එංගලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී (Black Lives Matter) ලෙස සඳහන් ලාංඡනයක් පැලැඳීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එංගලන්ත පිල සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී මෙම ලාංඡනය තම කමිස කොලරයන්හි පැලැඳීමට කටයුතු යොදා ඇති බව කොදෙව් නායක ජේසන් හෝල්ඩර් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.
එහිදී අදහස් දක්වා තිබූ කොදෙව් නායකයා “මෙම කරුණේදී අපිට කිසියම් කාර්ය භාරයක් සිදු කිරීමේ වගකීමක් ඇති බව තේරුණා. මේ හේතුවෙන් අපි සතු ශක්තියත් සමානාත්මතාවයත් පිළිබිඹු වන අයුරින් එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේදී මෙම ලාංඡනය පැලඳීමට අපි තීරණ කළා.” යනුවෙන් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හමුවේ කල් දමා තිබූ ක්‍රීඩා තරගාවලි කිහිපයක ආරම්භය පසුගිය සති කිහිපය තුළදී වාර්තා වූ අතර එහිදී පාපන්දු ප්‍රිමියර් ලීග් තරගාවලියේදීද අදාල ලාංඡනය ක්‍රීඩකයන් පැලැඳි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර කොදෙව්-එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී අදාළ ලාංඡනය පැලැඳීම වෙනුවෙන් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඉල්ලා තිබූ අතර අයි.සී.සී.ය ඊට අනුමැතිය ලබාදී තිබීමද විශේෂත්වයක්.