නිල්වලා ගඟට වැටුණු පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට තොරතුරු වර්තාවනවා.
මෙලෙස පොලිස් නිලධාරියා නිල්වලා ගඟට වැටී ඇත්තේ නාදුගල ප්‍රදේශයේදී බවටයි තොරතුරු වාර්තාවන්නේ.
ඊයේ දිනයේ ඔහුගේ ජංගම දුරකථනය ගඟට වැටීමත් සමඟ ඔහු එය ගොඩට ගැනීමට උත්සහ කර තිබෙනවා.
එම අවස්ථාවේ ඔහු ගඟට ඇදවැටී ඇති අතර අවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ කිඹුලෙකු විසින් නිළධාරියා ඩැහැගෙන ගිය බවයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
ඔහුගේ සිරුර සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.