Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
01
"උඹට වෙන මිනිහෙක් එක්ක ඉන්න පුළුවන් නම් ඇයි මේ මිනිහා එක්ක ඉන්න බැරි..?" - ගජ මිතුරා සමඟ බිරිඳට ලිංගිකව එකතු වෙන්න කියා, සිය තිරිසන් ආශාවන් සපුරාගන්න ගිය පාපතරයෙකුගේ කෙරුවාව හෙළි වෙයි - අමානුෂිකව බිරිඳව ඝාතනය කළ හැටි මෙන්න

- "උඹට වෙන මිනිහෙක් එක්ක ඉන්න පුළුවන් නම් ඇයි මේ මිනිහා එක්ක ඉන්න බැරි..?" - ගජ මිතුරා සමඟ බිරිඳට ලිංගිකව එකතු වෙන්න කියා, සිය තිරිසන් ආශාවන් සපුරාගන්න ගිය පාපතරයෙකුගේ කෙරුවාව හෙළි වෙයි - අමානුෂිකව බිරිඳව ඝාතනය කළ හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44 Views
මරණය වැළඳගන්න ඔන්න මෙන්න තිබියදී බිරිඳ පොලිසියට හෙළි කළ දේ..
 
"මම ගිනි තියාගන්න ද නැතිනම් උඹ ගිනි තියනවද?"
 
"වෙනදා වගේ නෙවෙයි, ලොකු ආදරේකින් එදා කතා කළේ.."
 
පවුලක අඹු සැමියන් අතර ඇති වන බහින් බස් වීම් දුරදිග ගොස් පහරදීම් දක්වා වර්ධනය වී මනුෂ්‍ය ඝාතනයකින් කෙළවර වීමේ සිද්ධි මෙරට ඕනෑ තරම් ය.
 
මේ සිද්ධිවලට වැඩිපුර හේතු වී ඇත්තේ මත් ද්‍රව්‍ය භාවිතය හා අනියම් සබඳතා බව රහසක් නෙවේ.
 
ඇතැම් පවුල්වල නූගත් කම හා දුප්පත් කම ද එම ගැටුම් තව තවත් වර්ධනය වීමට හේතු වෙයි.

පවුල්වල ඇති වන ආරවුල් හේතුවෙන් එම පවුලේ බිරිය හෝ සැමියා ඝාතනය වීම නිසා එම පවුල්වල දූ දරුවන් සමීප ඥාතීන්ද පීඩාවට පත් වීම බරපතල සාමාජීය කරුණක්.
 
සැමියෙක් සිය බිරියගේ සිරුරට ගිනි තබා ඝාතනය කළා කියන සිද්ධියක් පෑලියගොඩ මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් බියගම පාර, පට්ටිය, කැළණිය ප්‍රදේශයෙන් පසුගියදා වර්තා වුණා.
 
ඉහත ලිපිනයේ පදිංචි දෙදරු මවක් වන විසි අට හැවිරිදි පොඩිසිංහ ආරච්චිගේ රවීචන්ද්‍රන් පුගනේෂ්වරී බරපතළ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට මාසයක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මිය ගියා.
 
පූගනේෂ්වරී බරපතළ පිළිස්සුම් තුවාල සහිතව 1990 සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේ ඇගේ නැන්දම්මා විසිනුයි. ඇය පවසන්නේ තම ලේලිය ගිනි තබාගෙන ඇති බවයි.
 
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසින් පෑලියගොඩ මූලස්ථාන පොලිසියට දුරකථන ඇමතුමක් දී මෙම සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව විවිධ පැමිණිලි අංශයේ නිලධාරින් විසින් මෙහි මූලික විමර්ශන ආරම්භ කෙරුණා.
 
බරපතළ පිළිස්සුම් සහිතව තුවාල සහිතව සිහිසුන්ව සිටි පූගනේෂ්වරී සිහිය ලැබීමෙන් අනතුරුව පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. එහිදී ඇය පැවසුවේ මේ සිද්ධිය වූ දින ඇය හා සැමියා අතර ඇති වූ ආරවුලකදී තමන් නිවසේ තිබූ කුප්පි ලාම්පුවෙන් භූමිතෙල් සිරුරට හලා ගැනීමෙන් පසුව සැමියා තම සිරුරට ගිනි තැබූ බවයි.
 
එම ප්‍රකාශයත් සමඟ පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් මේ සිද්ධිය සම්බන්ධව පුළුල් විමර්ශන ආරම්භ කළා.
 
අපරාධය සිදුවූ ස්ථානයට ගිය කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශනාගාරයේ (සොකෝ නිලධාරින්) සිය විමර්ශන සිදු කළා.
 
ඉන් පසුව පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරිණියක් පූගනේෂ්වරීගෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගත්තා.
 
එම ප්‍රකාශයට අනුව පූගනේෂ්වරී ජීවත් වී ඇත්තේ සැමියා, සැමියාගේ මව හා දරුවන් දෙදෙනා සමඟ එකම නිවසකයි.
 
මේ සිද්ධියට සම්බන්ධ සැකකාර ස්වාමි පුරුෂයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය-වලට පෙළඹී සිටි අයෙක්.
 
පූගනේෂ්වරී පෑලියගොඩ ප්‍රදේශයේ තේ කොළ නිපදවන කර්මාන්ත ශාලාවක සේවය කරමින්, එයින් ලැබෙන වැටුපෙන් සිය දරුවන් මෙන්ම සැමියාගේ මවද රැක බලාගෙන තිබුණා. ලැබෙන සොච්චම ආහාර පාන ආදියට පවා මදි වූ නමුත් ඇගේ සැමියා මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇයගෙන් නිරන්තරයෙන් මුදල් ඉල්ලමින් ගැටුම් ඇති ගැනීම ඇයට මහත් හිසරදයක් වුණා.
 
මෙම සිද්ධිය වූ දින උදෑසන පූගනේශ්වරී සිය සේවා ස්ථානයට යාමට සුදානම් වෙද්දි ඇගේ සැමියා ඇය අසලට පැමිණ ඇයට දැඩි සෙනෙහසකින් එදින නිවසේ නතර වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
 
එහිදී පුනේෂ්වරි සිය සැමියාගේ හැසිරීම පිළිබඳ විමතියක් ඇති වූවා.
 
කලින් දිනවල මෙම නිවසේ රසවත් ආහාර පිස නොමැති නිසා හොඳ ආහාර වේලක් පිළියෙල කර ආහාරයට ගත යුතු බවට සැමියා පූගනේශ්වරීට පවසා තිබෙනවා. ඉන්පසුව සැමියා නිවසින් පිටව ගොස් ටික වෙලාවකින් තවත් පුද්ගලයෙකු සමඟ නැවත නිවසට පැමිණ තිබෙනවා.
 
නිවසට කැඳවාගෙන පැමිණි පුද්ගලයා සමඟ සමීප හැසිරෙන ලෙස පූගනේෂ්වරීට පවසා තිබෙනවා. මින් දැඩි ලෙස කිපෙන පූගනේෂ්වරීට කර කිය හැක්කක් නොවුණා.
 
සැමියා එම පුද්ගලයාගෙන් රුපියල් තුන්දහසක මුදලක් ලබාගෙන මත් කුඩු මිලදී ගැනීම සඳහා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. අනතුරුව පූගනේෂ්වරී එම පුද්ගලයාට බැන වැදී කොස්සෙන් පහර දී ඔහු නිවසින් පලවා හැර තිබෙනවා.
 
පසුව එහි පැමිණි සැමියා, "උඹට වෙන මිනිහෙක් එක්ක ඉන්න පුළුවන් නම් ඇයි මේ මිනිහා එක්ක ඉන්න බැරි" යැයි පවසමින් ඇයට පහර දී තිබෙනවා.
 
මේ සිද්ධිය වන අවස්ථාවේ එම නිවසේ පූගනේෂ්වරීගේ නැන්දම්මා හා දරුවන් දෙදෙනා සිට නැහැ. සැමියා මිතුරෙක් කැඳවාගෙන විත් ඇය ගණිකා සේවයේ යොදවන්නට උත්සහා කළේ ඒ පසුබිම යටතේ යි.
 
එම සිද්ධියෙන් අනතුරුව දැඩි ලෙස කළකිරී නිවසේ තිබූ කුප්පි ලාම්පුවේ භූමිතෙල් සිය සිරුරට හලා ගන්නා ඇය "මම ගිනි තියාගන්න ද නැතිනම් උඹ ගිනි තියනවද? " කියා සැමියාගෙන් විමසා තිබෙනවා. එවිට නිවසේ වෙන කෙනෙකු නොමැති බැවින් සැමියා "මම ගිනි තියන්නම්" යැයි පවසා ඇයගේ සිරුරට ගිනි තබා ඇති බව හෙළි වී තිබෙනවා..
 
පසුව ඇය බරපතල තුවාල ලබා සිහිය නොමැතිව රෝහල්ගත කළ අතර සැකකරු ප්‍රදේශය අත හැර පලා ගොස් තිබෙනවා. එම බරපතළ තුවාල සහිතව ප්‍රතිකාර ලැබූ සූගනේෂ්වරී ප්‍රතිකාර ලබන අතරේ මිය ගියා.
 
මේ ඝාතනය සම්බන්ධව කොළඹ අළුත් කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පෑලියගොඩ පොලිසිය කටයුතු කළා.
 
කොළඹ අළුත් කඩේ අංක 05 මහේස්ත්‍රාත් වයි.ආර්.එස්. නෙළුම්දෙණිය මහතා මෘත ශරීරාගාරයට ගොස් පරීක්ෂා කර බලා මෙම සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තා කරන ලෙස එහි අධිකරණ වෛද්‍යවරයා නියම කළා.
 
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි මලින්ත ද සිල්වා මහතා එම සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධික පිළිස්සුම් තුවාල මත ශරීරයේ අභ්‍යන්තරයට සිදු ව ඇති හානි නිසා මෙම මරණය සිදු ව ඇති බවට නිගමනය කළා.
 
පූගනේශ්වරීගේ මෘත දේහය මරණකාරිගේ බාල සොහොයුරෙකුට භූමදාන කටයුතු සිදු කිරීමට බාර කෙරුණා. සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැය කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කළේ ඉන් අනතුරුවයි.
 
ඒ අනුව ප්‍රදේශයේ පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් මත සැකකරු එම නිවසට පැමිණ ප්‍රදේශයෙන් පලා යාමට ඇඳුම් පැළඳුම් එක්රැස් කරන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා.
 
පසුව මෙම සිද්ධිය සම්බන්ධව 32 හැවිරිදි සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
 
මෙම සැකකරු පදිංචිව සිටි නිවෙස කැළණි ගඟට මායිම්ව ලෑලි ගසා තහඩු සෙවිලි කර ඉදි කරන ලද තාවකාලික එකක් බව පොලිසිය සඳහන් කරනවා. පූගනේෂ්වරීගේ දරුවන් දෙදෙනා ඇගේ වැඩිමල් සොයුරියට භර දී තිබෙනවා.
 
ගණිඳු රෝචන සමරතුංග විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකින් උපුටා ගන්නා ලදී
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top