Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
04
"වරද්දා ගත් පොලිසිය, වරද මගේ පිටින් දැම්මා.." - ක්‍රිකට් පාවාදීම ගැන මහින්දානන්ද දැන් කියන කතාව - Video

- "වරද්දා ගත් පොලිසිය, වරද මගේ පිටින් දැම්මා.." - ක්‍රිකට් පාවාදීම ගැන මහින්දානන්ද දැන් කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,039 Views
"හරීන්ට එවපු ලිපියක් මගේ අතේ තියනවා.."
 
"මට ලැබුණු තොරතුරු සියල්ල මම දුන්නා. මම කිව්වා මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ.."
 
"මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලෙත් කලේ.."
 
2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුව ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ප්‍රකාශයත් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශන ඒකකය ආරම්භ කළ විමර්ශන කටයුතු ඊයේ (03) නතර කෙරුණා.

ඒ, එවකට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, හිටපු නායක කුමාර් සංගක්කාර, ක්‍රීඩක උපුල් තරංගගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.
 
තවත් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධනගෙන් ද ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැලසුම් කර තිබුණ ද පසුව එය අවලංගු කෙරුණා.
 
එහෙත් මහේල ජයවර්ධන ඊයේ ක්‍රීඩා වැරදි විමර්ශන කමිටුව වෙත පැමිණ ආපසු ගියේ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගැනීම හේතුවෙන්.
 
පසුව විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් 2011 ලෝක කුසලාන අවසන් තරඟය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තවදුරටත් ක්‍රීඩකයන් කැදවීමට අවශ්‍ය නොවන බවයි.
 
කෙසේ නමුත්, ඊයේ රාත්‍රියේ නාවලපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ මෙලෙස පොලීසිය විසින් ඒ පිළිබදව සිදුකරන පරීක්ෂණ නතර කිරීම වැරදිසහගත බවයි.
 
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් ඊයේ පස්වරුවේ සදහන් කළේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් අයි.සී.සී.ය විමසා බැලීමක් සිදුකළ බවයි.
 
එහිදී අයි.සී.සී. දූෂණ මර්දන වැළැක්වීමේ ආචාර ධර්ම පද්ධතියට අනුව පරීක්ෂණයක් සිදුකිරීමට තරම් හෝ සාක්ෂි නොමැති බව අනාවරණ වී ඇති බවයි ඔහු කියා සිටියේ.
 
එසේම, එම කාලය තුළදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ලිපියක් යොමුකර නොමැති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් ප්‍රකාශ කළා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top