මහජන මුදල් අයතා ලෙස පරිහරණය කිරීමේ වරදට ප්‍රංශයේ හිටපු අගමැති ප්‍රන්ශුවා ෆිලෝන් (François Fillon) හට පස් අවුරුදු සිර දඬුවමක් එරට අධිකරණය මගින් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නඩු විභාගයේදී හෙළිවී ඇත්තේ ප්‍රන්ශුවා ෆිලෝන් ව්‍යාජ රැකියා නිර්මාණය කරමින් තම බිරිඳට හා දරුවන්ට යූරෝ දහස් ගණන් මහජන මුදල් වියදම් කර ඇති බවයි.
එසේම හිටපු අගමැතිවරයාට යූරෝ තුන්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් නියමකර ඇති අතර තවත් වසර දහයක් යන තුරු මැතිවරණ සඳහා තරග කිරීම ද තහනම් කර තිබෙනවා.
ප්‍රන්ශුවා ෆිලෝන් 2012 සිට 2017 දක්වා ප්‍රංශ අගමැතිවරයා ලෙස කටයුතු කළා.