Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 24 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
මව්පදවියට සුදානම් වෙන, රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ අලුත්ම Photo Shoot එක - Photos
රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ නවතම ඡායාරූප පෙළ
මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක
අයිෂ් අතුකෝරාල සිය දියණියගේ දෙවැනි  උපන්දිනය සමරයි - Photos
Jun
30
"උඹ මොකද මෙහේ රිංගුවේ..? - අනේ අපි ගෙදර යමුකෝ සිසිර..." - විවාහක අනියම් පෙම්වතාව උදුරගත්තු වරදට, කුසුම්ලතාව අන්තිම නින්දට යැවූ විජේලතා, අමානුෂික ඝාතනයේ තොරතුරු එකින් එක හෙළි කරයි

- "උඹ මොකද මෙහේ රිංගුවේ..? - අනේ අපි ගෙදර යමුකෝ සිසිර..." - විවාහක අනියම් පෙම්වතාව උදුරගත්තු වරදට, කුසුම්ලතාව අන්තිම නින්දට යැවූ විජේලතා, අමානුෂික ඝාතනයේ තොරතුරු එකින් එක හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,106 Views
"සිසිර මට ගැහැව්වා... ඒකයි මම එහේ ඉඳන් ආවේ.."
 
සිසිරගේ බිරිඳට ලැබුණු නිර්නාමික ලිපියෙන් හෙළි වූ දේ...
 
"මම අද ටිකක් බීලා ඉන්නේ.." - "කමක් නෑ යමු ගෙදර... මා එක්ක.."
 
"උඹ මොකද මෙහේ රිංගුවේ..?"
 
රැකියාවට යාම සඳහා උදේ රැයින් වැසිකිළියට ගොස් නිවසට ඇතුළු වූ කුසුමාවතී හොර රහසේ නිවසට ඇතුළුවී සිටි විජේලතා දැක විමතියට පත්ව ඇසුවා.
 
එයට දීමට විජේලතා ළඟ පිළිතුරක් තිබුණේ නැහැ. පාන්දර යාමයේ හොර රහසින් සිය නිවසට පැමිණ සිය අනියම් පුරුෂයාගේ අනියම් බිරිය ගැන කුසුමාවතීගේ සිතට ඇති වූයේ දැඩි තරහක්.
 
එය වචන-වලට පෙරළීමත් සමඟ දෙදෙනා උච්ච ස්වරයෙන් එකිනෙකාට බැන ගත්තා. අවසානයේ කුසුමාවතී හා විජේලතා අතර ඇති වූ බහින්බස් වීම ගුටි හුවමාරුවක් දක්වා දුර දිග ගියා. කුසුමාවතීට වඩා විජේලතා තරුණයි...

එබැවින් ඇය ශක්ති වන්තයි. විජේලතා එල්ල කළ පහරකින් කුසුමාවතී බිම ඇද වැටුණා. විජේලතා ආපසු යන්නට හැරුණා.
 
එහෙත් කුසුමාවතීගෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ. ඇය බිම වැටී සිටිමින්ම විජේලතාගේ නයිටියෙන් ඇදීම නිසා යළිත් කාන්තාවන් දෙදෙනා අතර ගුටි බැට හුවාමරු වුණා.
 
අවසානයේ කුසුමාවතී ඇඳ මතට වැටුණා. විජේලතා ඇඳෙහි තිබූ කොට්ටයක් ගෙන කුසුමාවතීගේ මුහුණ වසාගෙන සිර කර ගෙන සිටියා. පසුව ඇය අලුයම 5. 45 ට පමණ වෙද්දි කුසුමාවතී සිහිසුන් තත්ත්වයට පත් වූ නිසා විජේලතා සිය නිවෙස බලා පිටත් වුණා.
 
තමා අතින් වරදක් වූ බව වටහා ගත් විජේලතා නිවසේ වහලයේ යටලීයේ සාරියක් එල්ලා සිය දිවි හානිකර ගැනීමට තැත් කළත් පසුව එම තීරණය ඇයව වෙනස් කර ගත්තා.
 
ඒ කෙසේ වෙතත් තවදුරටත් ගමේ විසීම නුසුදුසු බව වටහා ගන්නා විජයලතා අනුරාධපුර, ''දුටුවැව'' ප්‍රදේශයේ පදිංචි ඥාතියෙකු ගේ නිවසට යාමට තීරණය කළා.
 
අවසානයේ සිසිරගෙන් පහර කෑම නිසා ඇති වූ තුවාල වල ලේ පැල්ලම් ද සෝදාගෙන වෙනත් ඇඳුමක් ඇඳගෙන දුටු වැවට යාම සඳහා ගෝණගල්දෙණිය නගරයේ හඳුනන පුද්ගලයෙකුගෙන් රුපියල් 500ක් විජේලතා ඉල්ලා ගන්නා අතර ත්‍රීරෝද රථයකින් රුවන්වැල්ල, නිට්ටඹුව මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි ගල් බැම්ම නැමති ප්‍රදේශයට පැමිණියා.
 
එතැන් පටන් නිට්ටඹුව, කුරුණෑගල, අනුරාධපුර හරහා යන බසයකින් දුටුවැව වසන්තගේ නිවසට ගොස් "සිසිර මට ගැහැව්වා.." යනුවෙන් පවසා තිබෙනවා.
 
මේ අතර නාවලපිටියේ ඥාතියෙකුගේ මළගෙදර ගොස් සිටි කුසුමාවතීගේ ලොකු පුතා වන දිනේෂ් ජූනි මස 12 වැනි දින හපුගස්තැන්න ප්‍රදේශයේ කර්මානත් ශාලාවේ රාජකාරියට යාම සඳහා වහරක පිහිටි නිවසට පැමිණෙන අතර ඊට කලින් සිය මවගේ නිවසට ද ගොඩවන්නට අමතක කළේ නැහැ.
 
ඔහු මවගේ නිවස අසළට එද්දි වෙලාව උදෑසන 7.15 පමණ වී තිබුණත් නිවසේ ඉදිරිපස දොර වසා තිබෙනු ඔහුට දක්නට ලැබුණා. නිවසේ කාමරයක ජනේලයක් හැර තිබෙනු දුටු ඔහු ඉන් නිවසට ඇතුළු වන්නේ දොරට ගසා ප්‍රතිචාරයක් නැති තැනයි.
 
කුස්සිය පැත්තෙහි දොර ද හැර දමා තිබූ අතර අම්මාගේ හැල හොල්මනක් නැති වූවා. දිනේෂ් වහාම කාමරයට ඇතුළු වන්නේ ඇය අසනීප තත්ත්වයකින් පසු වන්නේ දැයි සැකයෙන්. එහෙත් ඔහු දුටුවේ අදහාගත නොහැකි දසුනක්...
 
මව ඇඳක් මත උඩුබැලි අතර වැටී සිටියා. ඇගේ මූණ ඇඳ ඇතිරිල්ලක් වසා තිබෙනවා. මවගේ මුහුණ වසා තිබෙන ඇතිරිල්ල ඉවත් කළ ඔහු මව මිය ගිය බව දුටුවා.
 
දුටු දෙයින් කලබලයට පත් වන දිනේෂ් මවගේ නිවසට මීටර් 70ක් පමණ දුරින් පිහිටි ධම්මිකගේ නිවසට ගොස් සිද්ධීය ගැන දැනුවත් කළා.
 
ඉතාම කෙටි වේලාවකින් මේ සිද්ධීය ගම පුරඑාම පැතිර යන අතර ගමේ කිසිවෙකු විසින් රුවන්වැල්ල පොලිසියට ද දැනුම් දුන්නා. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සුමනපාල මහතා ඇතුළු පිරිසක් මේ ගැන පර්යේෂණ අරඹන්නේ එතැන් සිටයි.
 
අවිස්සාවේල්ල රෝහල වෙත කුසුමාවතීගේ දේහය රැගෙන ගොස් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් දෙන අතර කුසුමලතාගේ දේහයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවුණා.
 
මේ ඝාතනය ගැන විමර්ශන ආරම්භ කළ පොලිසිය අසල්වාසීන්ගෙන්ද කුසුමලතා ගැන ප්‍රකාශ සටහන් කරගත්තා. කුසුම්ලතාගේ ජංගම දුරකථන දත්ත ද පරීක්ෂා කරනු ලැබුවා. අදාළ දුරකථන වාර්තාවට අනුව වැඩිපුර ඇමතුම් ලබා ගත් අංකයක් හමුවුණා.
 
ඒ අංකය සිසිර නම් අයකු ගෙයි. එම දුරකථන අංකයට විශාල ඇමතුම් තොගයක් ගෙන ඇති බවට ඔහුගේ දුරකථන අංකය සමඟ කළ සැසැදීමෙදී තහවුරු වුණා. එමෙන්ම කුසුම්ලතාගේ ජංගම දුරකථනයට එම අංකයෙන් ඇමතුම් ලැබී නැති බවට ද තහවුරු වුණා.
 
පොලිසිය වැඩිදුර සෙවීමේදී රුවන්වැල්ල නිවුනහැල්ල ප්‍රදේශයේ පදිංචි කුසුමලතාගේ ඥාතියෙකු වන සාන්ත නම් අයෙකු ගැන තොරතුරු ලැබුණා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී දුටුවැව ප්‍රදේශයේ විජේලතා සිටි බවට දැනගන්නට ලැබුණා.
 
මේ අතර සාන්ත කුසුමාවතීගේ මරණය සිදු වූ දිනයේම විජේලතා (චූටි අක්කා නමින් ද ඔවුන් හඳුන්වනු ලබයි.) ද ගමෙන් අතුරුදහන් වීම ගමේ අය තුළ සැක මතු කළා.
 
මේ තොරතුරු අනුව පොලිසිය දුටුවැව ප්‍රදේශයට ගොස් තිබුණා. එහෙත් ඇය සොයා ගත නොහැකි වුණා.
 
මේ අතර සැකකාර විජේලතා මෙම මරණය පිළිබඳ ඇය ගැන ඇති සැකය නැති කිරීම සඳහා ගෝණගල්දෙණිය නිවසට 19 වැනි දින සවස පැමිණෙන අතර කුසුමාවතී ඝාතනයට ඇය සැක පිට අත්අඩංගුවට ගන්නේ රුවන්වැල්ල පොලිසියේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි.
 
රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් වහරක ග්‍රාම සේවා වසමේ වැද්දාවල ගමේ විසූ විරියගොඩ ආරච්චිලාගේ කුසුමාවතී යන දෙදරු මව සිය නිවසේ හුදකලාව සිටියදී මරණයට පත් වීම කුතුහලයක් දනවන සිද්ධියක් වුණා.
 
ඇය ඝාතනය කළාද ? නැතිනම් වෙනත් හේතුවකින් මිය ගියාද ? යන සැකය කාටත් ඇති වුණා.
 
කුසුමාවතී මිය යන විට වයස අවුරුදු 50ක්. ඇගේ ස්වාමි පුරුෂයා මීට වසර 15කට පමණ පෙර මිය යාම නිසා කුසුමාවතීත් පුතුන් දෙදෙනාතේ තනි වුණා. කල්යත්ම වැඩිමහල් පුතා දිනේෂෟ විවාහ වී වෙනත් නිවසක පදිංචියට ගියා.
 
බාල පුතා නිවසට වී කාලය ගත කළා.
 
සිය ස්වාමියාගේ වියෝවෙන් ආර්ථික අපහසුතාවලින් පෙළුණු කුසුමාවතී අසළ ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ සිසිර නැමැත්තාගේ වත්තෙහි සේවය කර ඉන් උපයා ගත් මුදලින් ජීවත් වුණා. කාලය මෙසේ ගත වෙද්දි 2010 වර්ෂයේ පමණ සිසිරගේ බිරියට යම් කිසි නිර්නාමික ලිපියක් ලැබුණා. එහි සඳහන්ව තිබුණේ සිසිර හා කුසුමාවතී අතර පවතින අනියම් සම්බන්ධයක් ගැනයි. මේ ලිපියෙන් පසු සිසිරගේ බිරිය සිසිර හා ගැටුම් ඇති කරගත් අතර කුසුමාවතීට සිසිරගේ වත්තේ හි සේවයෙන් ඉවත් වන්නට වුණා.
 
මේ නිසා කුසුමාවතී රන්පොකුණගම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවක් සොයා ගත්තා. නමුත් සිසිර හා කුසුමාවතී අතර සම්බන්ධය පැවතුණා.
 
මේ අතර වැද්දාවල ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි කාන්තාවක් වූ විජේලතා සමඟත් සිසිර සම්බන්ධයක් ඇති කර ගත්තා.
 
විජේලතා දරුවන් සිව් දෙනෙකුගේ මවක් වූ අතර ස්වාමියා විදුලිබල මණ්ඩලයේ සේවය කරනවා. විජයලතා හා පවුලේ අය අරන්දර, අටාල ප්‍රදේශයේ පදිංචිව සිට 2008 වර්ෂයේ ගෝණගල්දෙණිය ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා.
 
පවුලේ අඟ හිගකම් නිසා විජේලතා රැකියාවක් සඳහා විදේශ ගත වන අතර වසර කිහිපයකට පසුව ඇය මෙරටට පැමිණ තිබෙනවා.
 
විදේශගතව සිටියදී විජේලතා එවූ මුදල් සියල්ල ස්වාමිපුරුෂයා වියදම් කර තිබූ අතර ඔවුන් ජිවත් වූ ගෝණගල්දෙණිය නිවස ද මේ වන විට උකස් කර තිබුණා. මේ නිසා 2013 දී විජේලතා සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන් වුණා.
 
ජීවත් වූ නිවස උකසේ නිසා විජේලතා ගෝණගල්දෙණිය ආසන්නයේදීම කුඩා වෙළඳසැලක් ආරම්භ කරන්නේ සිසිරගෙන් රුපියල් පනස් දාහසක් ඉල්ලා ගෙනයි.
 
කාලය මෙසේ ගත වෙද්දි සිසිර හා කුසුමාවතී අතර අනියම් සම්බන්ධයක් පැවැතුණා. සිසිර, විජේලතා හා කුසුමාවතී යන දෙදෙනා සමඟම අනියම් ඇසුරක් ගෙන ගියා.
 
මෙලෙස අනියම් ඇසුරු දෙකකට උරුමකි සිසිර දරුවන් පස් දෙනෙකු ගේ පියෙක් ද වුණා.
 
මෙම මස 10 වැනිදා වැද්දාවල ගමේ දැරියක වැඩිවියට පත්වීම නිමිත්තෙන් රාත්‍රී කාලයේ උත්සවයක් පැවැත්වුණා. ඊට සිසිරව විජේලතාට මෙන්ම කුසුමාවතීට ද ඇරයුම් ලැබී තිබුණා. එහිදී මේ තිදෙනා හමුවන අතර උත්සවෙන් අනතුරුව තිදෙනාම නිවෙස් බලා ගමන් කළා.
 
පසුව විජේලතා සිසිරට තම නිවසට යාමට ඇරයුම් කළා.
 
"අද මම ටිකක් බීලා ඉන්නේ.."
 
එහෙත් සිසිර සිය නිවසට ගෙන්වා ගැනීමට බාධාවක් ඇති වූයේ නැහැ.
 
"අනේ අපේ ගෙදර යමුකෝ.." ලෙසින් ඇය දිගටම පෙරැත්ත කළ ද අවසානයේ තීරණය වූයේ දෙදෙනා එක්ව යාම වෙනුවට විජේලතා ගොස් විනාඩි පහකට පමණ පසුව සිසිර නිවසට යාමයි.
 
නිවසට ගොස් බොහෝ වේලාවක් ගත වුණත් සිසිර තම නිවසට නොපැමිණිම නිසා විජයලතා කෝපයට පත් වන අතර සිසිර විජේලතාගේ නිවසට එන්නේ පැය එක හමාරකට පමණ පසුවයි.
 
එහිදී සිසිර හා විජේලතා අතර ගැටුමක් ඇති වන අතර සිසිර විසින් විජයලතාට පහර දෙන්නට ද වුණා.
 
පසුව සිසිර විජේලතාගේ නිවසින් පිටව ගියා.
 
මේ පිටව යාම හේතුවෙන් දැඩි ලෙස කිපෙන විජේලතාට සිතුනේ සිසිර නැවතත් කුසුමාවතීගේ නිවසට යන්නට ඇති බවයි.
 
ඒ සැකය හේතුවෙන් මධ්‍යම රාත්‍රීයේ කුසුමවාතීගේ නිවෙස අසළට යන විජේලතා පසුදින අලුයම තෙක් කළුවරේ කුසුමාවතීගේ නිවස ආසන්නයේ සැඟවී බලා සිටින්නට වුණා.
 
එදින කුසුමාවතීගේ බාල පුතා වන චාමික, බුලත්කොහුපිටිය, පන්නල ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් සිටි නිසා නිවසේ සිටියේ කුසුමාවතී පමණයි.
 
ලොකු පුතා වන දිනේෂ් ද සිය බිරියගේ ආච්චි කෙනෙකුගේ මළ ගෙදරකට සහභාගි වීම සඳහා ඒ දිනවල නාවලපිටිය ප්‍රදේශයට ගොස් තිබුණා.
 
කුසුමලතාගේ නිවසට ගිය සිසිර එන තෙක් රැකවල්ලාගෙන සිටි විජේලතා මේ සියල්ල සිය වාසියට හරවා ගත්තා.
 
සිසිර එන තෙක් කුසුමාවතීගේ නිවස ආසන්නයේ සැඟව සිටියත් සිසිර විජේලතාට හමු නොවන අතර කුසුමාවතී පිළිබඳව වෛරයක් විජේලතාගේ සිතේ ඇති වන්නට පටන් ගත්තා.
 
මේ කිසිත් නොදත් කුසුමාවතී අලුයම පහයි තිහට පමණ කුස්සිය පැත්තෙහි දොර හැර වැසිකිළියට ගියේ දොර විවිරව තිබියදී යි.
 
ඒ වන විටත් කුසුමාවතීගේ නිවස ආසන්නයේ සැඟව සිටි විජේලතා, සිසිර කුසුමාවතීගේ නිවසේ ඇතැයි යන සැකය මත රහසේම එම නිවෙසට ඇතුළු වුණා. එහෙත් විජේලතාට සිසිර සොයා ගැනීමට හැකි වූයේ නැහැ.
 
වැසිකිළියට ගොස් ආපසු පැමිණි කුසුමාවතී සිය නිවෙස ඇතළේ විජේලතා සිටිනු දුටුවා. ඉන් කිපෙන කුසුමාවතී, විජේලතාට බැන වදින අතර ඇති වූ ගැටුම අවසන් වන්නේ කුසුමාවතී වල පල්ලටත්... විජේලතා හිර ගෙදරටත් යාමෙනුයි.
 
සිසිරගේ ආදරය උදෙසා මරා ගත් කාන්තාවන් දෙදෙනා දෙපැත්තට වෙද්දි සිසිරට දැනෙන්නට ඇති සැනසීම සුළු පටු නොවන්නට ඇති.
 
සැකකාරිය රුවන්වැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ශාමලී වෙදසිංහ මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.
 
ඩබ්ලිව් රෝහණ (මෙම ලිපියේ මාංචු පුවත්පතෙන් උපුටා ගනූ ලැබුවකි.)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top