සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ දවස්වල වැඩියෙන්ම කතා බහකට ලක් වන යොවුන් රංගන ශිල්පීන් දෙදෙනෙක්.
ඉතිං මේ දෙන්නාත් ඉන්න අලුත් වැඩක් ගැනයි මේ කියන්න හදන්නේ.
හිරු මාධ්‍ය ජලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව, හිරු TV නිෂ්පාදනය කරන පුංචි හිත්වල හීන ගැන කියාදෙන "අකුරු මැකී නෑ" නවතම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකකින් සාරංග හා දිනක්ෂිත් දායකත්වය සපයනවා.
ජූලි 03 වන දා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 8.00 ට හිරු T V ඔස්සේ, මේ දෙන්නත් සමඟ ,ගයාන් වික්‍රමතිලක, චතුරිකා පීරිස්, සමන් හේමරත්න ඇතුලු ප්‍රවීණ කලාකරුවන් රැසක් මෙන්ම ළමා නළු නිළි කැලක් ඔබේ ආලින්දයට පැමිණීමට සූදානමින් ඉන්නවා.
පුංචි හිත්වලට ආදරය අරගෙන, කසුන් තරින්දගේ අධ්‍යක්ෂණයෙන් එන "අකුරු මැකී නෑ" මෙරට ළමා, වැඩිහිටි, සියල්ලන්ටම නවමු අත්දැකීමක් වනු නොවනුමානයි.
මෙලෙස හිරු T V ඔස්සේ ජූලි 03 සිට සතියේ සෑම දිනකම රාත්‍රී 8.00ට ඔබේ ආලින්දයට එන "අකුරු මැකී නෑ" ටෙලි නාට්‍ය ඔස්සේ , ඔවුන් කරන්න යන දේ ගැන සාරංග සහ දිනක්ෂි කිව්වේ මෙහෙමයි.