Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
04
"ඇතැම් අය කමෙන්ට්වලින් මට බැනලා තිබුණා - නිවන් දකිනා ජාති දක්වා එකට ඉන්න ලැබුණොත් ඒක ලොකු පිනක්..." - ශාලිකා එදිරිසිංහ - Photos

- "ඇතැම් අය කමෙන්ට්වලින් මට බැනලා තිබුණා - නිවන් දකිනා ජාති දක්වා එකට ඉන්න ලැබුණොත් ඒක ලොකු පිනක්..." - ශාලිකා එදිරිසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,536 Views
"වරක් දෙවරක් නෙවෙයි දෙතුන් වරක්ම හොඳට හිතලා ගන්න ඕන තීරණයක්.."
 
"අපි බලමු නේ “හිඳීවි කොතැනක හෝ හිමි කාරයා ඔබේ නමින්” කියලා කියනවනෙ..."
 
"ඒ තරමටම බැනලායි ලැබෙන්නේ ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර.."
 
ජනප්‍රිය වෙනවා කියන්නේ හරි සරල කාරණාවක්. නමුත් හැකියාවෙන් ජනප්‍රිය වෙනවා කියන්නෙම කතා කළ යුතුම දෙයක්. ඉතින් නව පරපුරේ රංගන ශිල්පිනියක් වන ශාලිකා එදිරිසිංහ කියන්නෙත් එහෙම හැකියාවන් හා දක්ෂතාවයෙන් ජනප්‍රිය වුණු කෙනෙක්.
 
ටෙලි නාට්‍ය, සිනමාව, වේදිකාව හරහා ගොඩනැගුණු ඇගේ රංගන හැකියාවට කොයි කවුරුත් ආදරය කරනවා. මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන "අහස් මාළිඟා" ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවන ඇය ගැනයි මේ...........

මේ දවස්වල වැඩකටයුතු මොනවද කියලා කතාබහ ආරම්භ කරමු.
මේ දවස්වල අහස් මාලිගා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක වැඩකටයුතු තමයි කරන්නේ.
 
සැබෑ ජීවිතෙත් ශාලිකා ආඩම්බරකාර අහංකාර චරිතයක්ද?
ඇත්ත ජීවිතේ ආඩම්බර නැහැ. මේ ටෙලි නාට්‍ය නරඹපු ඇතැම් අය කමෙන්ට්වලින් චරිතෙට බැනලා තිබුණා නපුරු නිසා. සමහර කමෙන්ට් මට බනිනවා වගේ. ඒ තරමටම බැනලායි ලැබෙන්නේ ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර. නමුත් අපි කරන්නෙත් කාගෙ හරි චරිතයක්. මම මට ලැබෙන චරිත මගේ වගේ කරනවා. ඒත් මම ඇත්ත ජීවිතේ හරිම නිරහංකාර, තැන්පත් චරිතයක්.
 
ඔබව දරදඬු නපුරු චරිතවලට කොටු කරනවා කියලා හිතෙන්නෙ නැද්ද?
නැහැ. එහෙම නැහැ. මම මට ලැබෙන චරිතයට සාධාරණය ඉෂ්ට කරනවා. මම කැමැති විවිධත්වයක් තියෙන චරිත කරන්න.
 
ඉදිරියෙදි එන්න තියෙන නිර්මාණ ගැනත් කියමු?
ඉස්සරහට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා. ඉදිරියේදී ඒ වැඩකටයුතුවලටත් සම්බන්ධ වෙනවා.
 
ඉදිරියේදී එන්න තියෙන චිත්‍රපට ගැන මතක් කළොත්?
‘බුද්ධි’, ‘තුන් වරක් තුන’, ‘රාක්ෂා’ මේ වගේ චිත්‍රපට කිහිපයක් එන්න තියෙනවා.
 
වැඩිපුර ආදරේ පුංචි තිරයටද? රිදී තිරයටද?
මම ක්‍ෂේත්‍රයට ආවේ වේදිකාවෙන්. මට ටෙලි නාට්‍ය ලැබුණෙත් චිත්‍රපට ලැබුණෙත් වේදිකාව නිසා. මම වේදිකාවට ආදරෙයි. ටෙලි නාට්‍යයක් ලැබුණත් චිත්‍රපටයක් ලැබුණත් මම ඒ නිර්මාණයට කැපවෙනවා. උපරිම සාධාරණය ඉෂ්ට කරනවා.
 
සම්මානනීය බලාපොරොත්තු ඔබටත් ඇති?
මට ජනතා සම්මානය ඉහළින්ම ලැබෙනවා. අනෙක් සම්මාන ලැබෙන්න තියෙන අවස්ථාවල මඟ හැරිලා තියෙනවා. නමුත් මට ජනතා සම්මානය හොඳින් ලැබෙනවා. බලමු ඒකට සාධාරණය ඉෂ්ට වෙයිද කියලා.
 
ජනප්‍රිය නිළි සම්මානය නැත්නම් ජනප්‍රිය නැද්ද?
ජනප්‍රිය සම්මානය අරන් ගෙදර තියෙන එක නෙවෙයි ජනප්‍රියයි කියන්නෙ. ජනයා අතර ප්‍රිය වෙන්න ඕනෙ. අපි වැඩවලට ගියාම රූගත කිරීම්වලට ගියාම සමාජෙට ගියාම ලැබෙන ප්‍රතිචාරවලින් ප්‍රේක්ෂකයො අපිට කොච්චර ආදරෙයිද කියලා බලන්න පුළුවන්. ජනප්‍රිය නිළි සම්මානය ජනප්‍රිය නැති අයට ලැබුණු අවස්ථාත් තියෙනවා. වඩා වැදගත් වෙන්නේ ජනතා සම්මානය.
 
කොරෝනාත් එක්ක අඩාල වුණු වැඩකටයුතු දැන් නැවත අරඹලාද?
ඔව්. අපි සමාජයට ආදර්ශවත් විය යුතුයි කියන තැන ඉඳලා නීතියට ගරු කරලා රජයට ගරු කරලා සියලුම වැඩ නවත්තලා නිවෙසට වෙලා හිටියා. දැන් රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙලා තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙලා නැති නිසා ඉතාම ආරක්ෂාකාරී අන්දමට වැඩකටයුතු කරගෙන යනවා.
 
විවාහය පස්සට දාලද?
ඉක්මන් කොටයි කියලා කියනවානෙ. ඉතින් විවාහ වෙන්න කැමැත්තක් නැතිව නෙවෙයි. ඒත් විවාහය කියන්නෙ වරක් දෙවරක් නෙවෙයි දෙතුන් වරක්ම හොඳට හිතලා ගන්න ඕන තීරණයක්. ඒ බැඳීමෙ ලොකු වටිනාකමක් තියෙනවා.
 
විවාහයට කලින් අපිට විවිධ සම්බන්ධතා ගොඩනැඟෙනවා. මටත් ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා. නමුත් විවාහයෙන් පස්සෙ ජීවිත කාලෙම ඒ පුද්ගලයා එක්ක ඉන්න ඕනෙ. නිවන් දකිනා ජාති දක්වා එකට ඉන්න ලැබුණොත් ඒක ලොකු පිනක්. එහෙම කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා.
 
ඒ පින්වන්තයා දැන් හිමිවෙලාද ඉන්නෙ?
අපි බලමු නේ “හිඳීවි කොතැනක හෝ හිමි කාරයා ඔබේ නමින්” කියලා කියනවනෙ.
 
ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යමක් කිව්වොත්?
මගේ කලා ජීවිතේට දැන් අවුරුදු 20ක් වෙනවා. පාසල් කාලයේ ඉඳලම මම කලා කටයුතු එක්ක හිටියා. ඉතින් එදා මෙදා තුර මට ආදරය කරපු මගේ ටෙලි නාට්‍ය නරඹපු හැමෝටම මම ආදරෙයි. මේ දවස්වල අහස් මාලිගා ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒවත් එක්ක රැඳිලා ඉන්න. හැමදාමත් ප්‍රේක්ෂකයන්ට ආදරෙයි.

ඉරේෂා කල්හාරි සේනාධීර
(උපුටා ගැනීම, මව්බිම පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන්.)


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top