ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි පන්ලක්ෂ 74,637ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ පන්ලක්ෂ 13,143ක් ලෙසයි.
ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1271ක්.
ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 59,656ක් ලෙස දැක්වෙනවා.
නව ආසාදිතයින් 37,997ක් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ දහ හතර ලක්ෂ 8485ක් ලෙසයි.
තවදුරටත් වැඩිම කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වන අතර, ගත වූ පැය 24 රේ මරණ 748ක් සමඟ එරට මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 30,106ක් ලෙසයි.
නව ආසාදිතයින් 45,489ක් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27 ලක්ෂ 27,300ක් ලෙස සටහන් වනවා.
නව මරණ 506ක් සමඟ ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 17,410ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව ආසාදිතයින් 18,256ක් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ පන්ලක්ෂ 85,792ක් ලෙසයි.