Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
30
"මුන්ට මෙච්චර ඉඩ දෙන්න බෑ.. කොහොමද අපේ කුලයේ කෙල්ලෙක් එක්ක යාළුවෙන්නේ.." - වංශවත් යැයි සැලකෙන තරුණියකට ආදරය කළ, කුල හීන තරුණයෙකු වන කිට්ටුට අත්වූ අනුවේදනීය ඉරණම

- "මුන්ට මෙච්චර ඉඩ දෙන්න බෑ.. කොහොමද අපේ කුලයේ කෙල්ලෙක් එක්ක යාළුවෙන්නේ.." - වංශවත් යැයි සැලකෙන තරුණියකට ආදරය කළ, කුල හීන තරුණයෙකු වන කිට්ටුට අත්වූ අනුවේදනීය ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,728 Views
තරුණියකගේ පියාවත් පාරේදී ඝාතනය කරලා...

දිසාපතිවරයෙකු වන එකම තමා මගේ එකම බලාපොරොත්තුව...

මෙලොව සියලු අයිතීවාසිකම් දිනාගෙන ඇත්තේ, අරගලය හෝ විප්ලව කිරීමෙන්ය. අද වනවිට මාර්ගය ගමනාගමනය සඳහා භාවිත වුව ද අතීතයේදී එය එසේ නොවිය. එය කුල ක්‍රමය පදනම් කරගත් එකක් විය. ඉහළ කුලයේ අයට ඉහළ මාර්ගයත්, පහළ කුලයේ අයට පහළ මාර්ගය යනුවෙන් වෙන්විය. 
පසුකාලීනව එය ජාතීන්ට වෙන වෙනම මාර්ග ලෙස වෙන් වුණ අවස්ථා ද නැතිව නොවේ. සුළුතරයින් හෝ අඩු කුලය යැයි සැලකෙන පිරිසට අධ්‍යාපනය අකැපය. නීතිය හා යුක්තිය ක්‍රියා කරනු ලබන්නේ බහුතරයේ අභිමතය පරිදිය.

මෙවැනි සමාජ පසුබිමක සුළුතරයින් විසින් ආරම්භ කරනු ලබන සියලු අරගල අවසානයේදී පාවාදීමකින් පරාජය වනු ඇත. මෙවැනි වස්තු විෂයක් පාදක කරගෙන නිර්මාණය වූ චිත්‍රපටියයි මාවීරන් කිට්ටු, සූසීන්දරන්ගේ අධ්‍යක්ෂණයෙන් විෂ්ණු විශාල්, ශ්‍රී දිව්‍යා, පාර්තිබන් යන අයගේ රංගනයෙන් තිරගත වූ මාවීරන් කිට්ටු (Maaveeran Kittu) සමාජයේ බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක් විය.

සුළුතරය වෙත සමානාත්මතාවය, මුලික අයිතිවාසිකම් නොලැබෙන විට ඇති වන්නාවූ විරෝධතා, අරගල අවසානයේදී සන්නද්ධ අරගල දක්වා ඇදි යනු ඇත. එම අරගල ඉහතින් සඳහන් කළ පරිදි පාවාදීම්වලින් හෝ කුමන්ත්‍රණවලින් අවසන් වනු ඇත. 

එවැනි අරගලවලින් ජයගැනීමට නම් නිවැරදි නායකත්වය අවශ්‍ය වේ. එවැනි නායකත්වයක් නොලද අරගලවලට ජනාදරයක් ලැබෙයි ද යන්න ප්‍රශ්නාර්ථයකි. නිවැරදි නායකත්වයක් හෝ මෙහෙයවීමක් නොලද ව්‍යාපාර නොමඟ ගිය අයුරු අප බොහෝ සේ දැක ඇත්තෙමු. 

මෙවැනි කුල හීන යැයි සිටින සමාජයකට නායකත්වය ලබා දෙන චින්නරාසුගේ මෙහෙයවීම යටතේ ඉදිරියට යාමට උත්සහ දරන මෙම පිරිසත් ඊට නොයෙකුත් ආකාරයේ හරස් කැපීමට බලා සිටින ඉහළ යැයි සම්මත පිරිස අතර සිදු වන ගැටුමේදී චින්නරාසු ඇතුළු පිරිස ජයලැබුවාද, චින්නරාසුගේ සහයට පැමිණෙන කිට්ටු හෙවත් ක්‍රිෂ්ණමූර්ති සිය ජීවිතය අවදානමේ හෙළමින් සිය කුලයේ පිරිස වෙනුවෙන් කරනු ලබන සටන සම්බන්ධයෙන් සුසීන්දර් ඉතාමත් අලංකාරවත් ලෙස නිරූපණය කර තිබුණා යැයි කීමට හැකිය.

සෑම විප්ලවවාදීයෙකුටම ආදරයක් තිබේ. ආදරයක් නොමැති මනුෂ්‍යයන් මෙලොව නොසිටිය හැක යන්න ද මාගේ මතයයි. හිට්ලර්ට පවා පෙම්වතියක් සිටි බව නොරහසකි. මෙහි ඇති ආදරය සම්බන්ධය ද වෙනස්ම ආකාරයේ එකක් නොවේ. 

සාමාන්‍යයෙන් මෙම වස්තු විෂයට අදාළ චිත්‍රපටිවල දැකීමට හැකි සුලබ ලක්ෂණ මෙම චිත්‍රපටියේද දැකගත හැකි විය. උසස් කුලය නියෝජන කරන ගෝමදි කිට්ටු හට ආදරය කරයි. සාමාන්‍යයෙන් උසස් කුලයේ තරුණියක් පහත් කුලයේ තරුණයෙකුට ආදරය කරන්නේ නම් ප්‍රථමයෙන් ඊට විරුද්ධ වන්නේ ඇයගේ පියාය. නමුත් මෙහිදී එවැනි දෙයක් අපට දැකගැනීමට නොහැකි විය. මන්දයත් ඔහු ඉහළ යැයි සම්මත කුලය නියෝජනය කළ ද සුළුතරයින්ට සියලු අයිතීන් හිමිවිය යුතුය යන මතයේ සිටින බැවිනි. කෙසේ වෙතත් මොවුන්ගේ ප්‍රේමයෙහි අවසානය සුඛාන්ත නොවිය.

ගෝමදීගේ ආදරයට ඇයගේ පිය එකඟ වූවත් එම ග්‍රාමයෙහි සිටින කුලවත් යැයි පවසන පිරිස් ඊට විරුද්ධ විය. එහි අවසන් ප්‍රතිඵලය යන්නේ ඔවුන් අතින් තරුණියගේ පියා ඝාතනයට ලක් වීමයි. අනතුරුව පොලිසිය විසින් කිට්ටුව අත්අඩංගුවට ගනු ලබයි. පොලිස් අත්අඩංගුවේදී දැඩි ලෙස පහරදීම්වලට ලක්වන කිට්ටු එකවරම සිර මැදිරියෙන් අතුරුදන්ව වෙයි. කිට්ටුට අත්වූ අනුවේදීනය ඉරණම කුමක් ද යන්නයි මෙම චිත්‍රපටියේ අවසානය වන්නේ. 

සියලු ප්‍රාණයන් එකයි, එක්වනු අදම... යනුවෙන් පවසා සියලු තරුණ තරුණියන් එක්කරන අධ්‍යක්ෂකවරයා වර්තමානයේ සිටින සියලු තරුණයින්ට ආමන්ත්‍රනය කරනු ලබන්නේ අදටත් ජාති, ආගම්, කුල වශයෙන් භේදවී සිටින සියලු දෙනාටම එක්වෙන ලෙසයි. එම ගීතය හරහා සමස්ථ සමාජයක් වෙත පණිවුඩය රැගෙන යාමට හැකි වූයේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නොදනිමි. 

භේදවී සිටින ජනයා වෙත ඉමාන් ආමන්ත්‍රණය කළ අයුරුද අති ප්‍රශංසනීයයි පසුබිම් සංගීතයේදී ඔහු විසින් එය මනා ලෙස ඔහු සිය සහජ හැකියාව පෙන්වා තිබුණා යැයි කීම නිවැරදි යැයි සිතමි. මෙලෙස භේදවී සිටින ජනයා එක්රැස් කිරීම තරුණ ප්‍රජාව විසින් සිදු කළ යුතු බවට අධ්‍යක්ෂකවරයා විසින් දැඩි විශ්වාසයක සිටින බව මෙම ගීතය හරහා අප හට දැනගත හැකිය. 

මා ද එය දැඩි ලෙස විශ්වාස කරමි. අපගේ කුඩා දූපත තුළ තිබෙන එවැනි භේදීම් ද වත්මන් පරපුරෙන් අවසන් විය යුතුය. නමුත් එය එලෙස අවසන් වීමට ඉඩ නොදි එම බෙදීම තවදුරටත් වර්ධනය කිරීමට අපගේ දේශපාලනඥයින් දැඩි පරිශ්‍රමයක නිතර වෙමින් සිටිති.

මාවීරන් කිට්ටු සම්බන්ධයෙන් කතා කිරීමේදී පාර්තීබන්, විෂ්ණු, සහ ශ්‍රී දිව්‍යාගේ රංගනය ගැන කතා නොකරම බැරිය. කවුරුත් දන්නා පරිදි පාර්තීබන් යනු විශිෂ්ඨ රංගන ශිල්පීයෙකි. තමන් හට ලැබෙන චරිතයට සෑම අවස්ථාවකම සාධාරණයක් ඉටු කරයි. 

මෙහිදී ද ඔහු එය එලෙස ඉටු කර තිබුණේ, පිටපතින් පිටතට නොගොස් අධ්‍යක්ෂකවරයා හට සහය වෙමින්ය. කිසිදු අනවශ්‍ය දෙබසක් අනවශ්‍ය විහිළුවක් ඔහුගේ චරිතයෙන් නිරූපන නොකිරීමට ඔහු වග බලාගත්තේය. 1987 වසරේදී පමණ සිදු වන සිද්ධියක් ලෙසයි මෙම චිත්‍රපටිය රූගත කර තිබුණේ. 

එම කාල පරිච්ඡේදයේදී තරුණ තරුණයින්ගේ ඇඳුම් විලාසිතා, ප්‍රවාහන මාධ්‍ය යන සියල්ලම මනා ලෙස භාවිත කර තිබුණා යැයි කීමට හැකිය. විෂ්ණු සහ දිව්‍යා ද සිය කාර්යය නිසි අයුරින් ඉටු කර තිබු බව අපට දැකගත හැකි විය. මෙහිදී සූරිගේ චරිතය සම්බන්ධයෙන් මතක් කළ යුතුමය ඔහුට එතරම් දැවැන්ත කාර්යය භාර්යයක් හිමි නොවිය. නමුත් තමන්ට ලැබුණ චරිතය මනා ලෙස ඔහු විසින් ඉටු කර තිබුණි. 

අරගලයක් මුදලට පාවා දීමට වඩා ඉන් ඉවත්ව සිටිම වඩා යහපත් බව සූරිගේ එක් ප්‍රකාශයකින් සඳහන් විය. එම ඉතා ප්‍රබල දෙබසක් යැයි සිතමි. බොහෝ අරගල පාවාදීමෙන් හා කුමන්ත්‍රණවලින් අවසන් වන අවස්ථාවක මෙවැනි චරිතයක් අධ්‍යක්ෂකවරයා විසින් ඉස්මතු කිරීම වඩාත් යහපත්ය.
චිත්‍රපටියේ පළමු අර්ධය ඉතා කුතුහලයකින් යුතුව නැරඹුව ද දෙවන අර්ධයේදී එසේ නොවිය. අධ්‍යක්ෂකවරයා විසින් නිසි අවසානයක් සොයාගැනීමට නොහැකිව දෙලොව අතරමං වූ අයුරුත් පැහැදිලිව දැකීමට හැකි විය. 

එම දුර්වලතාවයන් එලෙස තිබුණ ද සමස්ථයක් ලෙස තාරුණ්‍යයේ හදවත්වලට කතා කළ චිත්‍රපටියක් යැයි කීමට හැකිය. විශේෂයෙන් කුලවාදයෙන් පෙළෙන තාරුණ්‍ය වෙත මෙය දැඩි පහරක් එල්ල කළා යැයි සැලකිය හැකිය. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පිරිස් මත දැරුව ද අධ්‍යක්ෂකවරයා විසින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනු ලැබිය. 

එවැනි මතයන් තිබුණ ද වර්තමානයේදී පවා නැවත නැවතත් නැරඹිය හැකි චිත්‍රපටියක් ලෙස මෙය හැඳින්වීමට හැකි බව මාගේ මතයයි.

සටහන - ජෙගන් ගනේෂන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top