එදත් අදත් ප්‍රාසංගික වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් වන නිහාල් නෙල්සන්ගේ ජිවිත වේදිකාවට ගොඩ වූ දයාබර බිරිඳ මාලි නෙල්සන් මහත්මිය ඊයේ (02) දිනයේ අභාවප්‍රාප්ත වුණා.
තරංග නෙල්සන්ට ආදරණීය මවක් මෙන්ම ජනප්‍රිය ගායක නෙල්සන්ට ආදරණිය බිරිදක් වූ ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2020.07.04 දින සවස 5.00ට රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
ඇගේ නිසල දේහය ඊයේ (02) සවස 6.00 සිට අංක 17, 3වන පටුමග, රාවතාවත්ත මොරටුව නිවසේ තැන්පත් කර තිබෙනවා.