Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
02
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් නාකොටික් 12 දෙනාට සිදු වූ දේ - Video

- මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් නාකොටික් 12 දෙනාට සිදු වූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,703 Views
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 12 දෙනෙකු ලබන 08 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට අද අවසර ලබාදුන්නා.
 
පසුගියදා වැලිසරදී සොයාගත් මත්කුඩු තොගයේ ජාවාරමට සම්බන්ධ බවට සැකපිට ඔවුන් 12 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබුවේ අද පෙරවරුවේදීයි.

නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙරට ඉතිහාසයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මෙවැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාවද මෙය වන බවයි.
 
හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 226 කට ආසන්න ප්‍රමාණයක් වැලිසර නුගේවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී සොයාගැනීමට හැකි වන අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත් වනවා.
 
සහල් ගෝනි තුල සඟවා තිබියදී සොයා ගත් මෙම මත්කුඩු තොගය සමඟ ඒවා ප්‍රවාහනයට භාවිතා කළ වාහන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.
 
එම මත්කුඩු තොගය සොයාගැනීමෙන් දින 36ට පසුව අත්අඩංගුවට පත් වන ටයිල් චමින්දගේ හෙළිදරව්වකින් මත්කුඩු වැටලීමේ නාටකයේ සැබෑ පිටපත අනාවරණයවනවා.
 
ඒ මෙම ජාවාරම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධ බව ඔහු පැවසිමත් සමඟයි.
 
ඒ අනුව එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නවා.
 
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් වැලිසරදී අත්අඩංගුවට ගැනුණු මත්කුඩු, ඔවුන් විසින්ම බලපිටිය ප්‍රදේශයේ ලැගුම්හලක් තුලදී සහල් ගෝනිවලට අසුරා ඇති බවයි පසුව අනාවරණය වුණේ
 
එම හොරොයින් කිලෝ ග්‍රෑම් 243ක තොගය මුහුදේ සිට බලපිටිය ලැගුම්හලට ගෙන ඒමත්, පසුව වැලිසර දක්වා ප්‍රවාහනය කිරීමත් ඔවුන් විසින්ම සිදු කර ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා.
 
ඊට අමතරව මත්කුඩු විකිණිමෙන් උපයාගත් රුපියල් 11 ලක්ෂ 45,000ක මුදලක් අත්අඩංගුවේ පසුවන පොලිස් සැරයන්වරයෙකුට අයත් වත්තක සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
 
අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සජීව මැදවත්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදීමටත් පියවර ගැනෙන්නේ මේ අතරතුරයි
 
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් 12 දෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
 
එහිදී මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත්තේ ඔවුන් ලබන 08 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.
 
මතින් තොර රටක් බිහිකිරීමේ වගකීම උරමත පැවරුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ම මෙවැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම අපට සිහිකරන්නේ ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව’ යන්න නොවේද..?


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top