අයත් බන්ඩ්‍රා පොලිස් ස්ථානයෙන් සුශාන්ත්ගේ මරණයට අදාළව සිදුකෙරෙන පරීක්ෂණවල නවතම ප්‍රවෘත්ති අනුව සුශාන්ත්ගේ පැරැණි පෙම්වතිය වූ රීහා චක්‍රබෝර්ති (Rhea Chakraborty)ගේ සොහොයුරාගෙන්ද ප්‍රශ්න කිරීමට පොලිසිය සැරසෙයි.

රිහා චක්‍රබෝර්තිගේ සොහොයුරා වන ෂොවික් චක්‍රබෝර්ති හා සුශාන්ත් Vividrage Rheakutyx නම් කෘත්‍රිම බුද්ධි සමාගමක ව්‍යාපාරික කොටස්කරුවෝ වෙති. මෙකී සමාගම 2019දී සුශාන්ත් රීහා සමඟ ඒකාබද්ධව ඇරඹූ සමාගමකි. වාර්තා වන අන්දමට මෙකී සමාගම සඳහා තනිකරම මුදල් ආයෝජනය කොට ඇත්තේ සුශාන්ත්ය. නමුත් රීහා පොලිසියට ලබාදුන් කටඋත්තරයේදී මේ බව ප්‍රකාශ කොට නැත.
 
පසුව සිය සොහොයුරා මෙම සමාගමේ කොටස්කරුවකු කරගන්නා ලෙසට රීහා සුශාන්ත්ට බලපෑම් කළ බවටද චෝදනා එල්ල වේ.
 
සුශාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා රීහා චක්‍රබෝර්තිව මුම්බායි පොලිසිය මඟින් පැය නවයක් තිස්සේ දිගටම ප්‍රශ්න කළ බව Times of India පුවත්පත වාර්තා කර තිබිණි. එහිදී තමා සුශාන්ත් සමඟ දිවි ගෙවූ බවත් ලබන නොවැම්බරයේදී විවාහ වීමට සැලසුම් කොට තිබූ බවත් රීහා පවසා තිබිණි.
 
රීහා චක්‍රබෝර්තිගේ ජංගම දුරකථනයද පොලිසිය මඟින් දැඩි පරීක්ෂාවට ලක්කර තිබිණි. සුශාන්ත් හා රීහා අතර ආදර සබඳතාව බිඳවැටීම ගැන පොලිසිය ප්‍රශ්න කළ විට මියගිය සුශාන්ත් හා තමා අතර ඇති වූ ගැටුමකින් පසුව තමා හා ඔහු සිටි නිවෙසින් නික්ම ගිය බවද රීහා පිළිගෙන ඇත. එසේ වෙන්ව ගියද දුරකථන ඇමතුම් හා කෙටි පණිවුඩ මඟින් දෙදෙනා අතර සබඳතාව පවත්වාගෙන ගිය බවද රීහා පොලිසියට ප්‍රකාශ කර ඇත. සෑම දිනකම පාගේ නිදා ගැනීමට ප්‍රථම රීහාට කතා කිරීමට සුශාන්ත් පුරුදුව සිටි බවද කියැවේ.
 
බොලිවුඩ් සිනමා පුරයෙන් ඇති වූ පීඩනයක් මත ජනප්‍රිය බොලිවුඩ් නළු සුශාන්ත් සිං රාජ්පුත් සිය දිවි තොර කරගන්නට ඇතැයි තමා සිතන බව ඔහුගේ ඥාති සොහොයුරකු වන නිරාජ් කුමාර් බබ්ලුද පවසා ඇත.
 
නිරාජ් කුමාර් බබ්ලු මෙසේ පවසා ඇත්තේ චිත්‍රපට නිෂ්පාදක සන්දීප් සිං ගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි. කරන් ජොහාර්, එක්ටා කපූර් වැනි චිත්‍රපට නිෂ්පාදකයන් සමඟ සුශාන්ත් සිං හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර සුශාන්ත්ට කිසිදු පීඩනයක් ඔවුන්ගෙන් එල්ල නොවූ බවත්, ඥාති සම්බන්ධතාවල ගොදුරක් බවට සුශාන්ත් පත් නොවූ බවත් සන්දීප් සිං ගේ එකී ප්‍රකාශයේ සඳහන් විය.
 
සන්දීප් සිංගේ එකී ප්‍රකාශයට පිළිතුරු දෙමින් සුශාන්ත්ගේ ඥාති සොහොයුරු නිරාජ් කුමාර් මෙසේ සඳහන් කර ඇත.
 
“අපි සුශාන්ත් වෙනුවෙන් ඉටුවිය යුතු ආගමික වතාවත් සම්පූර්ණ කරමින් සිටිනවා. මේ සිද්ධිය ගැන සලකා බලද්දී බොලිවුඩයේ හැසිරීම් පිළිබඳව සුශාන්ත් සමඟ කතා කරපු ඉහළ චරිත ගැන හිතන්න වෙනවා. එනිසා අපිට හැඟෙනවා ඔහුට බොලිවුඩයෙන් යම් පීඩාකාරී බවක් ඇති වුණා කියලා. මේ ගැන පරීක්ෂණ කළ යුතුයි“.
 
සුශාන්ත්ගේ ඥාති සොහොයුරු නිරාජ් කුමාර් මේ ප්‍රකාශය කර ඇත්තේ ANI ප්‍රවෘත්ති සේවයටය. මේ සම්බන්ධයෙන් සිදු වන පරීක්ෂණවල ප්‍රතිඵලය පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවද නිරාජ් කුමාර් සඳහන් කොට තිබේ.
 
ඉකුත් ජුනි 14දා ජනප්‍රිය නළු සුශාන්ත් සිං රාජ්පුත් මුම්බායි හි පිහිටි සිය මහල් නිවාසයේදී ගෙල වැලලාගෙන මිය ගොස් සිටියේය.
 
රූ කාරියවසම්
"මව්බිම" පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන් උපුටා ගන්නා ලදී...

Sushant Singh Rajput Suicide: Rhea Chakraborty arrives at police ...Sushant Singh Rajput's last pic with rumoured girlfriend Rhea ...Last picture of Sushant Singh Rajput with rumoured girlfriend Rhea ...Kriti Sanon Comments On Her Relationship Status With Sushant Singh ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top