"ඉක්මන් සුව මිත්‍රයා..!" - වෑන් රථයක ගැටුණු ගවයාට සිදු වූ දේ...
වෑන් රථයක් සහ ගවයෙකු ගැටීමෙන් අද (02) මාලඹේ තලාහේන ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් වෑන් රථයේ මුහුණත කොටසට අලාභ හානි සිදුව ඇති අතර ගවයාගේ පාදවලට තුවාල සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මෙලෙස අනතුරට ලක් වූ සුදු ගවයා, හොදින් වැඩුනු ප්‍රියමනාප අං තට්ටුවක් හිමි, සැමවිටම තලාහේන ප්‍රදේශයේ සැරිසරන ෙකවුරුත් දැක තිබෙන ගවයෙකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන්, අනතුර සිදු වූ අවස්ථාවේ තලාහේන ප්‍රදේශ වාසීන් බොහොමයක් එම ස්ථානයට පැමිණ ගවයාට අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීමට කටයුතු කර තිබෙනවා.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ මේ වන විට ගවයාගේ තත්ත්වය සුව අතට පත්ව ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.