හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා ජූලි 8 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට අවසර ලබා දුන්නා.
ඒ මෙම සැකකරුවන් ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මොවුන්ව මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා රහස් පොලීසියට උපදෙස් ලබා දී තිබුණේ.