දින තුනකට පමණ පෙර සිට අතුරුදන්ව සිටි බව කියන දික්වැල්ල, නිල්වැල්ල මිණිකිරුළ වෙහෙරහේන විහාරයේ වැඩ විසූ හතලිස් හැවිරිදි මුඩුගමුවේ සුමින්ද හිමියන්ගේ මළ සිරුර විහාර භූමියේ වෙරළට ආසන්න වැට මායිමේ තිබී හමුව තිබෙනවා.
පසුගිය 30 වන දා රාත්‍රී කාලයේ සිට විහාරස්ථානයෙන් අතුරුදන්ව සිට ඇති බව දික්වැල්ල පොලිසිය පවසයි.
මෙම විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදි දොඩම්පහළ අමරසිරි හිමියන් පැවසුවේ, සුමින්ද හිමියන් මළ සිරුර තිබූ ස්ථානය ආසන්න භූමියේ වගා කටයුතු කළ බවයි.
සුමින්ද හිමියෝ මූර්ති ශිල්පයේ පවා දක්ෂතා දක්වා ඇති බවත් විහාරාධිපති හිමියන් මාතර විහාරස්ථානයක වැඩවසන අතර මෙම විහාරයේ අපවත් වූ හිමියන්ට අමතරව තවත් හිමිවරුන් දෙදෙනෙක් වාසය කර තිබෙන බවත් සදහන්.
විහාරාධිපති හිමියෝ තවදුරටත් පැවසුවේ එදින රාත්‍රී 7.30 ට පමණ වගාවට හානි කරන ගොළුබෙල්ලන් ඉවත් කිරීම සඳහා යන බව පවසා විහාරස්ථානයෙන් පිටවී ඇති බව දැනගන්නට ඇති බවයි.