ඔහු නමින් චන්ඩුක ලෝපේස්ය..
වයස අවුරුදු 27ක් වන වෘත්තීමය ඉංග්‍රීසි ගුරුවරයෙකි.
වසර ගණනාවක් පුරා සමස්ථ ශ්‍රී ලංකාවේම දුවා දරුවන්ගේ ඉංග්‍රීසි දැනුමේ අභිවෘද්ධිය උදෙසා සමාජ ජාලා මාධ්‍යයන් ඔස්සේ නොමිලේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ ගුරුවරු අතලොස්සෙන් එක් ගුරුවරයෙකි.
විවිධ බාධක මැදින් පුරා වසර 6කට ආසන්න ඔහුගේ ආදරය ජුනි මස 27 වන දින ශ්‍රී ලංකා නීතියට අනුව හෙළ සිරිතට විවාහය සිදු වූයේ පහත ඡායාරූප පරිද්දෙනි.
ඉතිං මොකක්ද විශේෂත්වය????
විශේෂත්වය තමයි ඔහු මංගල දිනය වෙනුවෙන් අවුරුදු ගණනක් ඉතුරු කරපු ධනය සියල්ලම පාහේ වෙහෙර විහාරස්ථාන වලට, විවිධ පුණ්‍යක්‍රියාවන් සඳහා පූජා කිරීමයි.
ජුනි 27වන දින සිට ඉදිරි දින ගණනාවක් ඔහු සහ ඔහුගේ බිරිඳත් සමඟ විවිධ අඩුපාඩු ඇති වෙහෙර විහාරස්ථාන සොයා එම මහන්සියෙන් උපයාගත් ඉතුරුකරගත් ධනයෙන් සැදැහැති සිතින් පරිත්‍යාග කිරීමට සූදානම් වෙනවා..
කොළඹ නගරයේ ජීවත් වෙලත් මේ වගේ දේකට සිත යොමු වීම පිළිඹඳව ඔහුගේ දෙමව්පියන්ටද ඇත්තේ පුදුමාකාර සතුටක්. ඒ විතරක් නෙමෙයි ඔහුට ඔහුගේ බිරිඳ ගැන ඇත්තේද ඉමහත් සතුටක් ගෞරවයක්..
කිමද අද කාලේ ගෑණු ළමයෙක් තමන්ගෙ ලස්සනම දවස මේ වගේ දේකට කැප කරනව කියන්නේ අපි කතාවට කියන්න ලේසි වුනාට ඒක ඇත්තටම අමාරු වැඩක් නිසයි.
කොහොමෙන් හරි මේ කරගන්නා වූ කුසල ශක්තියෙන් විවාහ ජීවිතය ඉතා සාර්ථක වන්නත්, තව තවත් දුවා දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්නටත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.