ව්‍යාජ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බිබිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව බිබිල පොලිසියේ නිලධාරීහු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් වෛද්‍ය උපකරණ සමග සැකකරු බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවට යොමු කරන ලෙසත්, එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් විනිසුරු බුවනෙක රාජකරුණා මහතා නියම කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ බිබිල කණුල්වෙල, ඉකිරියම්පොළලන්ද හමීඞ් මොහොමඞ් සිද්ධික් හෙවත් ‘‘වන්ෂොට්’’ නමැති 68 වියැති දෙදරු පියෙක්;
බිබිල රෝහලට නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි දෙදරු මවක්, තම ප්‍රදේශයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත් බවත්, ඉන්පසු අධිකව ඔසප් සිදුවන බවත් පැවසීමෙන් පසු රෝහල් වෛද්‍ය අධිකාරි හර්ෂ දසනායක මහතාට සැක සිතී ඒ පිළිබඳ පොලිසියට දැනුම් දුන් බව පොලිසිය පවසන්නේ. ඉන්පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බණ්ඩාර මහතා හා පොලිසිය විමර්ශන සිදුකර අධිකරණ නියෝගයක් ලබා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
සැකකරු පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානය තුළදී ප්‍රතිකාර ලබාගැනීමට ගිය කාන්තාවට ගබ්සාවක් සිදු කර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පුද්ගලයකුගේ පාදයක තුවාල සඳහා ප්‍රතිකාර කොට එය බරපතළ වී මොහුට විරුද්ධව බිබිල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, මොහු බදුල්ල ප්‍රදේශයේ අයකු බවත්, අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා පෞද්ගලික උපකාරක පංති ඉංගී්රසි ගුරුවරයකු ලෙසත්, ව්‍යාපාරිකයකු ලෙසත්, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කර එයින් ලැබූ පළපුරුද්ද මතින් මෙලෙස වෛද්‍ය ප්‍රතිකාර කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.