Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
04
"දිනපතා කතා නොකරනවා වුනත්, ඔහු හමුවන හැම අවස්ථාවකම විශාල උණුසුමක්, ආදරයක් දැනෙනවා.." - බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන්ට, සිනමා තිරයේදී ආදරණීයම පෙම්වතිය වුනු කාජල් කියූ කතාව - Photos

- "දිනපතා කතා නොකරනවා වුනත්, ඔහු හමුවන හැම අවස්ථාවකම විශාල උණුසුමක්, ආදරයක් දැනෙනවා.." - බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන්ට, සිනමා තිරයේදී ආදරණීයම පෙම්වතිය වුනු කාජල් කියූ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,911 Views
"එවැනි අවස්ථාවලදී කලින් නතර කළ තැන සිට කතාබහ ඉදිරියට යනවා.."
 
"මෙතැනට එන්න ඔහු කළ කැපකිරීම් ඇත්තටම බොහෝ දෙනෙක් දන් නෑ.."
 
"ඔහු ඉතා ත්‍යාගශිලී පුද්ගලයෙක්.. මහත්මයෙක්.."
 
ෂාරුක් ඛාන් සැලකෙන්නේ බොලිවුඩ් සිනමාවේ ආදරණීයම පෙම්වතා ලෙසින් යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
 
පසුගිය දශක කිහිපය තුළ ඔහු අනේක වාරයක් මේ ආකාරයෙන් පරමාදර්ශී පෙම්වතාගේ චරිතය නිරූපණය කර ඇති අතර එහිදී සුපිරි නිළියන් විශාල සංඛ්‍යාවක් ඔහුගේ 'පෙම්වතියන්' බවට පත්ව ඇති බවත් අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ ආකාරයෙන් ඔහුගේ පෙම්වතියන් ලෙස රඟපෑ නිළියන් ෂාරුක් ගැන කියන්නේ මොනවාද?
 
මේක බොහෝ දෙනකු දැනගන්න කැමැති කාරණාවක් වෙන්න පිළිවන්. මේ ඒ ගැන කෙටි සටහනක්.
 
මේ සමහරුන් ෂාරුක් හඳුන්වන්නේ ඉතාම මිත්‍රශීලී කෙනකු හැටියටයි. තවත් සමහරුන් ඔහු ඉතාම ත්‍යාගශීලී කෙනකු හැටියටත් හඳුන්වනවා. ෂාරුක් සමඟ රඟපෑමේදී ලොකු ආරක්‍ෂාවක් දැනෙන බවටත් ඇතැම් නිළියන් සඳහන් කර තිබෙනවා.
 
ෂාරුක්ගේ 'සිනමා පෙම්වතියන්' ලෙස රඟපෑ නිළියන් අතරින් ඔහුට වඩාත්ම ගැළපෙන නිළියක් ලෙස ප්‍රසිද්ධියක් දිනාගත්තේ කාජල් බව කවුරුත් දන්නා කාරණයක්. Dilwale Dulhania Le Jayenge, KuchKuch HotaHai වැනි චිත්‍රපට තුළින් ඔවුන් රසික රසිකාවියන්ගේ සිත් තුළ සදා නොමැකෙන සටහනක් තැබුවා. ෂාරුක් ගැන කතා කරමින් කාජල් පවසන්නේ ඔවුන් අතර දැඩි මිත්‍රත්වයක් පවතින බවයි.
 
දිනපතාම ඔවුන් එකිනෙකා සමඟ කතා නොකළත්, ඔහුගේ නිවෙසේ පැවැත්වෙන සාදවලට නිතර නොගියත්, එකිනෙකා හමුවන සෑම අවස්ථාවකම විශාල උණුසුමක්, විශාල ආදරයක් දැනෙන බවයි ඇය පවසන්නේ. එවැනි අවස්ථාවලදී කලින් නතර කළ තැන සිට කතාබහ ඉදිරියට ඇදෙන බව ඇය සඳහන් කරනවා.
 
ෂාරුක්ගේ දක්‍ෂතා ගැන දැඩි ලෙස අගය කිරීමටත් කාජල් අමතක කරන්නේ නැහැ. ෂාරුක් අද සිටින තැනට පැමිණීමට ඔහු කළ කැපකිරීම් ගැන බොහෝ දෙනකු නොදන්නා බවත් ඇය කියනවා. මෙවැනි තත්ත්වයකට පත්වීමට හුදෙක් වාසනාවට වඩා තව බොහෝ දේ අවශ්‍ය බවත් ඇය පෙන්වා දෙනවා.
 
කත්‍රිනා කායිෆ්ද ෂාරුක් සමඟ චිත්‍රපට කිහිපයක රඟ පෑ නිළියක්. Jab Tak HaiJaan සහ Zero වැනි චිත්‍රපටවල ඔවුන් එකට රඟපෑවා. ඔවුන් දෙදෙනාද ඉතා හොඳින් ගැළපෙන යුවළක් බවට විචාරකයන් මෙන්ම ප්‍රේක්‍ෂකයන්ද එකසේ පිළිගත්තා.
 
කත්‍රිනා වරක් ෂාරුක් ගැන පවසා තිබුණේ ඔහු ඉතා ත්‍යාගශීලී පුද්ගලයකු බවයි. එමෙන්ම ඔහු ආකර්ෂණීය, කරුණාවන්ත කෙනකු බවත් සැබෑ මහත්මයකු බවත් කත්‍රිනා පවසනවා. ෂාරුක් ඔහුගේ රඟපෑම ගැන මෙන්ම ඔහු සමඟ රඟපාන අනෙක් අයගේ රඟපෑම් ගැනද විශාල උනන්දුවක්, සැලකිල්ලක් දක්වන බවයි ඇය තවදුරටත් සඳහන් කරන්නේ. එමෙන්ම ෂාරුක් බොහෝ විෂයයන් ගැන ලොකු දැනුමක්, අවබෝධයක් ඇති කෙනකු හැටියටත් ඇය හඳුන්වා දී තිබුණා.
 
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ බිරිය වන අනුෂ්කා ෂර්මාද ෂාරුක් ගැන බොහොම ඉහළින් කතා කරනවා. ඇයගේ පළමු චිත්‍රපටය වූ Rab Ne Bana Di Jodiහි අනුෂ්කා රඟපෑවේ ෂාරුක් සමඟයි. ඒ වනවිට තමා අත්දැකීම් අඩු නිළියක වුවත් ඔහු කිසිවිටෙක තමාට ඒ බවක් ඇඟවෙන සේ කටයුතු නොකළ බව ඇය පවසනවා.

එමෙන්ම ෂාරුක් තමුන් ගැන පමණක් සිතන නළුවකු නොවන බවත්, නිතරම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන කෙනකු බවත් ඇය සඳහන් කර තිබුණා. ෂාරුක්ගේ විහිළු තහළු කිරීමේ හැකියාව ගැනද අනුෂ්කා විශේෂයෙන් සඳහන් කරනවා. එමෙන්ම ඇයද පවසා තිබුණේ ඔහු මහත්මා ගතිගුණවලින් පිරිපුන් පුද්ගලයකු බවයි. ෂාරුක් නිතරම සුවඳ හමන කෙනකු බවටත් අපූරු කතාවක් ඇය පවසා තිබුණා.
 
ප්‍රේක්‍ෂකයන් උන්මාදයට පත් කළ Dil Toh Pagal Hai වැනි චිත්‍රපටවල ෂාරුක් සමඟ රඟ පෑ මධුරි ඩික්සිත්ද වරක් ෂාරුක් ගැන අදහස් දක්වා තිබුණා. බොලිවුඩයේ සිටින මහත්මා ගති ඇති නළුවන් අතර ෂාරුක් පෙරමුණේම සිටින බව ඇයත් පවසනවා. තමුන් දෙදෙනාම එකිනෙකාට බෙහෙවින් ගරු කරන බවත්, තවමත් තමුන් අතර ඉතා හොඳ සබදතාවක් පවතින බවත් මධුරි සඳහන් කර තිබුණා. ඔහු මුණ ගැසීම නිතරම ඉතා සුන්දර, උණුසුම් අවස්ථාවක් වන බවත් ඇය පවසනවා.
 
Asoka සහ Ra One වැනි චිත්‍රපටවල ෂාරුක්ගේ පෙම්වතිය වූයේ කරීනා කපූර්. ඇයත් ෂාරුක් ගැන මහත් වර්ණනා මුඛයෙන් කතා කරනවා. බොලිවුඩ් සිනමාවේ නළුවන්, සුපිරි නළුවන් කොපමණ සිටියත් ෂාරුක් ඛාන් යනු සුවිශේෂී නළුවකු ලෙසයි ඇය හඳුන්වන්නේ. රංගනයේදී ඔහු පළ කරන ජවය විස්මයජනක බව කරීනා වරක් පවසා තිබූ අතර තමාට ඔහුගේ එම ජවයට ළඟාවීම අසීරු වූ බවත් ඇය පිළිගෙන තිබුණා. ඇය තවත් අපූරු කාරණයක් හෙළිකර තිබුණා. එනම් දවසේ වැඩ අවසන් වූ පසු නිතරම තම සහෝදර නිළිය ඇයගේ මෝටර් රිය වෙත ඇරලවීමට ෂාරුක් පැමිණෙන බවයි.
 
සනත් වික්‍රමගේ
(මව්බිම පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන් උපුටා ගන්නා ලදී.)

Shahrukh Khan and Katrina Kaif Movie List -Shah Rukh Khan and Anushka Sharma bond over ludo on sets of Aanand ...Shah Rukh Khan Makes Fun of Anushka Sharma, Calls Her as Mrs ...Kareena Kapoor Reveals The Real Reason Why She Rejected Shahrukh ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top