කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු දිවා සුරැකුම් මධ්‍යස්ථාන අද සිට යළි විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.
දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැළකිල්ලට ගෙනයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් හයදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගියා.
ඔවුන්ගෙන් හතරදෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ ඇති අතර, අනෙක් තුන්දෙනා ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ ඩුබායි සිට පැමිණි අය වනවා.
ඒ අනුව කොරෝනා ආසාදිතයන් 295ක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 1748ක්.
එමෙන්ම කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නෞකාවක සේවය කළ කාර්ය මණ්ඩලයේ නැවියන් 54 දෙනෙකු රැගෙන විශේෂ යානයක් මත්තල ගුවන් තොටුපලේ සිට එංගලන්තය බලපා අද අලුයම 5.50 ට පිටත්ව ගියා.
මෙම ගුවන් යානය තුළ ගුවන් කාර්ය මණ්ඩලය ලෙස 15 දෙනෙකු සේවයේ යෙදී සිටින අතර, එම යානය ඊයේ උදෑසන 10.20 ට රෝමයේ සිට කොළඹ වරායේ ඇති නොෟකාවක් සඳහා නැවියන් 155 දෙනෙකු රැගෙන මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණා.
කොවිඞ් 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය පීසීආර් යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කර තිබෙනවා.
එම යන්ත්‍රය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කිීරීම ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.
මේ අතර ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10793,057 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව දැක්වන්නේ 518,046 ක් ලෙසයි.
ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවූ අතර, එය සැළකෙන්නේ මෙතෙක් එරටින් දිනක් තුළ වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි.
ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් මරණ 1,057 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 60,713 ක් ලෙසයි.
නව ආසාදිතයන් 44,884 ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14ලක්ෂ 53,369 ක් ලෙස සටහන් වනවා.
දෛනික ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඇමරිකාවේ ගතවූ පැය 24 තුළ ආසාදිතයන් 50,312 ක් එරටින් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වන්නේ 27 78,165 ක් ලෙසයි.
දෛනික මරණ 667 ක් සමඟින් ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 130,789 ක් දක්වා ඉහළ ගියා.
ඉන්දියාවේ නව මරණ 438 ක් වාර්තාවී ඇති අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 17,848 ක් ලෙසයි.
නව ආසාදිතයන් 19,428 ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 605,220 ක් ලෙස දැක්වුණා.