Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
03
පැන්සලෙන්, පින්සලෙන් සිත්තම් කර ළමා මනස සොරකම් කළ සිබිල් වෙත්තසිංහ අත්තම්මා අද දැයෙන් සමු ගනී - Video & Photos

- පැන්සලෙන්, පින්සලෙන් සිත්තම් කර ළමා මනස සොරකම් කළ සිබිල් වෙත්තසිංහ අත්තම්මා අද දැයෙන් සමු ගනී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,980 Views
මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.

මිය යන විට 92 වන වියේ පසුවූ ඇය මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක්ද වනවා.
 

ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, සූත්තර පුංචා, මල්ලිටයි මටයි ආදී ළමා කෘති 200 කට අධික සංඛ්‍යාවක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් රචනා කර තිබෙනවා.

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ උපත ලැබූ ඇය 1956 වසරේදී නිර්මාණය කළ කුඩ හොරා කෘතිය 1986 වසරේදී ජපානයේ පළ වූ හොඳම විදේශීය ළමා කෘතිය ලෙස ද සම්මානයට පාත්‍ර වුණා.

එසේම, ඇය පසුගියදා ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබුවේ දරුවන් සම්බන්ධ කර ගනිමින් ලොව වැඩිම අවසානයන් සහිත කතන්දර පොත රචනා කරමින්.

පසුගිය වසරේ ලෝක ළමා දිනයට සිබිල් වෙත්තසිංහ විසින් වොන්ඩර් ක්‍රිස්ටල් හෙවත් ‘‘පුදුම පළිඟුව’’ නමැති කතාන්දර පොත රචනා කළ ද එහි අවසානයක් නොමැතිව නිකුත් කෙරුණා.

එම පොත මෙරට කුඩා දරුවන් 20,000 කට පමණ යොමුකර තිබූ අතර, ඔවුන් රචනා කළ අවසානයන් ඇතුළත් කර මෙම කතන්දර පොත භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කෙරුණා.

ඒ අනුවයි, එය වැඩිම අවසානයන් සහිත කතන්දර පොත බවට ගිනස් වාර්තා අතරට එක්වුණේ.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ළමා මනස කියවූ නූතන ලේඛිකාවක ලෙස සිබිල් වෙත්තසිංහයන් දෙස් විදෙස් විද්වතුන්ගේ ඇගයීමට ලක්ව තිබුණා.

සිංහල ගැමි පරිසරය සහ ඉන් ලද අත්දැකීම් දරුවන්ගේ ලෝකය විනිවිද දැකීමටත්, ගුරු හරුකම් දීමටත් ඇය සමත් වූ බවයි ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද ඇයගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය දිවියම ළමා ලෝකයේ සතුට වෙනුවෙන් කැපකළ ඇයගේ නිර්මාණ තවත් සුවහස්කල් මෙරට ළමා ලෝකය සුන්දර කරනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top