Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
03
"සමහරු ඒ දවස්වල මගෙන් අහන්න ගත්තා මම හම්බ කරන සල්ලි වලට මොනවද කරන්නේ කියලා.." - රජිව් සෙබැස්ටියන්

- "සමහරු ඒ දවස්වල මගෙන් අහන්න ගත්තා මම හම්බ කරන සල්ලි වලට මොනවද කරන්නේ කියලා.." - රජිව් සෙබැස්ටියන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views
මම අවුරුදු ගණනාවක් තිස්සේ පෙරුම් පුරලා බලාගෙන ඉඳලා තමයි මේ තැටිය නිකුත් කරන්නේ. මේ තැටියට ඇතුළත් වෙන සියලුම පැරණි ගීත , ඒවායේ රසභාවය බිඳකුදු අඩු නොවන අන්දමට නවීන තාක්ෂණය යටතේ මම නැවත පටිගත කිරීම් කළා. ඒ නිසා මේ තැටියෙන් එහි මුල් ගීතයන්ගේ රස භාවයන්ගෙන්ම ගිත රසවිඳීමේ අවස්ථාව තිබෙනවා. ‘

රජිව් කියන්නේ සියයට සියයක්ම සහතික වෙමින්. ගායකයෙකු වශයෙන් පමණක් නොව සංගීත අධ්‍යක්ෂවරයෙකු , සංගීත කණ්ඩායම් නායකයෙකු වශයෙන්ද රජීව් ගෙන කිසිම දිනක ගීත විකෘති කිරීමක් අප දැක නැහැ. ඔහු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත ගායනා කරත්දි වුණත් ඒවායේ පැවති මුල් රස භාවයන් හා සංගීතය නොනැසී පවත්වා ගනිමින් එදා ක්ලැරන්ස් විජේවර්ධනයන් අපේ සංගීත ලෝලීන්ට ලබා දුන් රසයම ලබා දෙන්නට උත්සාහ කළා. මෙවර රජිව් ඉදිරිපත් කරන මෙම එල්. පී තැටියට අන්තර්ගත වී ඇත්තේ මෙරට සංගීත ක්ෂේත්‍රෙය් හැට හැත්තෑව දශකයන්හි ජනප්‍රිය වූ ගායක ගායිකාවන් රුසකගේ ගීත එකතුවක් ඉදිරිපත් කරන්නට.මේ අතර ඇනස්ලි මාලේවන, ඩෙස්මන්ද සිල්වා, ඩෙස්මන් රොඩ්රිගු, සොහාන් වීරසිංහ, සුනිල් පෙරේරා, මරියසෙල් ගුණතිලක, නිමල් ජයමාන්න, ලූකස් හෙන්රික්ස්, සුසිල් ප්‍රනාන්දු කොරින් අල්මේදා, ඊ.ඒ මනෝහරන් සහ රජිව් මේ අතර ඉන්නවා. රජිව් කියපු විදියට ඔහු මේ ගීත තැටිය එළි දක්වන්න කාලයක් තිස්සේ පෙරුම් පුරමින් ඉඳලා තිබෙනවා.

‘ සමහරු ඒ දවස්වල මගෙන් අහන්න ගත්තා මම හම්බ කරන සල්ලි වලට මොනවද කරන්නේ කියලා. ඇත්තටම පුරා වසර ගණනාවක් මම කළේ මේ වෙනුවෙන් ගීත එකතු කරපු එක. එක එක ගීතය නැවත නැවත වොයිස් කරමින් එකතු කරපු එක. අවුරුදු ගාණක් කරපු ඒ එකතුවේ ප්‍රතිඵලය තමයි මේ. අපි ඉතිහාසයේ ඕන තරම් අහලා තියෙනවා සිංගප්පූරුවේ , එංගලන්තයේ , පකිස්ථානයේ , ඩුබායිවල් ආදි වශයෙන් විවිධ රටවල ගීත පටිගත කරපු අවස්ථා ගැන. නමුත් ඇමරිකාවෙදි සිංහල ගීත පටිගත වුණා කියලා අපි අහලා නෑ. මේ තමයි පළවෙනි අවස්ථාව. මේ ගීත ඔක්කොම පටිගත වුණේ ඇමරිකාවේදී.

හැමදාමත් අලුත් දෙයක් ගැන හිතන අලුත් දෙයක් රසිකයන්ට දෙන්නට උත්සාහ කරන රජිව් ගෙන් මෙවරත් අලුත් දෙයක් රසිකයන්ට තිළිණ කරලා තියෙනවා.

මේ මොහොත වනවිට තාක්ෂණයේ දියුණුවත් එක්ක බොහෝ වෙලාවට ගීතය කියන එක කුඩා විද්‍යුත් පෑනකට ලඝු වී තිබෙද්දී නැවත වතාවක් එල් පී තැටියකට අපේ රසිකයන් හුරු වේවිද කියන එක ගැන මටත් ප්‍රශ්නයක් මතුවුණා. ඒත් රජීව් දකින්නේ ඒක වෙනස් විදියකට.

‘ ලෝකේ අනිත් රටවල් තාක්ෂණය දියුණු වුණත් තැටි ගත කිරීම් නතර කළේ නෑ. අපේ රට තමයි ලාබෙට කැසට් එක විතරක් කරලා නිකම් හිටියේ. අපේ රටේ වුණත් අදටත් ඉන්නවා නියම කොලිටියෙන් තැටි අහන්න කැමැති අය.ඇත්තටම අපි නැවතත් මේ තැටි වලට පුරුදු වුණොත් තැටි අහන යන්ත්‍ර වලටත් ලොකු ඉල්ලුමක් නැවත ඇතිවේවි. සමහර වෙලාවට අපේ අලුත් පරපුරේ අයත් මේකට කැමැති වෙන්න ඉඩ තිබෙනවා. ‘

රජිව් මේ තැටිය නම් කරලා තියෙන්නේ ‘ බයිලා ටයිම් ඉන් කළම්බු 1 නමින්. ස්ටාර් ලංකා මියුසික් වෙනුවෙන් රජිව් සෙබැස්ටියන් ගේ නිෂ්පාදනයක්.

රජිව් මේ රටේ සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රෙය්ත් සුවිශේෂි අනන්‍යතාවයක් ඇති කර ගත්තෙක් . ඔහු රජීව් ඇන්ඩ් ද ක්ලෑන් ‘ සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නේ 1990 දී. මේ වනවිට දශක තුනක දීර්ඝ චාරිකාවක නියුතු වෙලා තිබෙනවා. මෙරට විතරක් නොවෙයි විදේශීය සංචාර අතරද ඔහුගේ කණ්ඩායමට තිබෙන්නේ විශාල ඉල්ලුමක්. රසිකයන් පිනවීම කියන තැන ඉඳගෙන ඔවුන් කරන ඉදිරිපත් කිරීම කිසි විටෙක රසිකයන්ට කරදරයක් වෙන්නේ නෑ. ඒකට හේතුව අවස්ථානුකූලව ඔවුන් ගායනා කරන ගීතයන්හි රසය නොනැසී පවත්වා ගැනීමට ඔවුන් හැම විටම වග බලා ගන්නා බැවින්.

ස්ටාර් ලංකා මියුසික් නම් රජිව් ගේ නිෂ්පාදන ආයතනය ඔහු ඇරඹුවේ 2007 වර්ෂයේදී .ඒ මිට අවුරුදු 13 ට කලින් . එයින් නිකුත් වූ නවතම නිෂ්පාදනය වුණේ මේ එල්.පී තැටියයි. ඉදිරියේදි මෙයට වඩා නැවුම් නිර්මාණ රුසක් අපිට රජිව් ගෙන් බලාපොරොත්තු විය හැකියි. එතෙක් 60 -70 දශකයන්හි අපේ රටේ ශ්‍රාවකයින් රසවිඳී ගීත එල් පී තැටි මඟින් රසවිඳීන්න එකතු වෙන්න කියා රජිව් ආරාධනා කර සිටිනවා.

හේමාලි විජේරත්න
සරසවිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top