විවාහයට 350 ක් ඇවිත්...
මනමාලයා කිලෝ මීටර් 1095 ක දුරක් ගමන් කරලා...
උතුරු ඉන්දීය ප්‍රාන්තයක් වන බිහාර් ප්‍රාන්තයේ ඉකුත් ජුනි මස 15 වැනිදා කොරෝනා අගුලූ දැමීම මධ්‍යයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 350කට අධික ආරාධිතයින් පිරිසක් අතුරින් 111 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
විවාහ වූ දෙපළගෙන් මනාලයා විවාහ මංගල්‍යය පැවති දිනට පසු දිනයේ හදිසියේ මිය ගොස් ඇති අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිය විවාහයට සහභාගී වීම සඳහා මනාලයා කිලෝ මීටර් 1095ක දුරක් තම රථය ධාවනය කරමින් පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
උත්සවයට සහභාගී වූ 111 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් පසු සෞඛ්‍ය අංශ විසින් එයට සහභාගී වූවන් නිරෝධායනය කිරීම හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු ඉකුත් සතිය පුරාම සිදු කර තිබිණි.
ඉන්දියාවේ කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර යෑම හේතුවෙන් අගුලූ දැමීමේ නීතිය යටතේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වීමට උපරිම වශයෙන් අවසරය ලබා දී ඇත්තේ 50ක් වැනි වූ සීමිත පිරිසකට පමණි.
මෙවැනි තත්ත්වයක් තුළ එම නීතිය කඩ කරමින් 350කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වූයේ කෙසේද යන්න පිළිබඳවද බලධාරීන් විසින් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.