Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
03
48 හැවිරිදි සිව් දරු පියෙකු වූ නිහාල්, අවුරුදු 16ක් වයස පුංචි දැරියකට කළ නරුම අපරාධය උසාවියේදී වමාරයි, නොච්චියාගමෙන් ඇහෙන කඳුළු කඩා හැලෙන කතාවක්

- 48 හැවිරිදි සිව් දරු පියෙකු වූ නිහාල්, අවුරුදු 16ක් වයස පුංචි දැරියකට කළ නරුම අපරාධය උසාවියේදී වමාරයි, නොච්චියාගමෙන් ඇහෙන කඳුළු කඩා හැලෙන කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
"නොච්චියාගම අන්දරකැලයදී විත්තිකරු මෙම අපරාධය සිදු කරලා.."
 
"දැරියව අවස්ථා කිහිපයකදීම වරින් වර අපයෝජනය කරලා.."
 
අවුරුදු 16ට අඩු බාල වයස්කාර දැරියක වරින් වර අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා පහක් ලබා සිටි විත්තිකරුවකු එකී අධිචෝදනා පහටම වරද පිළිගැනීමෙන් පසුව වසර තිහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඊයේ (2දා) නියම කළේය.
 
විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ අධිචෝදනා පහෙන් අධිචෝදනා තුනකට වෙන් වෙන් වශයෙන් වසර හත බැගින්ද තවත් අධිචෝදනා දෙකකට පිළිවෙළින් වසර හත සහ වසර දෙක බැගින්ද මෙලෙස බරපතළ වැඩ සහිතව වසර තිහක සිර දඬුවම් නියම කෙරිණි.

ඊට අමතරව පැමිණිලිකාර දැරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.
 
ඊටද අමතරව මුදලින් රුපියල් ‍ෙදාළොස් දහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර දෙකහමාරක සිර දඬුවමකටද යටත් කෙරිණි. නියම කළ තිස් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම එකවර ගෙවී යායුතු බවටද නියෝග කෙරිණි.
 
මෙසේ දඬුවම් නියම වූයේ නොච්චියාගම පහළ වැටියාව ලිපිනයේ එම්. නිහාල් ලක්ෂ්මන් නමැති 48 හැවිරිදි සිවුදරු පියකුටය.
 
2016 වසරේ ජනවාරි මස 1දා සහ 2016 වසරේ ඔක්තෝබර් මස 6 වැනිදා අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් නොච්චියාගම අන්දරකැලයදී විත්තිකරු මෙම අපරාධය කර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 356 වැනි වගන්තිය ප්‍රකාරව අධිචෝදනා පහක් යටතේ වෙන් වෙන් වශයෙන් නඩු දෙකක් අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ පවරා තිබිණි.
 
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර විත්තිකරුට අධිචෝදනා භාර දීමෙන් පසුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණි.
 
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන්ද අල්විස් ගුණතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි සහ ගයාන් සිරිවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.
 
අනුරාධපුර - ආනන්ද කරුණාදාස
උපුටා ගැනුම - මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top