Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
30
මිතුරා සමග බිරිඳව යහනේ බෙදාගෙන අවසානයේ ටයර් 28ක් තුළ දැවී ගිහින් වසර 19ක මිතුදම කෙළවර වූ හැටි - Photos

- මිතුරා සමග බිරිඳව යහනේ බෙදාගෙන අවසානයේ ටයර් 28ක් තුළ දැවී ගිහින් වසර 19ක මිතුදම කෙළවර වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,214 Views
යතුරු පැදියකින් රැගෙන විත් උදැල්ලකින් හිසට පහරදීලා....
වසර 19ක් පැරණි මිතුරා අමානුෂිකව මරා දමා ඔහුගේ බිරිඳ සමග ලැඟුම්හලකට ගිහින්.....

දඹුල්ල ඉහල ඇරැවුල ගෝනවැව ප්‍රදේශයේදී ටයර් දමා පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගසිංහ, දඹුල්ල පොලීසියට 30 දින අවසර ලබාදී තිබෙනවා.

මතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.

පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මාතලේ කොට්ඨාසඅපරාධ අංශයේ කණ්ඩායම් නායක පොලිස් පරීක්ෂක එස් .පී .එම් තිලකවර්ධන යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් ප්‍රධාන සැකකරු සිද්ධිය වූ ස්ථානයට රැගෙන ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
 

එම ස්ථානයට ගිය ප්‍රධාන සැකකරු පොලීසියට කියා සිටියේ පළමු දිනයේ තම මිතුරෙකුගේ උදව්වෙන් මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් එදින ඝාතනය කිරීමට නොහැකි වූ බවයි.

මෙම මියගිය පුද්ගලයා යතුරු පැදියකින් රැගෙන විත් උදැල්ලකින් හිසට පහරදී ඝාතනය කොට මිතුරා ගෙනත් දුන් පරණ ටයර් විසි අටක් දමා සිරුරට ගිනි තැබූ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බවත් මෙම මියගිය පුද්ගලයා ද එය දැනගෙන සිටි බවද ඔහුගේ අනුදැනුම මත තිදෙනා එක්ව විකෘති ලිංගික ආශාවන් ඉෂ්ට කිරීම තමා විසින් සිදුකරන ලැබූ බවද සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් පොලිසිය ප්‍රශ්න කරමින් සිටින අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට සූදානම් යන බව පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා වැඩිදුරටත් පොලීසියට සඳහන් කොට ඇත්තේ ඝාතනය වූ තම මිතුරා 2001 වසරේ සිට ඇසුරු කරන අයෙකු බවයි.

ඔහුව ඝාතනය කොට තමන් ඔහුගේ බිරිඳ ළඟට ගොස් ලැගුම්හලක බිරිඳ සමඟ නැවතුණු බවද ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී තමන්ගේ බිරිඳටත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ටත් මෙම මිතුරා ඝාතනය කළ බව දැන් වූයේ යැයිද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

පසුගියදා දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙකු මාතලේ කොට්ඨාශ අපරාධ අංශය මඟින් අත්අඩංගුවටගෙන 29 රාත්‍රියේ දඹුල්ල පොලිසිය වෙත භාර දුන්නා.

දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ කැලෑවක් තුළ ටයර් දමා පුද්ගලයෙකු පුළුස්සා ඇති බව පොලිසිය සොයා ගත්තේ පසුගිය 16 වනදායි.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top