Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
01
"මම කවදාවත් බලාගෙන චිත්‍ර අඳින්න ආස නෑ, හිතින් මැවෙන දේ තමයි ආස.." - යුග ගණනාවක් පුරා ළමා සාහිත්‍යය වෙත, විචිත්‍රත්වය තිළිණ කළ කෘතහස්ත ලේඛිකා, "සිබිල් ආත්තම්මා". - ලබන සිකුරාදා බොරැල්ල කනත්තේදී අවසන් ගමන් යන ඇය ගැන, සංවේදී මතක ආවර්ජනයක් - Video

- "මම කවදාවත් බලාගෙන චිත්‍ර අඳින්න ආස නෑ, හිතින් මැවෙන දේ තමයි ආස.." - යුග ගණනාවක් පුරා ළමා සාහිත්‍යය වෙත, විචිත්‍රත්වය තිළිණ කළ කෘතහස්ත ලේඛිකා, "සිබිල් ආත්තම්මා". - ලබන සිකුරාදා බොරැල්ල කනත්තේදී අවසන් ගමන් යන ඇය ගැන, සංවේදී මතක ආවර්ජනයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,110 Views
කොටු කෑල්ලක් අරන් මිදුලේ තමයි මුලින්ම චිත්‍ර ඇන්ඳේ..
 
ගිනස් පොතටත් ගිය සිබිල් ආත්තම්මාගේ කඳුළු මතක ගොන්නක්...
 
මම තාම ළමෙක් හැටියටයි ලියන්නෙත් හිතන්නෙත්...
 
යුග ගණනාවක් පුරා ළමා සාහිත්‍යය වෙත විචිත්‍රත්වය තිළිණ කළ කෘතහස්ත ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය සිය ජීවන කතා පුවත අද ලියා අවසන් කළා.
 
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදුකිරීමට නියමිතයි.

මේ, කා අතරත් ප්‍රචලිත සිබිල් නැන්දා පිළිබඳ සුන්දර මතක සටහනක්.
 
1928 වසරේ දී දකුණු ළක ගිංතොට දී උපන් සිබිල් ද සිල්වා කුඩා කළ තමන්ගේ සිතුවම් ගැන හිරු සමඟ මතකය අවදි කළේ මෙලෙසින්.
 
සිතුවම් කලාවේ නිදහස උපරිමව විඳගත් ළමා කාලයක් ඇයට උරුම වී තිබුණා.
 
පසුකාලීනව කොළඹ දී වැඩිදුර අධ්‍යාපනය ලබන සිබිල් 1948 සිට පුවත්පත් කලාවට පිවිසෙන්නේ තමාටම අනන්‍ය වූ සිතුවම් කලාව ද පෙරටු කරගෙනයි.
 
ඒ අතරතුර ඇය ළමා කතා රචනයටත් අත්පොත් තබන්නේ අනපේක්ෂිත අයුරින්.
 
එය මෙරට ළමා සාහිත්‍යයේ නව පරිච්ඡේදයක් සටහන් කරනවා.
 
එතැන් පටන් ඇය ළමා සාහිත්‍යය වෙනුවෙන් නිර්මාණ රැසක් තිළිණ කළා.
 
යුග ගණනාවක් පුරා එකී නිර්මාණ අදටත් ලොකු කුඩා කාගේත් මතකයේ රැඳී පවතිනවා.
 
පසුගිය වසරේ තමා ලියූ ළමා කතාවක අවසාන ලියා නිම කිරීම වෙනුවෙන් ඇය මෙරට සුවසහක් දරු පරපුරට ඇරයුම් කළා.
 
ලොව වැඩිම අවසානයක් සහිත ළමා කෘතිය වෙනුවෙන් ගිනස් පොතේ සිබිල් නැන්දාගේ නම සටහන් වන්නේ ඊට ලද දාහස් ගණනක ප්‍රතිචාර හේතුවෙන්.
 
හැඟීම් ‘‘සිතුවම්“ කරමින් නිදහසේ සිතුවම් කලාව ඔස්සේ ලෝකයට ආදරය බෙදූ ඒ රහස ඇය හෙළි කළේ මෙලෙසයි.
 
පරම්පරා ගණනාවගෙන් ආදරණීය සිබිල් නැන්දා ලෙස ඇමතුම් ලද ඇය සිය ජීවිතයේ පළමු දුක්මුසු කතාව ලියා අවසන් කළේ අද අලුයම් කාලයේයි.
 
ඇයගේ අභාවයෙන් බොහෝදෙනෙකු කම්පාවට පත්වූ බවට නොරහසක්.
 
දරුවන්ට උරුම නිදහස වෙනුවෙන් දශක නවයක සිය ජීවිතය කැප කළ ඇය ලබන සිකුරාදා බොරැල්ල කනත්තේ දී අවසන් ගමන් යනවා.
 
ඒත් සිබිල් නැන්දාගේ සිතුවම් සහ කතන්දර අප සැමගේ සිත් තුළ සදා ජීවමාන වනු ඇති.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top