අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය මෙතෙක් ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.
ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හයලක්ෂ 48,000 ඉක්මවනවා.
ඉන්දියාවෙන් කොරෝනා මරණ 18,669ක් ද වාර්තා වුණා. කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු, දිල්ලි සහ ගුජරාට් ප්‍රාන්තයි.