Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
03
"මට ඉගෙන ගන්නත් බැහැ. මම අද මැරෙනවා. බායි...!" - බලංගොඩම කම්පා කරවමින්, ලිපියක් ලියා තැබූ ඕලෙවල් ලියන්න හිටපු 16 හැවිරිදි සිසුවිය, වස පානය කර දිවි තොර කරගත් හේතුව එළියට එයි

- "මට ඉගෙන ගන්නත් බැහැ. මම අද මැරෙනවා. බායි...!" - බලංගොඩම කම්පා කරවමින්, ලිපියක් ලියා තැබූ ඕලෙවල් ලියන්න හිටපු 16 හැවිරිදි සිසුවිය, වස පානය කර දිවි තොර කරගත් හේතුව එළියට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,572 Views
"දුව ඇඳේ නිදාගෙන හිටියා. ඇඳ අසල වමනය දමා තිබුණා. කටින් පෙන දැම්මා.."
 
"කීපවිටක් අවවාද කළා, එහෙත් පොඩි දේටත් අඬනවා.."
 
"පුතා ටී. වී. එකේ ඇන්ටනා වයරය පවා ගලවා දැමුවා.."
 
''මට ඉගෙන ගන්නත් බැහැ. මම අද මැරෙනවා. බායි...'' යනුවෙන් කෙටි ලිපියක් ලියා තබා මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට ඉදිරිපත් වීමට සිටි සිසුවියක් වස පානය කර මිය යෑමේ සංවේගදායී පුවතක් බළන්ගොඩ බෙල්ලන්කන්ද ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.
 
මෙසේ මියගිය එම්. කේ. තරුණිකා කුමාරි (16) නමැති සිසුවියගේ මරණය පිළිබඳ පරීක්‍ෂණය රත්නපුර මහ රෝහලේදී පවත්වනු ලැබුවා. එහිදී සාක්‍ෂි දුන් මියගිය අයගේ පියා වන එම්. කේ. ධර්මදාස මහතා,

"සිද්ධිය වු දින මමත් බිරිඳත් පුතාත් ත්‍රීවීල් එකෙන් මට බෙහෙත් ගැනීමට පින්නවල රෝහලට ගියා. මෙම දියණිය මෙවර අ.පො.ස. විභාගයට පෙනී සිටින නිසා ගෙදරට වී පාඩම් කරන්න කීවා. මැය ටී. වී. බැලීමට තදින්ම ඇබ්බැහි වී සිටිනවා. කීපවිටක් අවවාද කළා, එහෙත් පොඩි දේටත් අඬනවා. ඒ නිසා වැඩිපුර කරදර කළේ නැහැ. දිනක් පුතා ටී. වී. එකේ ඇන්ටනා වයරය පවා ගලවා දමා පාඩම් කරන්නැයි නංගීට අවවාද කළා. මේ හේතුව නිසා දින දෙකක් කන්නෙ බොන්නෙ නැතිව අඬමින් හිටියා. අපි දහවල් 12.30 ට පමණ ගෙදර එන විට දුව ඇඳේ නිදාගෙන හිටියා. ඇඳ අසල වමනය දමා තිබුණා. වස ගඳ වහනය වෙමින් කටින් පෙන දැම්මා. වහාම බළන්ගොඩ රෝහලටත් පසුව රත්නපුර රෝහලටත් ගෙන ගියා. එහිදී මිය ගියා..."
 
පශ්චාත් මරණ පරීක්‍ෂණය රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය, කේ. පී. පට්ටියවත්තගේ මහතා විසින් සිදුකළා. සාක්‍ෂි මෙහෙයවීම පින්නවල පොලිසියේ පො. සැ. (60507) ජනක මහතා විසින් සිදුකරනු ලැබුවා.
 
රත්නපුර හදිසි මරණ පරීක්‍ෂක යූ. පී. සුගත් ප්‍රේමසිරි මහතා විසින් පරීක්‍ෂණය සිදු කළ අතර දුරදිග කල්පනා නොකර කටයුතු කිරීමෙන් වටිනා ජීවිතයක් අකාලයේ අහිමි වීම කනගාටුවට කරුණක් බව ද මෙය සියදිවි නසා ගැනීමක් බවටද තීන්දුව ප්‍රකාශ කළා.

බළන්ගොඩ - එන්. එච්. පියසේන
දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලදී
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top