Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
02
"මං හිතුවා දවසකින් දෙකකින් හරි ඇවිත් මගෙන් කට උත්තරයක්වත් ගනීවී කියල. නමුත් ප්‍රහාරය සිද්ධ වෙනතෙක් එහෙම වුණේ නැහැ..." - ISIS ගැන හොඳින්ම දැනගෙන නිහඬවම හිටපු ඇමතිවරු දෙදෙනා කවුද ? පාස්කු ප්‍රහාරය ගැන හොයන කොමිසමේදී රහස් රැසක් එළියට - Video

- "මං හිතුවා දවසකින් දෙකකින් හරි ඇවිත් මගෙන් කට උත්තරයක්වත් ගනීවී කියල. නමුත් ප්‍රහාරය සිද්ධ වෙනතෙක් එහෙම වුණේ නැහැ..." - ISIS ගැන හොඳින්ම දැනගෙන නිහඬවම හිටපු ඇමතිවරු දෙදෙනා කවුද ? පාස්කු ප්‍රහාරය ගැන හොයන කොමිසමේදී රහස් රැසක් එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,421 Views
"ඒ ගැන මට හරි කණගාටුවක් ඇති වුණා..." 

"ඒ වෙලාවේ යම් ප්‍රතිචාරයක් දක්වලා ක්‍රියාත්මක වුනානම් මේ ජාලය විනාශ කර දමන්න තිබුණා..."
 
"එහෙනම් ලංකාවේ මේ මිලේච්ඡ ක්‍රියාව සිද්ධ වෙන්නෙ නෑ.."
 
මෙරට ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදය ගැන පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු දැනුවත් කර තිබුණත් ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා.
 
ඒ, හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

මේ අතර, බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකු ද ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා.
 
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි දුන් බුද්ධි අංශ නිලධාරියා සඳහන් කළේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 4 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබූ බවයි.
 
නමුත් ඊට නිසි ඇගයීමක් නොලැබුණු බව බුද්ධි නිලධාරියා සඳහන් කළා.
 
මෙවන් වටිනා නිශ්චිත තොරතුරු LTTE යුද සමයේදීවත් නොලැබුනු බව බුද්ධි නිලධාරියා ජනාධිපති කොමිසමට පෙන්වා දුන්නා.
 
ඔහු සඳහන් කළේ, අදාළ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය අවිධිමත් ලෙස කටයුතු කිරීමෙන් මෙම තොරතුරුවල බරපතල කම හීන වූ බවයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බොහෝ තොරතුරු අනාවරණ වුවත් ඔවුන් යුද හමුදා බුද්ධි අංශය සමග තොරතුරු බෙදා ගැනීමේ මැළිකමක් දැක්වූ බවයි බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ.
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සිදුවූ අන්තවාදී සිද්ධීන් කිහිපයක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් තොරතුරු විමසුවද, ඊට කිසිදු සහයෝගයක් නොලබුණු බව සාක්ෂිකරු පැවසුවා.
 
ඉන් අනතුරුව ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ මහතායි.
 
එහිදී කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා සී 4 බී ලෙස සඳහන් ලේඛනයක් සාක්ෂිකරුට පෙන්වූවා.
 
සාක්ෂිකරු කියා සිටියේ මෙවැනි නිශ්චිත තොරතුරු සහිත ලේඛනයක් තිබියදීත් පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන තමන් මවිතයට පත් වූ බවයි.
 
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර තිබූ ලිපිය පරීක්ෂණ වාර්තාවක ස්වරූපයක් ගෙන තිබූ බවත් පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා දැනුවත් කිරීමට එය කාලෝචිත නොවන බවත් සාක්ෂිකරු පෙන්වා දුන්නා.
 
එහිදී ජනාධිපති කොමිසම විමසා සිටියේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ජනාධිපතිවරයා සමග දුරකතනයෙන් ඕනෑම අවස්ථාවකදී සම්බන්ධ විය හැකිද යන්නයි.
 
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියට අපායට ගියත් ජනාධිපතිවරයා සමග සෘජුව සම්බන්ධ විය හැකියි... හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ කියා සිටියා.
 
මේ අතර හිටපු අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නා.
 
ඔහු කොමිසමට කැඳවා තිබුණේ, ඔහු විසින් කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවයි.
 
තමන්ට උසස්පෙළ අධ්‍යාපනය ලබාදුන් ගුරුවරියක, 2016 වසරේදී දුරකතන ඇමතුමක් ලබාදී ඇගේ පුත්‍රයා වන වයස 23ක් පමණ වන " ආශික් " නැමැත්තා ISIS සංවිධානය සමග සබඳතා පවත්වන බව තමන්ට පැවසූ බව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සදහන් කළා.
 
අවස්ථා කිහිපයකදී තම පුතුට එම කටයුතුවලින් ඉවත් වන ලෙස අදාල ගුරුවරිය විසින් පවසා ඇතත් පුත්‍රයා පවසා ඇත්තේ " ඔබවත් මරන්න මට ඉහලින් නියෝග තිබෙනවා " ලෙසයි.
 
අනතුරුව ඔහු මේ පිළිබඳ දැනුම්දීම සදහා සිය ඥාතියෙකු මාර්ගයෙන් එවක විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර හමුවීමට අවස්ථාවක් උදාකර ගෙන තිබෙනවා.
 
කොමිසම එහිදී විමසුවේ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දේශපාලකයකු හමුවීමට ගියේ මන්ද යන්නයි.

" ඒ කාලේ හරිම භයානකයි. ඒ දවස්වල තිබුණ තත්තවය අනුව පහළ ඉදල උඩට යනවට වඩා ඉහල ඉදලා පහළට යන්න ඕනේ. නිසයි හමුවුනේ. නැත්නම් වෙන වෙන ප්‍රශ්න ඇතිවෙන්න තිබුණා " සාක්ෂිකරු සඳහන් කළා.
 
අනතුරුව ඔහු මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ එය නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායකට දැනුම් දී තිබෙනවා.
 
එහිදී කොමිසම විමසුවේ ඔබ සාගල රත්නායක අමාත්‍යවරයා හමුවූවේද යන්නයි.
 
ආශික්ගේ මවගෙන් ලද දුරකතන ඇමතුමෙන් දින දෙකක් ඇතුළත තමන් සාගල රත්නායක අරලිය ගහ මන්දිරයේදී හමුවූ බව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සදහන් කළා.
 
ඔහු පැවසුවේ සාගල රත්නායක අමාත්‍යවරයා මුණගැසී තමන් සතුව පැවති තොරතුරු ලබාදුන් අතර අදාළ තොරතුරු ඔහු විසින් සටහන් කරගැනීමෙන් පසු මේ ගැන පියවරක් ගන්නා බවට පැවසූ බවයි.
 
එහිදී කොමිසම ඔබ ලබාදුන් සංවේදී තොරතුර පිළිබඳව ඔහු ගත් පියවරක් ගැන දැනගන්නට ලැබුණේද යන්නයි.
 
" මං හිතුවා දවසකින් දෙකකින් හරි බුද්ධි අංශ නිලධාරීන් ඇවිත් මගෙන් කට උත්තරයක්වත් ගනීවී කියල. නමුත් ප්‍රහාරය සිද්ද වෙනතෙක් එහෙම වුණේ නැහැ. මට හරි කණගාටුවක් ඇති වුණා. ඒ වෙලාවේ යම් ප්‍රතිචාරයක් දක්වලා ක්‍රියාත්මක වුනානම් මේ ජාලය විනාශ කර දමන්න තිබුණා. එහෙනම් ලංකාවේ මේ මිලේච්ඡ ක්‍රියාව සිද්ධ වෙන්නෙ නෑ." අභියාචනාධිකරණ විනිසුරුවරයා සාක්ෂි ලබාදෙමින් සදහන් කළා.
 
කෙසේවෙතත් ප්‍රහාරයෙන් පසුව ආශික් නමැත්තා අත්ඩංගුවට ගත් සාක්ෂිකරු පුවත්පතකින් දැක තිබෙනවා.
අනතුරුව කොමිසම විමසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත මේ පිළිබඳ නොපැවසුවේ මන්ද යන්නයි.
 
තමන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මෙම කරුණු අනාවරණය කිරීමට අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් ඔවුන් ඊට අවස්ථාවක් ලබා නොදුන් බව ඔහු පවසනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top