"එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන් 57,683ක්..."
ප්‍රාන්ත 7කින් වාර්තාගත ලෙස කොරෝනා ආසාදිතයින් හමුවෙයි..
පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මෙහමුද් කුරේෂිට කොරා්නා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය අනාවරණ කරනවා.
ඊයේ සිට සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පාකිස්තාන විදේශ අමාත්‍යවරයා කොරෝනා වෛරසය ආසාදනය වූ එරට රජයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයායි.
එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයෙන් ඊයේ දිනය තුළ දී කොරෝනා ආසාදිතයන් 57,683ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28 ලක්ෂ 90,588ක් ලෙස සටහන් වුණා. ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 32,000කට අධිකයි.
මෙලෙස ඇමරිකාවේ ප්‍රාන්ත 7කින් වාර්තාගත ලෙස කොරෝනා ආසාදිතයන් සහ මරණ ඉහළ යාමත් සමඟ ෆ්ලොරිඩාවේ සුප්‍රකට මයාමි වෙරළාසන්න නගරයේ ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඇමරිකාවේ නිදහස් දිනය අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ඩකෝටා ප්‍රදේශයේ රෂ්මෝ කඳුකරයේ පිහිටා ඇති හිටපු ජනපතිවරුන්ගේ ශෛලමය ස්මාරක අභියස පැවැත්වෙන උත්සවයට ජනපති ට්‍රම්ප් සහභාගි වනු ඇති.
ඒ සඳහා සහභාගි වන පුද්ගලයන්ට සමාජ දුරස්ථභාවය අනිවාර්ය නොවන අතර, අවශ්‍ය නම් පමණක් මුව ආවරණ පැලදිය හැකි බවයි සංවිධායකයන් දැනුම් දී ඇත්තේ.






