Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
02
"මගේ බිරිද වෙන පිරිමි කෙනෙක් එක්ක ආදරෙන් කතා කරන සද්දේ ඇහුණා..බිරිදත් ඌත් එක්ක හුරතල් වෙනවා.." - මත්පැනට ලොල් වූ ජගත්ට අවසානයේ අත්වූ ඉරණම

- "මගේ බිරිද වෙන පිරිමි කෙනෙක් එක්ක ආදරෙන් කතා කරන සද්දේ ඇහුණා..බිරිදත් ඌත් එක්ක හුරතල් වෙනවා.." - මත්පැනට ලොල් වූ ජගත්ට අවසානයේ අත්වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

315 Views
"සිප ගන්න සද්දේ ඇහෙනවා, මගේ මුළු ඇගම වෙව්ලන්න පටන් ගත්තා..."

"ඒ දෙන්නගේ කතා මට අහගෙන ඉන්න බැරි වුණා, මම මුහුදට පැන්නා..

ජගත් සිල්වා. ඔහුගේ වයස අවුරුදු 40යි. ගම බද්ද්ගම. රැකියාව ලෙස කළේ ධිවර රැකියාව. ඔහු මුහුදු යන්නේ ඔහුට අවුරුදු 18ක පමණ සිටයි. වසර 22ක සිට මුහුදු යන ජගත් මාස දෙකක් පමණ රැකියාවට ගියේ නැහැ. එහෙම නොයන්න ඔහුට හේතුවක් තිබුනේ නැහැ. නමුත් මුහුදු යෑම නීරස බවක් ඔහුට දැනුනු නිසා ඔහු නිවසේ රැදුනා. දෙදරු පියෙක් වුණු ජගත්ට වියදම දුන්නේ බිරිද. ඇය තරමක් ලස්සන කාන්තාවක්. ඇගළුම් කර්මාන්ත ශාලාවක රැකියාවක් කළ ඔහුගේ බිරිදට නිවසේ වියදම තනිවම හොයා ගන්නත් දරුවන්ගේ හා නිවසේ වැඩ කටයුතු සිදු කරන එකත් අසීරු දෙයක් වුනා.

ජගත් නිවසේ රැදී සිටි මාස දෙකම කළේ ගමේ කල්ලි ගැසී මත්පැන් හෝ රා තොලගෑමයි. උදෑසනින් නිවසින් පිටත් වෙන ජගත් මහා රෑ නිවසට ආවේ සූර් මරගාතේය. ඒ ඇවිත් බිරිදටත් දරුවන්ටත් හිරි හැර කළා. ඇතැම් දිනවලට ඔහු ඔවුන්ට පහර දුන්නා. බිරිද හම්බ කරන සොච්චම් මුදල සොරකම් කරගෙන දිනපතා බොන්න පුරුදු වුනු ජගත් රැකියාවක් කරන්න කැමති වුනේම නැහැ. බිරිදගේ පෙරැත්ත මත ඔහු නැවත මුහුදු යන්න තීරණය කළා. ඒ නිවසට කිහිපවරක් පැමිණ රැකියාවට එන්න කියා කතා කළ මිතුරාගේ කීමටයි.

"මම දන්න කාලේ ඉදලා කරන්නේ මුහුදු රස්සාව..මාස දෙකක් විතර ගෙදර නිදහසේ ඉදලා මම ආයෙමත් රස්සාවට ගියා..මුහුදු ගියාම ගෙදර එන්නේ සතියකට විතර පස්සේ..මාස දෙකක් ගෙදර ඉදලා මුහුදු ගිය පලවෙනි දවසේ මට අමුතු හැගීමක් ඇති වුනා..ඒ මොකක්ද කියලා මට තේරුනේ නැහැ..තනිකමක් වගේ දෙයක් නෙමෙයි..මොකද මුහුද මැද දවස් ගණන් ගෙවන අපිට ඒක මහා ලොකු දෙයක් නෙමෙයි..පලවෙනි දවස ඒ විදිහට ගෙවිලා ගියාට පහුවදා උදෙන්ම මම නැගිට්ටා..දෙන්නෙක් නිදාගෙන හිටියා.. මම නිදාගෙන හිටපු ඇද යටින් අමුතු සද්දයක් ආවා..මම ගණන් ගත්තේ නැහැ..මම එහෙමම එලියට ගියා..එදා යාන්තමට පින්න වැටෙනවා..වැස්සක් එන පාටක්වත් තිබ්බේ නැහැ.. මම බෝට්ටුවේ බදේට හේත්තු වෙලා අහස දිහා බලාගෙන හිටියා..කවුරුවත් පෙන්න නැහැ අපේ කට්ටිය..එයාලා නැගිටින්න වෙලාව තිබ්බා..මුහුදු මැද එන්නේ එකම සද්දෙනේ..වතුර සද්දේ..නමුත් මට එක එක සද්ද ඇහෙනවා..ඒ හඩවල් ගැන මට අවබෝධයක් තිබ්බේ නැහැ..හොල්මන් භූත වලට අපි බය නැහැ..නමුත් ඒ ආපු සද්දේට මම ඇත්තටම බය වුනා..මම දුවලා ගිහින් ඇදෙ ගුලිගැහුනා..කන්දෙක කොට්ටයකින් තද කරගත්තා..නමුත් අර ආ සද්දේ මට ඇහෙනවා..නිකන් මගේ පස්සෙන් කවුරු හරි ඉන්නවා වගේ..දවල් වුනා..මම උදේට කෑවේවත් නැහැ..බඩගින්නක් තිබ්බත් කන්න බැහැ..තරහා යනවා..මම හිටපු යාළුවො එක්කත් රණ්ඩු කරගත්තා.. මට එක එක සද්ද ඇහෙනවා කියලා එයාලට කිව්වට අහන්නේ නැහැ..මම නිසා එයාලට වැඩක් කරගන්නත් නැහැ..බැරිම තැන මම ඇදට ගියා..එතකොට දවල් එකට විතර වෙලාව ඇති..ඇද යටින් වතුර බටයක් තියෙනවා..මට එකෙන් සූස් ගාලා සද්දයක් ආවා..විනාඩි කිහිපයකින් එක නැති වුනා..ආයෙමත් ආවා..මම බටේට කණ තිබ්බා..එතකොට මට මගේ බිරිද වෙන පිරිමි කෙනෙක් එක්ක ආදරෙන් කතා කරන සද්දේ ඇහුණා..බිරිදත් ඌත් එක්ක හුරතල් වෙනවා..සිප ගන්න සද්දේ ඇහෙනවා..මගේ මුළු ඇගම වෙව්ලන්න පටන් ගත්තා..ඒ දෙන්නගේ කතා මට අහගෙන ඉන්න බැරි වුණා..මම බටෙන් කණ අයින් කරලා එහෙමම බිමින් වාඩි වෙලා හිටියා..ඒත් එක එක සද්ද ඇහෙනවා.."

ඔහුට ඇහුනේ බිරිදගේ කටහඩ. බිරිද වෙනත් පිරිමි කෙනෙකු සමග හාද වී පෙම්සුව විදිනවා ඇති කියා ඔහුට සැකයක් ආවා. නමුත් ඉන්නේ මුහුද මැද නිසා නැවත යනතුරු ඉවසිල්ලෙන් ඉන්න සුදුවන බව ඔහු දැනගෙන හිටියත් යනතුරු ඉවසිල්ලෙන් ඉන්න බැරි බව ජගත්ට තේරුම් ගියා..ඔහු වහාම වෙලුනු උගුරු කට වතුරෙන් තෙමා ගන්න වතුර බෝතලය අතට ගත්තා. නමුත් ඔහුගේ මුළු සිරුරම වේගයෙන් ගැහෙන්න පටන් ගත් නිසා වතුර බොන්න හැකියාවක් ලැබුනේ නැහැ..ඔහු වැටී වැටී බෝට්ටුවේ ඉහල කොටසට ගියේ සිදුවෙන දේ යහළුවන්ට කියන්නයි..නමුත් ඔහු කියන කිසිදෙයක් ඔවුන් විශ්වාස කළේ නැහැ.ඔහුගේ සිරුර ගැහෙනවා ඔවුන් දැක්කත් උණ රෝගය ඇති කියා සිතා ඔහුට විවේක ගන්න ලෙස ඔවුන් කිව්වා.

"මට ඇති උණක් නැහැ..මම එයාලා එක්ක රණ්ඩු කරා..අන්තිමට තුන්දෙනෙක් එකතු වෙලා මාව වටකරගත්තා මම බිම වැටිලා හිටියේ..මේ තුන්දෙනා යාළුවො කියලා මම දන්නවා නමුත් එයාලා මගේ ඇගටම එනවා වගේ මම දැක්කේ..මුණු ටික යක්කු වගේ..දත් ඉස්සරහට ඇවිත් ..විරූපී වෙලා ..ඒක දකිද්දී මම හොදටම බය වුනා..මම හිතුවේ යක්කු එක්ක ඉන්නේ කියලා..අමාරුවෙන් නැගිටලා මම මුහුදට පැන්නා..මට මතක එච්චරයි..සිහිය එද්දී මම රෙද්දක් පොරවලා ලණුවලින් මාව ගැටගහලා තිබ්බේ..මම ඇහුවා ඇයි මේ කියලා..උබ පිස්සුවක් නැතුවනේ කියලා යාලුවෝ කිව්වා..ඔහොමම හිටපන් දැන්වත් දගලන්නේ නැතුව කියලා කිව්වා..ටික වෙලාවක් යද්දී මගේ අතපය ආයෙමත් වෙව්ලන්න ගත්තා..ඒ වේදනාව දරාගන්නම බැරි වුන..එයාලා මාව ගැටගහලම තිබ්බා..මට හිතුනා මෙයාලා ගොඩබිමට යනවා ඇති කියලා..මාව තියාගන්නම බැරි නිසා අයෙම ගොඩට ආවා..ආපු ගමන්ම යාළුවො මාව ත්‍රිවිල් එකක දාගත්තා ගෙදර යනවා කියලා..නමුත් මාව එක්කගෙන ගියේ ගෙදර නෙමෙයි..හොස්පිටල් එකට.."

ඔහුගේ දරුණු වෙනසක් දුටු නිසා ඔහු සමග සේවය කල යහළුවන් ඔහුව රෝහලට රැගෙන ගොස් තිබෙනවා. එහිදී ඔහුව වෛද්‍ය ඒකකයට යොමු කර තිබෙනවා..දීර්ඝ කාලයක් තිස්සේ ඔහු මත්පැන් ගන්න කෙනෙක් නිසා ඔහුට ඇතිව තිබුනේ කුමක්ද කියා තේරුම් ගැනීමට වෛද්‍ය ඒකකයේ සිටි වෛද්‍යවරුන්ට එතරම් වෙලාවක් ගියේ නැහැ. වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහුව මනෝ ඒකකයට යොමු කරනු ලැබුවා.

"මේ පුද්ගලයාව මට යොමු කළේ වෛද්‍ය ඒකකයෙන්. ඔහු දැඩිව මත්පැන් වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. නිවසේ රැදිලා හිටියා කිව්ව මාස දෙකේ දිනපතා මත්පැන් අරගෙන තියෙනවා. ඒ වගේම මිට පෙර ගත්ත ප්‍රමාණවලට වඩා වැඩියෙන් මත්පැන් අරගෙන තියෙනවා.. ඔහු මුහුදු ගිහින් තියෙන්නේ මත්පැන් නොගෙන..ඒ නිසා තමයි අත්පය වෙව්ලන්න පටන් අරගෙන තියෙන්නේ..පැය 6ක් මත්පැන් නැතිව ඉන්නකොට තමයි ඔහුගේ ස්භාවය වෙනස් වෙලා තියෙන්නේ..එයාට ඇහිලා තියෙනවා කවුරු හරි කතා කරනවා වගේ කටහඩවල් කිහිපයක්..බිරිද වෙන කෙනෙක් එක්ක ඉන්න බව ඇගවෙන කතා කිව්වා..ගෙදර ඉන්න බිරිදගේ කටහඩ පයිප්ප බටයක් දිගේ එන්න විදිහක් නැහැනේ.. ඔහුට ප්‍රතිකාර කරන්න ඔහු එක්ක කතා කරපු දේවල් එක්ක තේරුම් ගිය දෙයක් තමයි ඔහු සවන භ්‍රාන්තිය (auditory hallucinations) පෙලෙන බව. ඒ නිසා තමයි කටහඩවල් ඇහිලා තියෙන්නේ..ඒත් එක්කම මෝහමය තත්ත්වයක් ඇති වෙලා..මෙහිදී කලබල වෙලා, අතපය වෙව්ලන්න අරගෙන, දහදිය දාලා, යාළුවො මෙයාව හිරකරලා කියල කියලා හිතපු එක..මේ දේවල් එක්ක යාලුවෝ ප්‍රේතයෝ යක්ෂයෝ වගේ පෙනිලා තියෙන්නේ දෘෂ්ඨි භ්‍රාන්තිය (visual hallucinations) හේතුවෙන්. බය වුනු නිසා ඉන් බේරෙන්න එයා මුහුදට පැනලා.. ඒවා මත්පැන් විරමණ ලක්ෂණ තමයි...ඔහුට මත්පැන් ඇබ්බැහිවීම අඩුකරන්න ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නා..ඒ වගේම ශරීර ශක්තිය වැඩෙන්න විටමින් වර්ග දුන්නා..ඒ වගේම මනෝ උපදේශනය ලබා දුන්න..ඔහු ඒ දේවල් හරියට අනුගමනය කල නිසා මේ වෙද්දී මත්පැන් සම්පුර්ණයෙන්ම නතර කරලා හොද ජිවිතයක් ගත කරනවා..

ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕන මත්පැන්වලට ඇබ්බැහි වෙන්න කාලයක් අවශ්‍ය නැහැ කියන එක..කෙටි කාලයක් වැඩිපුර මත්පැන් ලබාගත්තත් විරමණ ලක්ෂණ එන්න පුළුවන්..අතපය වෙව්ලීම මත්පැන් නැතුව ඉන්න බැරි ගතිය වගේ දේවල්..සමහරු පාලනයක් නැතුව මත්පැන් ගන්නවා..ඒකත් ඇබ්බැහිවිමක්..මත්පැන්වලට ඇබ්බැහි වුනොත් කාටහෝ මෙවැනි ඉරණමක් අත්වෙන්න පුළුවන්..ඒ නිසා මත්පැන් පාලනයකින් තොරව ගන්නවා නම්, අධික ලෙස පානය කරනවා නම්, මත්පැන් අවශ්‍යයි එය නැතුව ඉන්න බැහැ කියලා හිතනවා නම් වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.. ඒ සදහා දීර්ඝ කාලයක් ප්‍රතිකාර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ..ප්‍රතිකාරවලින් සුවදායක ජිවිතයක් ගත කරන්න පුළුවන් ..සමහරු ඊට ප්‍රතිකාර කරන්න ලැජ්ජා වෙනවා..එහෙම ඉන්න එකෙන් වෙන්නේ දරුණු වෙන එක කියලා මතක තබා ගත යුතුයි.."

හර්ෂණී වීරරත්න
විශේෂ ස්තූතිය - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන්
නම් ගම් මන:කල්පිතයි


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top