Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
30
මෛත්‍රීගේ ආරක්ෂක රැස්වීමේදී ISIS ත්‍රස්තයින් දෙදෙනෙකුගේ තොරතුරු හෙළි වූ හැටි මෙන්න - මෙරට තුළ IS මතවාදීන් 100 වැඩි පිරිසක් සිටින බවටත් තොරතුරු

- මෛත්‍රීගේ ආරක්ෂක රැස්වීමේදී ISIS ත්‍රස්තයින් දෙදෙනෙකුගේ තොරතුරු හෙළි වූ හැටි මෙන්න - මෙරට තුළ IS මතවාදීන් 100 වැඩි පිරිසක් සිටින බවටත් තොරතුරුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
ක්‍රියාකාරීන් 28 දෙනෙක් සිරියාවට ගිහින් - 03 දෙනෙක් ගුවන් ප්‍රහාරයකින් මරුට...
 
මව් රටවලට යවා ප්‍රසිද්ධ උත්සවවලට ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක් ගැනත් තොරතුරු...
 
පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් මෙරට තුළ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස් මතවාදි ක්‍රියාකාරකම් පිළිබදව ජනාධිපති ආරක්ෂක අංශය දැනුවත් කර තිබුණද, කිසිදු අවස්ථාවක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය වුණා.

ඒ, ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් ප්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට ජනාධිපතිවරයාට පැවති ආරක්ෂාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.
 
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ සවස සාක්ෂි ලබාදුන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී එස්.ජී. සතරසිංහ මහතායි.
 
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වු ආකාරය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු එහිදී සදහන් කළේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාසික සමාලෝචනයක් පැවති අතර ජනතාව සහභාගි වන විශේෂ උත්සවයකට ජනාධිපතිවරයා සහභාගි වන්නේ නම් මාසික රැස්වීමට අමතරව විශේෂ රැස්වීම්ද පැවැත්වුණු බවයි.
 
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී සාක්ෂිකරුගෙන් විමසුවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තක්සේරු කිරීම සම්බන්ධයෙන් 2019 පෙබරවාරි මස රැස්වීමක් පැවතියේද යන්නයි.
 
එම වසරේ නිදහස් උත්සවයට ප්‍රථම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබාගත් අතර එහිදි රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් සහභාගීව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් නානායක්කාර, ඉරානය සහ ඉරාකයේ අයි.එස්.අයි.එස් සංවිධානය පසුබෑමකට ලක්වි ඇති හෙයින් අයි.එස්. සාමාජිකයන් මව් රටවලට යවා ප්‍රසිද්ධ උත්සවවලට ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක් ඇතැයි ඔහු හෙළිකළ බව සාක්ෂිකරු පැවසුවා.
 
රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එසේ පිටත් කර හැරි දෙදෙනෙකු මෙරට වැල්ලම්පිටියේ සහ දෙහිවල ප්‍රදේශවල සිටින බවයි.
 
එසේම පසුගිය වසරේ පෙබරවාරි 15 වන දින තවත් රැස්වීමක් පැවති අතර එයට රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් සහභාගි වු පොලිස් අධීකාරී ජනක සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකාව තුළ සිටි.
 
අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරීන් 28 දෙනෙක් සිරියාවට පිටව ගොස් ඇති බවත් ඉන් 03 දෙනෙක් ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බවත් දැනුම් දුන්නේ යැයි සාක්ෂිකරු පැවසුවා.
 
මෙරට තුළ අයි.එස්.අයි.එස්. මතවාදව දරන්නන් 100 වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් කොළඹ, මහනුවර සහ මඩකලපුව යන ප්‍රදේශ වල රැඳී සිටින බවත් රාජ්‍ය බුද්ධි නිලධාරියා තමන්ව වැඩිදුරටත් දැනුවත් කළ බව සාක්ෂිකරු කියා සිටියා.
 
කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 12 වෙනි දින මඩකලපුවේ වෙබර් ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයකට සහභාගීවීමට නියමිත වු බැවින් රාජ්‍ය බුද්ධි සේවයෙන් රහස්‍ය තොරතුරු වාර්තාවක් කැඳවු බවයි.
 
හිටපු ජනාධිපතිවරයාට අන්තවාදී හෝ ත්‍රස්වාදී කණ්ඩායමක තර්ජනයක් නොමැති බව එහි සඳහන් වුවද අයි.එස්.අයි.එස් මතවාදය දරන්නගේ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන ලෙස එහි සටහන් වු බව සාක්ෂිකරු කියා සිටියා.
 
එසේම කාත්තන්කුඩියේ ක්‍රියාත්මක ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම් මෙරට නීති පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් අන්‍යාගමිකයන් විවේචනය කිරීමේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කර ඇති අතර ඔහුට අනුගාමිකයන් විශාල පිරිසක් නැඹුරු වී ඇති බව එහි සඳහන් වු බවද සාක්ෂිකරු සඳහන් කළා.
 
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ 2019 අප්‍රේල් 18 වනදා පැවති ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තක්සේරු කිරීමේ රැස්වීමේදි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් විදේශ බුද්ධි අංශයකින් හෝ වෙනත් ක්‍රමයකින් ලැබි තිබු බව රාජ්‍ය බුද්ධි සේවය ජනාධිපති ආරක්ෂයක අංශය දැනුවත් කළේද යන්නයි.
 
සාක්ෂිකරු එහිදී සදහන් කළේ එම රැස්වීමටද රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජනය කරමින් පොලිස් අධිකාරී ජනක සෙනෙවිරත්න මහතා සහභාගි වු අතර ඔහු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වු තොරතුරක් පිළිබද දැනුවත් නොකළ බවයි.
 
කෙසේ වෙතත් එම රැස්වීමෙදි කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මොහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් නැමැති පුද්ගලයෙකු අන්‍යාගමිකයන් ඝාතනය කළ යුතු බවට අනුගාමිකයන් දැනුවත් කරමින් සිටින බවට තොරතුරක් පොලිස් අධිකාරිවරයා විසින් දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.
 
මෙහිදි අතිරේක සොලිසිටි ජනරාල්වරිය යළි විමසා සිටියේ 2018 වසරේ දෙසැම්බර් මස මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සහ 2019 වසරේ ජනවාරි 16 වැනි දින වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිදුවීම අතර සම්බන්ධයක් ඇති බවක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා මෙම රැස්වීමේදි අනාවරණය කළේද යන්නයි.
 
එයට පිළිතුරු දුන් සාක්ෂිකරු සදහන් කළේ එවැනි කිසිදු තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා අප්‍රේල් 18 රැස්වීමේදි අනාවරණය නොකළ බවයි.
 
හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ලේකම්වරයෙක් වූ තස්ලිම් නැමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දැරීමක් හෝ කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරායාමක් පිළිබඳව කරුණු වාර්තා කළේද යන අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යළි විමසූ අතර සාක්ෂිකරු නැත ලෙස පිළිතුරු ලබාදුන්නා.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top