Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
02
"ඔයාට ඉස්සරහාට යන්න ඕනි නම් මේක කරන්න වෙනවා බබා.. ජජස්ලාට ඩිරෙක්ටස්ලාට මොනා හරි දෙයක් කරන්නම ඕන..." - රටම දන්න Model කෙනෙක් වෙන්න ආසාවෙන්, කොළඹට ඇවිත් Music Videos-වල රඟපාපු සුරූපී තරුණිය, තමන්ට අත් වූ ඛේදනීය ඉරණම එකින් එක හෙළි කළ හැටි - Video

- "ඔයාට ඉස්සරහාට යන්න ඕනි නම් මේක කරන්න වෙනවා බබා.. ජජස්ලාට ඩිරෙක්ටස්ලාට මොනා හරි දෙයක් කරන්නම ඕන..." - රටම දන්න Model කෙනෙක් වෙන්න ආසාවෙන්, කොළඹට ඇවිත් Music Videos-වල රඟපාපු සුරූපී තරුණිය, තමන්ට අත් වූ ඛේදනීය ඉරණම එකින් එක හෙළි කළ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,129 Views
"ඔයා මාත් එක්ක හිටියා කියලා ඔයාට ඒක කාටවත් කියන් නෑනේ.."
 
"චුට්ටක්වත් බය වෙන්න එපා.. ඔයාට මම ඉන්නවනේ බබා.."
 
"මේ ෆීල්ඩ් හැටි එහෙම තමයි, කැපකිරීමක් නැතුව ඉස්සරහාට යන්න බෑ..."
 
සමාජ සංස්ථා ගොඩ නැඟී මනුෂ්‍යයා සමාජානුයෝජනය වීමේදී විවිධ මානසික හේතු මුල් කරගෙන ගැහැණුන් සහ පිරිමින්, සාමාන්‍ය ලෙස විවිධ දේ සඳහා ඇබ්බැහි වනවා.
 
මනුෂ්‍යයාගේ මැදිහත් වීමෙන් මත්වීම, මත්ද්‍රව්‍ය භාවිතය, මානව සංසකෘතියට එකතු කරගත් දා සිටම නූතන සමාජය දක්වා විකාශය වීම අතරතුර, විවිධ මත්ද්‍රව්‍ය සොයා ගනිමින් භාවිතා කොට තිබෙනවා.
 
විවිධ සමාජ ස්ථරවල විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිත කරන මිනිසුන් තම නීරෝගීභාවයට පමණක් නොව සමස්ථ මානව සමාජයට ද අභියෝග කොට එය දරුණු සමාජ ඛේදවාචකයක් බවට ද පත් කරගත්තා.

අද වන විට ලෝකය පුරා හෙරොයින්, කොකේන්, එල්එස්ඩී, ටැබ්ලඩ්, අයිස්, ගංජා යන එකී නොකී මත්ද්‍රව්‍ය මානව සමාජය පුරා ව්‍යාප්තව ඇති අතර ඉන් නිරාවරණය වීමම අභියෝගයක්........
 
විවිධ ඇබ්බැහි වීම් බහුල ලෝකයේ මතින් මත් නොවී සිටින නීරෝගී මානවයින් බිහි කිරීමට අපි කැපවෙමු.
 
"උමතු" යනු මතට ඇබ්බැහි වූවන් ගැන ඔබට කියන මුළු මහත් සමාජයම දැනුවත් කිරීම සඳහා වන හිරුටීවී ඔස්සේ විකාශය වූ නාට්‍යයක්..
 
මේ එහි 22 වන දිගහැරුමයි...
 
සිහින වගේම සිහින දකින මිනිස්සු, එකිනෙකට වෙනස්. සිහින වෙනුවෙන් මිනිස්සු වැඩ කරනවා වගේම, සිහින වලින් මිනිස්සු රැවටුණු ප්‍රමාණවලුත් නැතුවාම නොවෙයි...
 
මොකද තමන් කැමතිම.. තමන් ආසම දේ වෙනුවෙන් මිනිස්සු කැපවෙන ප්‍රමාණය වැඩී.. එහෙම සිහින වෙනුවෙන් සිහින බොඳ කරගත්... සිහින කුමාරියක්... "උමතු" පැයේ "අමුතු කතාවක්" කියන්නයි මේ සුදානම..!!
 
අවදියෙන් සිටින්න!! ඔබේ සිහින ගැන අවධානයෙන් සිටිය යුතු කාලයයි මේ...
 
"මම ලස්සන කෙනෙක්.. එහෙම කියන්නේ මමම නෙවෙයි... අම්මලා.. ඥාතීන්.. ඒ අය.. ඒ නිසාම.. මම අවුරුදු කුමාරිට පවා යනවා.." අපේ කතා නායිකාව කතාව පටන් ගන්නේ එතැනින්....
 
"අවුරුදු කුමාරිට ගිහින් කවදාවත් පැරදිලා නෑ.."
 
කවුරුත් ආදරේ කරපු මේ සුරූපීනියට තිබුණේ එකම හීනයක් විතරයි.. ඒ කවදාහරි... හැමෝම දන්න හඳුනන තරුවක් වෙන එක.. රංගන ශිල්පිනියක් වෙන එක...
 
ඇයට ඒ ගමන යන්න අත හිත දෙන්නේ ඇගේම නැදෑ අයියා කෙනෙක්... "ස්ක්‍රීන් ටෙස්ට්" එකට ගිය ඇය ඉහළින්ම සුදුසුකම් ලැබුවා වුණත් මේ ගමන යන එක ඒ තරම් ලේසි පහසු නෑ කියලා ඇය දැන කියා ගන්නවා. ඇය කොළඹට ඇවිත් නවතින්නේ ඇගේ යාළුවා සුමී ළඟ...
 
ඔය අතරේ තමයි ඇයට ඇගේ ජීවිතේ වෙනස් කරපු නියමුවාව මුණ ගැහෙන්නේ. ඔහු නමින්.. අනුහස්... අනුහස් ඕගනයිසර් කෙනෙක්. (මොඩ්ලින් කරන අයව.)
 
අනුහස් මේ කෙල්ලට පුදුම විදිහට ආදරේ කරනවා. හැබැයි.. ඒ අතරේ ඔහු ඇයට ඉස්සරහාට යන්න අරුම පුදුම යෝජනා ගෙන එනවා. "මොඩ්ලින් කෙනෙක් වෙන්න නම් යම් කැපකිරීමක් කරන්න වෙනවා" කියලයි අනුහස් කිව්වේ.
 
අනුහස්ගේ කීමට මුලින් තදින්ම විරුද්ධ වුණත්.. ඒ දේ නැතුව තමන්ට ගමනක් නැහැ කියලා දැනගන්න මේ සුරූපිනිය තමන්ගේ ශරීරය ඒ පිරිස් වෙනුවෙන් පිරිනමන්න තීරණය කරනවා.
 
"මං හරි ගොන් ඉතින්..." ඇය ඒ අතීතය දැන් සිහිපත් කරන්නේ එහෙමයි.. අතීතය අත දිග හැරලා කණේ පහරක් ගහන්න හිතුණත්... ඇයට ඇගේ ජීවිතේ වෙනස් කරන්න අපහසු තැන් බොහෝමයක් තිබුණා. ක්‍රමයෙන් මේ කෙල්ල රටම දන්න හඳුනන එකියක් බවට පත් වෙනවා. "මියුසික් වීඩියෝ" වලින් වගේම "ෆොටෝ ෂූට්" වලිනුත් කවුරුත් අතරට ගිය මේ කෙල්ල මත්ද්‍රව්‍යවලටත් යොමු වුණා.
 
"මේක ෆීල්ඩ් එකේ සාමාන්‍ය දෙයක්" කියලා සුමී කියපු කතාව නිසාම සිගරැට්ටුයක් උරන්න ගන්න ඇය, අනුහස්ගේ අනුහසින් කොකේන්, හෙරොයින් වගේ අතිශය දරුණු දේටත් ඇබ්බැහි වෙනවා.
 
මේ දේවල් නිසා ඇගේ ජීවිතේ නැත්තටම නැති වෙමින් යන බව මේ කෙල්ලට අවසානය වෙනකන් තේරුණේ නැහැ.
 
මත්ද්‍රව්‍ය-වලට ඇබ්බැහි වී ඔවුන් උරුමකරගත් ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට උරුම නොවීමට නම් මේ හෝරාව දෙස අවනත නැති හිත්අවනත කරවාගෙන මත් නැති නෙතින් නිවැරදි සිහියෙන් යුතුව දෑස් හැර බලන්න..
 
මතින් මත් නොවුණු පිණිසයි....!!


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top