මර්සූක් කියන්නේ වයස අවුරුදු 10ක පුංචි දියණියක්. ඇයගේ මව ජපන් ජාතික කාන්තාවක්. පියා ශ්‍රී ලාංකිකයෙක්. රැකියාව කරන්නේ ජපානයේ. ඇය අධ්‍යාපනය ලබන්නේ මාතලේ ජාත්‍යන්තර පාසලක. ඇය අගමැති මහින්ද රාජපක්ෂට ලිපියක් ලියා තිබෙනවා.එහි සදහන් වන්නේ කොරෝනා අරමුදලට වයසක පුද්ගලයෙක් රුපියල් 5000ක් පරිත්‍යාග කර තිබුණු නිසා ඇයටත් එදිනෙදා වියදමට දෙන ඇය එකතු කරගත් මුදල් එම අරමුදලට පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පවසමිනුයි. ඊට අගමැති මෙලෙසින් පිළිතුරු ලිපියක් ලියා තිබෙනවා.
ආදර මර්සූක් චූටි දුවේ,
ඔබ මා වෙත එවන ලද පුංචි ලිපිය ලැබුණා. එය කියවා අවසන් වන විට මගේ දෑස් කඳුලින් තෙත්ව තිබුණා. ඒ අපේ රටේ අනාගතය භාර ගැනීමට සූදානම් වන්නේ අනෙකාගේ දුකෙහි උණුවන හදවත් ඇති රටට දැයට ආදරය කරන ඔබ වැනි දරුවන් බව දැන ගත් විට දැනුණ සතුට නිසායි
පුංචි මර්සුක් දුවේ, දීර්ඝ කාලයක් පැවති ත්‍රස්ත බිය තුරන් කර කිසිදු බියකින් සැකයකින් තොරව ජීවත් විය හැකි රටක් ඔබට ලබා දෙන්නට අපට හැකි වුණා. ඒ වගේම ලොව බොහෝ රටවලට දරුණු කොරෝනා වසංගතය හමුවේ සිය පුරවැසියන් රැකගත නොහැකි වුවත් අපේ රට වැසියන් ආරක්ෂා කර ගැනීමට අපට හැකි වුණා.
එම සියලු දුෂ්කරතා ජයගෙන රට ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට අපට හැකි වූයේ අවුරුදු 86ක සීයලාගේ සිට ඔබ වැනි පුංචි පුතාලා දක්වා සියලු දෙනා අපට ලබා දුන් යෝධ ශක්තිය නිසායි. ඔබේ ආධාර මුදල පුංචි වුණත් එමගින් අපට තව තවත් ඔබේත් මගේත් මාතෘභූමිය වෙනුවෙන් කැපවන්නට ලබා දෙන ධෛර්ය මිල කරන්න බැහැ. ඒ ගැන දුවට බොහොම ස්තූතියි.
ඉතින් ආදර මර්සූක් දුවේ, ඔබ විසින් එවන ලද මුදලත් කෝවිඩ් අරමුදලට බැර කරන්න මම ජනාධිපති මාමාට යොමු කරන්නම්. ඔබ වැනි රටට ආදරය කරන දරුවන් ගැන මට හරිම ආඩම්බරයි. ඔයා හොඳට ඉගෙන ගෙන රටේ අනාගතය භාරගන්න සූදානම් වෙන්න ඕන...
තෙරුවන් සරණයි!
අගමැති මාමා
මහින්ද රාජපක්ෂ