මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක ධාවන වේලාව සංශෝධනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අද සිට සති දෙකක කාලයක් සඳහා අත්හදාබැලීමේ පදනමින් උදෑසන සහ සවස ධාවනය වන සාගරිකා සහ සමුද්‍රදේවි ඇතුලු කාර්යාල දුම්රිය කිහිපයක ධාවන වේලාව මෙලෙස සංශෝධනය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අඹේවෙල සහ පට්ටිපොල අතරදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා මතුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම අද රාත්‍රී බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරී නන්ද කරුණාරත්න සඳහන් කර තිබෙනවා.