සබරගමුව පළාතට අයත් මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දෙවනගල ඓතිහාසික පුදබිම පුරා විද්‍යා ස්මාරකයක් ලෙසයි නම් කර ඇත්තේ.
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩමවන අතරතුර එක් දිනක් දෙවනගල පුදබිමේ සමවත් සුවයෙන් ගත කළ බව සාසනික ඉතිහාසයේ සදහන්.
අක්කර 72 ක වපසරියකින් යුත් ගල් තලාවක පිහිටි මෙම පුදබිමේ වටිනා සෙල් ලිපිවලට පසුගිය කාලයේ අන්තවාදී පිරිස් විසින් ඇසිඩ් හා විවිධ රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කිරීමට උත්සාහ දරා තිබුනා.
එයින් ද නොනැවතී, පසුගියදා ඇදිරිනීතිය පනවා තිබියදීත්, පුදබිමටම පැමිණි සංවිධානාත්මක පිරිස් විහාරාධිපති හිමියන්ට තර්ජන සිදුකළ අතර මේ සියල්ල හිරු සී.අයි.ඒ. හරහා අප හෙලි කළා.
එවන් පසුබිමක් තුල මාවනැල්ල - ගම්පොල මාර්ගයේ දෙවනගල පුදබිමට පිවිසෙන ප්‍රධාන පිවිසුම පිහිටා ඇති කටුගහවත්ත ප්‍රදේශයේ පඩිපෙල ආවරණය වන පරිදි අන්‍යාගමිකයෙකු ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර තිබෙනවා.
අදාළ පුද්ගලයාගේ ඉඩමේ ඇති ගසක අදාළ කැමරා සවිකර ඇති අතර, එමඟින් පුද බිමට පැමිණෙන බැතිමතුන් නිරීක්ෂණය කරන බවයි දෙවනගල භාරකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් ප්‍රකාශ කරන්නේ.
පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි - දෙවනගල විහාරාධිකාරී දෙවනගල පුදබිමේ ඉතිහාසය මකා දැමීමට කලකට පටන් පිඹුරුපත් සැකසූ සංවිධානාත්මක පිරිස් තවදුරටත් තම අරමුණු හකුලා ගෙන නොමැති බව මේ හරහා පැහැදිලි වන කරුණක්.
පුදබිමකට පැමිණෙන බැතිමතුන් පවා මෙලෙස නිරීක්ෂණයට ලක් කරන්නේ කුමන අරමුණක් ඇතිවද?
පසුගිය කාලයේ මාවනැල්ල ප්‍රදේශය අවට බුදුපිළිමවල ප්‍රහාර එල්ල කරමින් අනවශ්‍ය ජාතිවාදී ගැටුම්වලට අන්තවාදී පිරිස් පාර කැපූ අයුරු අමතක කළ නොහැකි කරුණක්.
මෙරට නීතිය කරවන බලධාරීන් දෙවනගල පුදබිම අවට සිදුවන මෙම ක්‍රියාකාරකම් වහාම සොයා බැලීමට කාලය පැමිණ ඇති බවයි අපගේ හැඟීම.
දෙවනගල පුදබිමට අනාගත පරපුරට රැකදීම සඳහා හිරු සී.අයි.ඒ අවධි නෙත ඉදිරියේදීත් නිරන්තර අවධානයෙන්.