Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
02
සිය ලෙයින් උපන් දරු තිදෙනාව තනිකර දමා, අනියම් සැමියා සමඟ පහස විඳින්න මහ රෑ හොරෙන්ම පැන ගියපු, පාපතර මවකගේ කෙරුවාව හෙළි වෙයි - වැඩිමහල් දියණිය එක්ක ගැටුමකුත් ඇති වෙලා

- සිය ලෙයින් උපන් දරු තිදෙනාව තනිකර දමා, අනියම් සැමියා සමඟ පහස විඳින්න මහ රෑ හොරෙන්ම පැන ගියපු, පාපතර මවකගේ කෙරුවාව හෙළි වෙයි - වැඩිමහල් දියණිය එක්ක ගැටුමකුත් ඇති වෙලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56 Views
"කාන්තාව විදෙස්ගත වීමේ සැලසුමකුත් තිබුණලූ.."
 
සැකකාර මවට සිද්ධ වුණු දේ මෙන්න...
 
බාලවයස්කාර දරුවන් තිදෙනකු නිවෙසේ තනිකර දමා අනියම් සැමියා සමඟ මහා රෑ පලා ගිය කාන්තාවක අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතා මාදම්පේ පොලිසියට නියෝග කළේය.
 
අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මාදම්පේ - ඉරට්ටකුලමේ පදිංචි කාන්තාවක්ය.

වයස අවුරුදු 34ක් වන ඇයට දරුවන් තිදෙනෙකි. වයස අවුරුදු 16 සහ 11 වැනි වියේ දියණියන් දෙදෙනකු සහ අවුරුදු 08ක පිරිමි දරුවකුද ඒ අතර වේ. ඇයගේ සැමියා ඔවුන් හැර ගොස් ඇත. සැමියා විසින් නඩත්තු ගෙවීමත්, මාසයකට වතාවක් දරුවන් දැක ගැනීමට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඊට අමතරව සැකකාර කාන්තාවගේ සහෝදරියන්ද දරුවන් පෝෂණය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
 
මේ අතර සැකකාර කාන්තාව වෙනත් පුද්ගලයකු සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇත. එම පුද්ගලයා මෙම කාන්තාවගේ නිවෙසට රාත්‍රි කාලයේ පැමිණීම නිසා වැඩිමහල් දියණිය සහ සැකකාර කාන්තාව අතර මත ගැටුම්ද තිබී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
 
මේ අතර පසුගිය දිනක රාත්‍රි කාලයේ එක් වරම පැමිණ ඇති ත්‍රිරෝද රථයක නැඟී ඇය නිවෙසින් පිටත්ව යෑමට උත්සාහ කර ඇත.
 
එහිදී වැඩිමහල් දියණිය ඊට විරෝධය පළ කර ඇත. තමන් අසනීප තත්ත්වයෙන් පෙළෙන බවත්, ප්‍රතිකාර ලබා කඩිනමින් නිවෙසට පැමිණෙන බවත් පවසා ඇති කාන්තාව පිටත්ව ගොස් ඇත.
 
නමුත් මව ආපසු නිවෙසට නොපැමිණීම නිසා වැඩිමහල් දියණිය මේ බව මාදම්පේ පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව කරන ලද විමර්ශනවලදී සියලු තොරතුරු අනාවරණය වී ඇත.
 
වයස අවුරුදු 18ට අඩු දරුවන්ට මානසික සහ කායික පීඩා ඇති වන ආකාරයට කටයුතු කිරීම නිසා සැකකාර කාන්තාවට එරෙහිව කෲරත්වය හමුවේ නඩු පවරන බව පැමිණිල්ල ඉදිරිපත් කළ මාදම්පේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා ගයනි සඳමාලි රුද්‍රිගු මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියාය. එමෙන්ම සැකකාර කාන්තාව විදෙස් ගත වීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස පොලිස් පරීක්ෂකවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
 
සැකකාර කාන්තාවගේ විදෙස් ගමන් තහනම් කළ දිසා විනිසුරුවරයා ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යැවීමටද නියෝග කළේය.
 
අගතියට පත්ව ඇති දරුවන් තිදෙනා සැකකාර කාන්තාවගේ සහෝදරියන් භාරයට පත් කිරීමටද දිසා විනිසුරුවරයා නියෝග කළේය.
 
නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත
(උපුටා ගැනීම - මව්බිම පුවත්පත)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top