Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
03
ලොවක් පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමු වූ, ක්‍රිකට් පිටියම රත් කළ, 2011 තරඟ පාවාදීම ගැන විමර්ශනයේ ආන්දෝලනාත්මක අවසන් ප්‍රතිඵලය මෙන්න - Video

- ලොවක් පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමු වූ, ක්‍රිකට් පිටියම රත් කළ, 2011 තරඟ පාවාදීම ගැන විමර්ශනයේ ආන්දෝලනාත්මක අවසන් ප්‍රතිඵලය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,550 Views
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දුෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂලගෙනුත් නිවේදනයක්..
 
සාක්ෂි විමසීමේදී සහ වාර්ථා සලකා බැලීමේදී තරග පාවාදීමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැහැ...
 
2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පාවාදීමක් සම්බන්ධයෙන් කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අද ප්‍රකාශ කළා.
 
මේ අනුව අදාළ විමර්ශනයද අවසන් කළ බව එම ඒකකය නිවේදනය කළා.

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පාවාදීමක් සිදුව ඇතැයි එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේ පසුගිය මස 18වැනිදා HIRU TV සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන්මින්.
 
මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එවක තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා ඇතුළුව වත්මන් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පවසා සිටියේ කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරමින් චෝදනාවේ ඇත්ත නැත්ත රටට හෙළිකරන ලෙසයි.
 
මෙම පුවත සමග දේශපාන වේදිකාවේ මෙන්ම දෙස් විදෙස් මාධ්‍යවලත් උණුසුම් තේමාවක් බවට පත් වුණා.
 
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබුණේ මෙය එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක තරග පාවාදීමේ අනාවණය බවයි.
 
වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් KDS රුවන්චන්ද්‍ර මහතා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ෂන ඒකකය මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කර වාර්ථාව ලබා දෙන ලෙස පැමිණිලි කළේ මේ අතරතුරයි.
 
ඒ අනුව එම ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාළව පසුගිය මස 24වැනිදා මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා.
 
සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශණ ඒකකයට පැමිණි 2011 ලෝක කුසලාන සමයේ තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා , උපුල් තරංග සහ 2011 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාරද ප්‍රකාශ ලබා දුන්නා.
 
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස 2011 ලෝක කුසලානයේ උප නායකයා ලෙස කටයුතු කළ මහේල ජයවර්ධනට කලින් දැනුම් දී තිබුණත්, ඊයේ රාත්‍රියේ විමර්ශන නිලධාරීන් විසින් ඔහුට දැනුම් දී තිබුණේ වෙනත් දිනයකදී පැමිණ එම ප්‍රකාශය ලබාදෙන ලෙසයි.
 
නමුත් කලින් යොදාගත් පරිදි අද පෙරවරු 9යට පමණ සිය ප්‍රකාශය ලබා දීම සඳහා මහේල පැමිණියත්, ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රීඩා විමර්ශන නිලධාරීන් කටයුතු කළේ නැහැ.
 
විමර්ශන නිලධාරින් මහේලට පවසා වෙනත් දිනයකදී ප්‍රකාශය ලබා ගැනීමට කටයුතු කරන බවයි.
 
ක්‍රිකට් පාවාදීමේ හෙළිදරව්ව ගැන විමර්ශන අරඹා අදට සති දෙකක් ගතවෙද්දී එහි ප්‍රගති වාර්තාව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය විසින්වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබාදුන්නේ මේ අතරතුරයි.
 
එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ සිදුකළ සාක්ෂි විමසීමේදී සහ වාර්ථා සලකා බැලීමේදී තරග පාවාදීමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවයි.
 
මේ අතර, 2011 ලෝක කුසලාන අවසන් තරගය සම්බන්ධයෙන් එල්ලකරන තරග පාවාදීමේ චෝදනා සනාථ කිරීම සඳහා මෙතෙක් කිසිදු සාක්ෂියක් තමන් වෙත ඉදිරිපත්කර නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දුෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top