බාලවයස්කාර දැරියක් දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් එම දැරිය අපයෝජනයට ලක්කළ පුද්ගලයකු තවලම ප්‍රදේශයේ සැඟව සිටියදී පිටබැද්දර පොලිසිය අත්අඩංගුවට ගත්තේය.
මොහු පිටබැද්දර, ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහ තුනක් සිදු කරගත් පුද්ගලයකු බව පොලිසිය කියයි.
සිද්ධියට අදාළ දැරිය ප්‍රදේශයේ නිවසක සිටියදී මීට මාසයකට පමණ ඉහතදී පොලිසිය සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ සැකකරු එම නිවසින් පලාගොස් ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කළ අවස්ථාවේ ඇය අපහරණයට ලක්ව ඇති බවද අනාවරණය වී තිබේ.
සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
දිවයින
ප්‍රසාද් විද්‍යාරූප - අකුරැස්ස