තමන්ට නිල වශයෙන් පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර නොමැති බව පවසමින් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයෙන් පිටව ගොස් තිබෙනවා.
මේ අතර ඔහුගෙන් 2011 ලෝක කුසලාන අවසන් තරගයේදී පාවාදීමක් සිදුවු බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවයි වාර්තාවන්නේ.
එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ ඔහු පෙරවරු 9 ට එම ඒකකය වෙත පැමිණි බවයි.
කෙසේ වෙතත්, එහි ප්‍රකාශකයෙකු මීට පෙර සඳහන් කළේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, අද දිනයේදී කැදවීමට අපේක්ෂා නොකරන අතර, ඒ වෙනුවට වෙනත් දිනයක් ලබාදෙන බවයි.
--------------------------------
ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට මහේලත් එයි
2020-07-03 09:32:50
2011 ලෝක කුසලාන අවසන් තරගයේදී පාවාදීමක් සිදුවු බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැමිණියා.