අනියම් පුරුෂයා බිම වැතිර සිටියදී මිරිස් කුඩූත් දාලා...
රාත්රී එකට තරුණයාව ගෙදරට ගෙන්න ගෙන...
අනියම් පුරුෂයන් දෙදෙනෙක් සිටින බව කියන කාන්තාවක් එක් අනියම් පුරුෂයකු හා එක්ව අනෙක් පුරුෂයාගේ මුහුණට මිරිස් කුඩු තවරා රුපියල් 35,000ක් වටිනා ජංගම දුරකථනයක් සහ රුපියල් 9750ක් පැහැර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දුන්ගාල්පිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම සිද්ධිය ගැන අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙලගහපාර, උතුරුපිටිපන පදිංචි විවාහක කාන්තාවක් හා ශාන්ත නිකුලාපාර මුන්නක්කරය පදිංචි ඇගේ තවත් අනියම් පුරුෂයෙකි. පොලිසියට වාර්තා වී ඇති අන්දමට සිද්ධිය මෙසේය.
පැමිණිලිකරු තෙලගහ පාර, උතුර පිටිපන පදිංචි අයෙක්.
ඔහු සැකකාර කාන්තාවගේ තරමක් වයසැති එක් අනියම් පුරුෂයකු ලෙස හඳුන්වයි. එම තැනැත්තාව සැකකාර අනියම් බිරිය පසුගිය 28දා රාත්රි 12.30ට පමණ නිවෙසට ගෙන්වා ගෙන ඇත. ඔහු කාමරයක දිගාවී නිදා සිටියදී සැකකාරියගේ අනෙක් යෞවන වියේ පසුවන අනියම් සැමියාද රාත්රි 1ට පමණ නිවෙසට එන බව දන්වා ඇත. ඔහුද පැමිණිය පසු සැකකාර කාන්තාව පැමිණිලිකාර අනියම් පුරුෂයා බිම වැතිර සිටියදී ඔහුගේ මුහුණට කලින් සූදානම් කර තිබූ මිරිස් කුඩු තැවැරූ බව පැමිණිල්ලේ සඳහන්ය.
යෞවනයේ පසුවන දෙවැනි අනියම් සැමියා සමඟ එක්ව පැමිණිලිකරු සතු ජංගම දුරකථනයද මුදල්ද පැහැරගෙන ඇත.
දුන්ගාල්පිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීගමුව - නිමන්ති ප්රනාන්දු
මව්බිම