Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
30
“එක්කෝ ඇය නායකයාගේ කබාය දා ගනීවි, නැතිනම් සියලුම බලය, ඇතැම් විට ජීවිතයත් නැති විය හැකියි.” - ලොවම කැළඹූ, මිසයිල-වලින් වැඩ පෙන්වූ, උතුරු කොරියානු නායක කිම්ට නොදෙවෙනි සහෝදරියගේ, කවුරුත් නොදන්න කතන්දර කිහිපයක්ම එළියට - Photos

- “එක්කෝ ඇය නායකයාගේ කබාය දා ගනීවි, නැතිනම් සියලුම බලය, ඇතැම් විට ජීවිතයත් නැති විය හැකියි.” - ලොවම කැළඹූ, මිසයිල-වලින් වැඩ පෙන්වූ, උතුරු කොරියානු නායක කිම්ට නොදෙවෙනි සහෝදරියගේ, කවුරුත් නොදන්න කතන්දර කිහිපයක්ම එළියට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58 Views
“මෘදු සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු අවස්ථාවේ වහාම පාසලින් ඉවතට අරන්..”
 
“ඇය වයස තිස් ගණන්වල කාන්තාවක්, උතුරු කොරියාව විශාල බලයක් ලැබෙන තත්ත්වයක් නොවෙයි,”
 
“ඇයට බලපෑම් කිරීමේ වැඩි හැකියාවක් ලැබී ඇත්තේ ඇයගේ සහෝදරයා නිසයි,”
 
පසුගිය වසර කීපය ඇතුළත, කිම් යෝ-ජොන්ග් පියෝන්ග්යෑන් හි විනිවිද නොපෙනෙන බල අධිකාරියේ ප්‍රධාන චරිතයක් වශයෙන් ඉස්මතු වූවාය.
 
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ බාල සොහොයුරිය වන ඇය, ඔහුට සමීප සහ ප්‍රබල පක්ෂපාතීත්වයක් දක්වන එකම සහෝදර සාමාජිකයා ලෙස සැලකෙයි.

කිම් යෝ-ජොන්ග් පළමු වරට ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ 2018 වසරේදීය. ඒ අසල්වැසි දකුණු කොරියාවට පා තැබූ කිම් පරම්පරාවේ පළමු සාමාජිකයා බවට පත්වීමත් සමගය. ඇය, උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක්ව තරග කළ ශීත ඔලිම්පික් උළෙලට සහභාගි වූ නියෝජිතයන් අතරට ද එක් විය.
 
ඉන් අනතුරුව ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික මාවතක් ප්‍රදර්ශනය කළ සිය සොහොයුරා සමග කිම් යෝ-ජොන්ග් කටයුතු කරනු දක්නට ලැබිණි. දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ වඩාත්ම වැදගත් ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වූ අවස්ථාවල ඇය සිය සොහොයුරා සමග විය.
 
යළි 2020 වසරේ අප්‍රේල් මස කිම් ජොන්ග් අන් අසාමාන්‍ය ලෙස මහජන උත්සව වැනි අවස්ථාවල දක්නට නොලැබුණු අවස්ථාවේ ඇය කෙරෙහි නැවත වරක් අවධානය යොමු විය.
 
නායක කිම් අප්‍රේල් මස දක්නට නොලැබීමත් සමග ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු විය. ඔහුගේ අනුප්‍රාප්තිකයා විය හැකි ප්‍රබලයන් අතර ඇයගේ නම ඉහළින් කියවිණි.
 
කිම් යෝ-ජොන්ග්ගේ භූමිකාව පළමුව එකවරම ඉහළට පැමිණියේ 2017 වසරේ ඔක්තෝම්බර් මස ඇය දේශපාලන මණ්ඩලයට උසස් කිරීමත් සමගය. ඊට පෙරාතුව ඇය, ප්‍රචාරක කටයුතු සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් කටයුතු කරන දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළාය. රට වැසියන් අතර සිය සහෝදරයාගේ ප්‍රතිරූපය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ක්‍රියා කරන එම තනතුරේ ඇය තවමත් සිටින බව විශ්වාස කෙරේ.
 
උතුරු කොරියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට වන චෝදනා හේතුවෙන් කිම් යෝ-ජොන්ග්ගේ නම එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් වේ. එබැවින් ඇය සමග ඕනෑම ආකාරයක ගනුදෙනුවක් කිරීම එක්සත් ජනපද පුරවැසියන්ට තහනම්ය. එක්සත් ජනපදයේ තිබෙන ඕනෑම දේපලක් හෝ වත්කමක් රජය භාරයට ගත හැක.
 
උතුරු කොරියාවේ බල යාන්ත්‍රණය තේරුම් ගැනීම අතිශය දුෂ්කරය. එබැවින් කිම් යෝ-ජොන්ග් සතු දේශපාලන ජාලය මිනුම්ගත කිරීම අපහසු කටයුත්තක් වනු ඇත.
 
උතුරු කොරියාවේ බලවත් පක්ෂ ලේකම් සහ කිම් ජොන්ග් අන්ට පසු අණ ක්‍රියාත්මක කළ හැකි චෝයි ර්යොන්ග්-හේගේ පුතු සමග විවාහ වනු ඇති බවට කටකතා පවතී. එය සත්‍යයක් නම් ඇයට සුවිශේෂී තත්වයක් ලැබෙනු ඇත.
 
"ඇය වයස තිස් ගණන්වල කාන්තාවක්, සාමාන්‍යයෙන් උතුරු කොරියාව තුළ විශාල බලයක් ලැබෙන තත්ත්වයක් නොවෙයි, ඇයට බලපෑම් කිරීමේ වැඩි හැකියාවක් ලැබී ඇත්තේ ඇයගේ සහෝදරයා නිසයි," යනුවෙන් NK නිවුස් හි ඔලිවර් හොතම් බීබීසී වෙත කියා සිටියේය.
 
NK නිවුස් පවසන පරිදි මෑත කාලයේ දකුණු කොරියාවට එරෙහිව දැඩි වචන සහිත පණිවුඩ ගණනාවක් ප්‍රකාශයට පත් කළ ඇය කොරියානු රටවල් දෙකේ සබඳතා පිළිබඳ උතුරු කොරියාවේ ප්‍රධාන වගකීම් දරන්නා බවට පත්ව ඇත.
 
කොරියානු රටවල් දෙක අතර පිහිටි යුද මුක්ත කලාපයට හමුදා භටයන් යවන බවට කිම් යෝ-ජොන්ග් ජුනි මස තර්ජනය කළාය. දේශ සීමාවට ඉහළින් උතුරු කොරියානු පාලනයට එරෙහි අත් පත්‍රිකා එවීම නැවැත්වීමට දකුණු කොරියාව අපොහොසත් වී ඇති බව පියෝන්ග්යෑන් පාලනය එහිදී කියා සිටියේය.
 
උතුරු කොරියානු භූමියේ පිහිටා ඇති 'කෙසොන්ග්' දේශ සීමා නගරය ආසන්නයේ ඇති උතුරු සහ දකුණු කොරියානු රටවල සබඳතා කාර්යාලය "කඩා වැටෙනු" ඇති බවට ඇය අනතුරු ඇඟවීය. 2019 මාර්තු මස උතුරු කොරියාව එම කාර්යාලයෙන් ඉවත් වී තිබිණි.
 
දින කීපයකට පසු ජුනි 16 වෙනිදා 'කෙසොන්ග්' දෙසින් විශාල පිපිරුම් ශබ්දයක් අසන්නට ලැබුණු අතර ඒ දෙසින් දුම්වලා අහසට නැගෙනු දර්ශනය විය. දකුණු කොරියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන අටක පමණ මුදලක් ලබා දී ප්‍රතිසංස්කරණය කෙරුණු ගොඩනැගිල්ල පුපුරවා හැර ඇති බව සෝල් අගනුවර බලධාරීහු තහවුරු කළහ.
 
කිම් ජොන්ග් අන්ගේ අනුප්‍රාප්තිකයා සෙවීමට අවශ්‍ය වුවහොත් පවුල් සබඳතා අතිශය වැදගත් වනු ඇත.
 
උතුරු කොරියාවේ ප්‍රචාරණ සහ දේශපාලන පුරාණය දශක ගණනාවක් පුරා රැඳී ඇත්තේ කිම් පවුලේ ලේ උරුමය මතයි. 'පඑක්ටු' ලෙස හඳුන්වන එම ලේ පරපුර උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල්-සුන්ග් දක්වා දිව යයි. කිම් ජොන්ග් අන්ට දරුවන් සිටින බව විශ්වාස කෙරෙන නමුත් ඔවුන් ලාබාල වයසේ පසුවෙතැයි පැවසේ.
 
කිම් යෝ-ජොන්ග් එම ලේ පරපුරේ සාමාජිකයෙකු බැවින් ඇයගේ අතට බලය හුවමාරු වීම සාධාරණීරණය කිරීම රාජ්‍ය මාධ්‍යවලට පහසු වනු ඇත. නමුත් ඇය ඒ සඳහා තෝරා ගනු නොලැබුනොත් ලේ පරපුරේ උරුමය නිසා ඕනෑම අලුත් නායකයෙකු ඇය භයානක ප්‍රතිවාදියෙකු ලෙස සැලකීමට ඉඩ තිබේ.
 
"කිම් පවුලේ වෙනත් සාමාජිකයෙකු මුල් පුටුවට ආවොත් ඇරෙන්න, ඇයට අන් සියල්ල පහසු වනු ඇත," සෝල් අගනුවර කූක්මින් විශ්වවිද්‍යාලයේ ෆ්යෝඩෝ ටර්ටිට්ස්කි පවසයි.
 
"එක්කෝ ඇය නායකයාගේ කබාය දා ගනීවි, නැතිනම් සියලුම බලය, ඇතැම් විට ජීවිතයත් නැති විය හැකියි."
 
කිම් යෝ-ජොන්ග් හිටපු නායක කිම් ජොන්ග් ඉල්ගේ බාලම දියණියයි. ඇය සහ කිම් ජොන්ග් අන්, කිම් ජොන්ග් චොල් යන සහෝදරයන් උපත ලබා ඇත්තේ එකම මවකගෙනි.
 
1987 වසරේ උපත ලද ඇය සිය සහෝදරයා වන කිම් ජොන්ග් අන්ට වඩා අවුරුදු හතරකින් බාලය. එකම කාලයක දෙදෙනාම ස්විට්සර්ලන්තයේ වෙසෙමින් අධ්‍යාපනය ලබා ඇත.
 
ස්විට්සර්ලන්ත පාසල් බලධාරීහු පවසන පරිදි කිම් පවුලේ මිත්‍ර ආරක්ෂකයන් සහ භාරකරුවන් ඇයට අධි ආරක්ෂාවක් ලබා දී ඇත. වරෙක ඇයට මෘදු සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු අවස්ථාවේ වහාම පාසලින් ඉවතට රැගෙන ගොස් රෝහල් ගත කෙරුණු බව වාර්තා වේ.
 
දැඩි රැකවල් මැද හැදී වැඩුණු ඇය සමග කිම් පවුලේ වැඩි දෙනෙකු එතරම් සබඳතා පවත්වා නොමැති බව වාර්තාවල සඳහන් වේ.
 
2014 වසරේ සිට කිම් යෝ-ජොන්ග්ගේ ප්‍රධාන කාර්යභාර්ය වූයේ පක්ෂයේ ප්‍රචාරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරක් දරමින් සිය සහෝදරයාගේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමය.
 
ඇය තවදුරටත් ප්‍රචාරණ කටයුතු කෙරෙහි ප්‍රධාන වශයෙන් කටයුතු කළත් 2017 වසරේදී ඇය දේශපාලන මණ්ඩලයට ඔසවා තැබීම මගින් පෙන්නුම් කරන්නේ එය ජ්‍යෙෂ්ඨත්වය සම්බන්ධයෙන් කළ වෙනසක් වශයෙනි.
 
කිම් ජොන්ග් අන්ගේ මහජන හමු සහ කටයුතු සියල්ල ඇය විසින් කළමනාකරණය කරනු ලබන බව පැවසේ. එමෙන්ම ඇය ඔහුගේ දේශපාලන උපදේශිකාවක් ලෙස ද කටයුතු කරයි.
 
2019 වසරේ හැනොයි අගනුවර පැවති සමුළුවේදී එක්සත් ජනපදය සමග එකඟතාවකට පැමිණීමට අපොහොසත් වීමත් සමග දේශපාලන මණ්ඩලයේ ඇය දැරූ තනතුර අහිමි වූ බව විශ්වාස කෙරේ. 2020 ආරම්භයේ නැවතත් ඇය එම මණ්ඩලයට පත් කරනු ලැබ ඇත.
 
උතුරු කොරියාවේ මීළඟ නායකයා කවුරුන් විය හැකිද?
 
2014 ට පෙර ඇය කෙරෙහි අවධානය යොමු වූයේ 2011 වසරේදී පියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ අවස්ථාවේ සහ 2014 වසරේ පැවති ඇයගේ සහෝදරයාගේ මැතිවරණයේදීය. කලාතුරකින් ඇය සිය සහෝදරයා සමග සිටින අයුරු දැක්වෙන ඡායාරූප රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.
 
එහෙත් ඇය නායකත්වය සඳහා සූදානම් කිරීම කිම් ජොන්ග් ඉල්ගේ සෞඛ්‍ය පිරිහීමත් සමග ආරම්භ වූ අනුප්‍රාප්තිකයෙකු පිළිබඳ සැලසුම, එනම් 2008 තරම් ඈත කාලයක් දක්වා දිව යතැයි විශ්වාස කෙරේ.
 
කිම් ජොන්ග් අන් පිළිබඳ අවිනිශ්චිත බවක් මතුවන සෑම විටකදීම සිය සහෝදරයාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ඇය නායකත්වයට පත් විය හැකි බවට වන අදහස ඉස්මතු වෙයි.
 
2020 අප්‍රේල් මස හා සමානව 2014 වසරේදී කිම් ජොන්ග් අන් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අවස්ථාවේ ද ඒ හා සමාන කටකතා පැවතිනි. පසුව සැරයටියක් අතැතිව යළි මහජනයා ඉදිරියේ පෙනී සිටි ඔහු වෙතින් සෑහෙන මට්ටමේ සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කෙරිණි.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම - BBC සිංහල


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top