2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද පෙරවරු 9 ට පැමිණීමට නියමිතයි.
එම ඒකකය පසුගිය දින දෙකෙහි මේ සම්බන්ධයෙන් එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වාගෙන් සහ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබුණා.
ඊට අමතරව මෙම චෝදනාව එල්ල කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන්ද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගත්තා.