Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
02
"මම සඳහටම පාඩුවේ ඉන්නයි හදන්නේ. පොඩ්ඩක් හිටපන්..." - තම වැඩිමහල් දියණිය ඉදිරියේ, බිරිඳ වසන්තිගේ ගෙල කැපූ මාකස්, බිරිඳත් එක්කම අවසන් ගමන් ගිය හැටි - දියණිය හෙළි කරන ඇඟ ලොමු දැහැ ගැන්වෙන කතාව මෙන්න

- "මම සඳහටම පාඩුවේ ඉන්නයි හදන්නේ. පොඩ්ඩක් හිටපන්..." - තම වැඩිමහල් දියණිය ඉදිරියේ, බිරිඳ වසන්තිගේ ගෙල කැපූ මාකස්, බිරිඳත් එක්කම අවසන් ගමන් ගිය හැටි - දියණිය හෙළි කරන ඇඟ ලොමු දැහැ ගැන්වෙන කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,357 Views
"තාත්තේ... තාත්තේ මොකද මේ ? අපිට ලැජ්ජයි තාත්තේ පාඩුවේ ඉන්නකෝ..."
 
"අපි මේ ළමයි වෙනුවෙන් ලොකු දෙයක් කරන්න ඕනි.."
 
ගමක් බිය ගන්වමින්, අඹූසැමියන් යුවළක් අවසන් ගමන් ගියේ මෙහෙමයි....
 
කල්පිටිය පොලිස් ප්‍රදේශයට අයත් තොරඅඩිය ප්‍රදේශයේ පවුලක සැමියා හා බිරිය අතර බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඇති වූ ආරවුලකින් බිරියට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියා තමාට පිහියෙන් ඇන ගැනීමෙන් ජීවිතක්ෂයට පත් ව ඇති පුවතක් කල්පිටිය පොලිසියෙන් අසන්නට ලැබුණා.
 
මේ අඹූ සැමියන් මාස ගණනාවක සිට ඇති කරගත් ආරවුල නිසා වෙන්ව ජීවත්ව සිටි ඇති බවත් පසුගිය දිනෙක සවස සිය බිරිය නිවසේ ඇති කරන ඌරන් සඳහා 'ඌරු ආහාර' මිලදී ගැනීම පිණිස තම වැඩිමහල් දියණිය සමඟින් අසල්වැසි නිවෙසක් වෙත පැමිණි මොහොතේ එම ස්ථානයට පැමිණි සැමියා බිරිය සමඟ අඩදබර ඇති කර ගැනීමෙන් අනතුරුව මේ ඝාතනය සිදු කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනයේදී හෙළි වී තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීම දුර දිග යාමෙන් පසු පිහියකින් බිරියට පහර දෙන සැමියා ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එම පිහියම උපයෝගී කර ගනිමින් සිය දිවි හානි කරගෙන ඇති බව පොලිසියට තොරතුරු ලැබුණා.
 
මෙලෙස මිය ගියේ කල්පිටිය කුරෙයියඩිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි බෙන්ඩික් පිලිප්පු මාකස් රුද්‍රගෝ හා ඔහුගේ බිරිය වන වෝල්ටර් වසන්ති කුරේරා යන අඹුසැමියන්.
 
මාකස් රුද්‍රිගෝ හා වසන්ති අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැඟෙන්නේ මීට වසර ගණනකට පෙරයි.
 
මාකස් ගැටවරයා කාලයේ වසන්තිට ආදරේ කරන්නේ ඇය තමාගේම කරගැනීමේ අරමුණින් වන්නට ඇති.
 
වසන්ති ඒ වන විට තරුණ වියේ පසුවූ සුන්දර යුවතියක් වුවා. වසන්තිව දකින සෑම තප්පරයක් පාසාම මාකස්ට වසන්ති ගැන ඇති වන්නට ඇත්තේ ආදරණීය හැඟීමක්.
 
කාලයාගේ ඇවෑමෙන් මාකස් හා වසන්ති සිය මවුපියන්ට හොර රහසේම නිවෙස්-වලින් වෙන්ව ජීවත් වන්නට වූ අතර එසේ ජීවත් වෙද්දි හාහා පුරා කියා නිවසට අලුත් අමුත්තෙක් එකතු වන්නේ දෙදෙනාගේ බැඳීම තවත් වැඩි කරමිනුයි.
 
දැන් මාකස්ට හා වසන්තිට කුළුදුල් දරුවෙකුගේ වගකීමක් ද පැවරී තිබෙනවා.
 
මාකස්ගේ රැකියාව ධීවර කර්මාන්තයයි. මාකස් වෙනදා මෙන් නොව ඉතා ඕනෑ කමින් මුදල් ඉපැයීමට වෙහෙසුණා.
 
තව ටික කලක් යද්දි එකා දෙන්නා බවට පත් වීමේ සුබ ලකුණු පහළ වුණා.
 
වසන්ති ඒ වෙද්දි දෙවන දරු ප්‍රසූතියට සුදානම්ව සිටියා. ඒ දරුවාත් ආදරයෙන් රැකබලා ගත් නමුත් ටික කලක් ගත වෙද්දි දෙදෙනාගේ ආදරය ටික ටික දුරස් වන්නට පටන් ගත්තා.
 
එහෙත් වසන්ති දරුවන් රැක ගන්නේ ඇස් දෙක සේ යි.
 
පසු කලෙකදී තුන්වන දරුවාද මේ දෙපළ අතරට එන්නේ සෙසු දරුවන් ලොකු මහත් වන අතරතුරයි.
 
"මාකස් දැන්නම් අපි මෙහෙම ඉඳලා හරි යන් නෑ. දරු පැටවුන්ගේ අනාගතය ගැන හිතන්න වෙනවා.." වසන්ති කීවා.
 
"අපි මේ ළමයි වෙනුවෙන් ලොකු දෙයක් කරන්න ඕනි.."
 
මාකස්ගේ හිතේ ලොකු බලාපොරොත්තු තිබුණා. මාකස් හා වසන්ති කුමක් හෝ රැකියාවක යෙදෙමින් දරුවන් වෙනුවෙන් කීයක් හෝ හරි හම්බ කිරීමට මහත් වෙහෙසක් දැරුවා.
 
මේ අතරේ වසන්ති සිය මවගේ නිවසට දරු පැටවුන් කැටුව දිනකට වතාවක් දෙවතාවක් යාම පුරුද්දක් කරගෙන සිටියා.
 
වසන්ති සිය මවගේ අවවාද අනුශාසනා පිළිපැද්දා. මවගේ නිවසට බිරිය නිතර යාම මාකස් එතරම් අනුමත කරන්නට නොයාම නිසා නිතර මාකස් හා වසන්ති අතර ඇනුම් බැනුම් ගුටි කෙළි ඇත්වන්නට පටන් ගත්තා.
 
මාකස් නිතර සිතුවේ වසන්තිගේ මවගෙන් වෙන්ව මාකස්ගේ නිවසේ තබා ගැනීමටයි. නමුත් වසන්ති කුකුළා, වී පැදුරට යන්නාක් මෙන් මවගේ නිවසට යාම මාකස්ට ආවේගය දනවන්නක් වුණා..
 
දෙදෙනා අතර මේ හේතුව නිසාම ඇති වූ ආරවුල් අන්තිමේදී අවසන් වූයේ ගුටි බැට හුවමාරු-වලින්.
 
ඔය අතර සිය මව සමඟ පොලිසියට යන වසන්ති මාකස්ට විරුද්ධව පැමැණිලි කළා. මේ යුවළගේ ගුටි බැට නිසා දරුවන්ද කම්පාවෙන් සිටියා.
 
පොලිසියට ද මෙ ගැටළුවක් වුයේ නිතර ඇන කොට ගන්නා අඹුසැමියන් දිව එන්නේ පොලිසියට නිසයි.
 
පොලිස් පොතේ සුළු පැමිණිලි අංශයේ පිටුවල නිතර මොවුන්ගේ පැමිණිලි සටහන් වුණා.
 
කෙසේ නමුත් අවසනායේ කවුරුත් නොසිතූ නොපැතූ දෙයක් සිදු වුණා. එදින හිරිපොද වැස්සෙම ඌරු කෑම ගෙන ඒම සඳහා තම වැඩිමල් දියණිය සමඟ වසන්ති මවගේ නිවසින් පිටව යන්නේ නැවත කඩිනමින් නිවසට ඒමේ අරමුණින්.
 
වසන්ති නිවසින් පිටවනවාත් සමඟ වියරු වැටී සිටි මාකස් ඇය ඉදිරියට පැමිණියේ මාරවේශයෙන්.
 
"තාත්තේ... තාත්තේ මොකද මේ ? අපිට ලැජ්ජයි තාත්තේ පාඩුවේ ඉන්නකෝ..." දියණිය කෑ ගැසුවත් මාකස් නිකන් හිටියේ නැහැ.
 
"මම සඳහටම පාඩුවේ ඉන්නයි හදන්නේ. පොඩ්ඩක් හිටපන්..." යැයි කී මාකස් ඉනේ සඟවාගෙන සිටි උල් පිහිය අතට ගත්තා. ඉන් එල්ල වූ පහරින් වසන්තිගේ ගෙල පාසාරූ කරගෙන ගලා ආ රුධිරය දුටු වැඩිමහල් දියණිය කෑ මොර දෙමින් අසළ නිවෙසක් වෙත දිව ගියා.
 
අසල්වාසීන් එතැනට දිව යද්දි මාකස්ගේ ළයේ ද පිහි පහරවල් කිහිපයක් තිබුණා. දෙදෙනාම ඒ වන විටත් මරණීය තුවාල ලබා සිටියා.
 
පසුව ප්‍රදේශවාසීන් එක්ව දෙදෙනා කල්පිටිය දිසා රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් වසන්ති සහ මාකස් සඳහටම සමුගෙන තිබුණා.
 
පසුව කල්පිටිය දිසා රෝහල මඟින් කල්පිටිය පොලිසියට ලබා දුන් දුරකථන පණිවුඩයකට අනුව කල්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර අපරාධ ස්ථානයට ගොස් පුත්තල අතිරේක මහේස්ත්‍රාත් වරයාද පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියම කර තිබුණා.
 
-කේ. ප්‍රියංකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකින් උපුටා ගන්නා ලදී-
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top